"අවම බලය...." බලන්න ඒක කොච්චර ලස්සන වචනයක් ද?ඒ වචනයට අනුව මොකක්හරි දෙයක් බොහොම සාමකාමීව ශේප් එකේ විසඳුව කියන හැඟීමක් එනවා.2012 වැලිකඩදිත් අවම බලය පාවිච්ච් කරද්දි 27ක් සිරකරුවො මැරෙනවා.2020 මහර බන්ධනාගාරයදි අවම බලය පාවිච්චි කරද්දි 10ක් පමණ මිය යනවා.තව 70කට අධික පිරිසක් තුවාල ලබනවා.නිරායුධ සිරකරුවො පිරිසක් පාලනය කරන්න හිමිවෙන අවම බලය එහෙම එකක්. ඊට පස්සෙ හිතෙනව එහෙම අවම බලයක් පාවිච්චි කළාට කමක් නැද්ද කියල.කාගෙන් හරි ඇහුවොත් කියන්නෙ, "ඔහොමහරි මරල දාපු එක හොඳයි.නිකං මොකටද ඕකුන්ට කන්න දිදි තියාගන්නෙ.අනික උන් තමයි මේ රටේ පොඩි උන්ට කුඩු දීල උන්ගෙ ඔලු කන්නෙ." අවම බලය ගැන සිංහල බෞද්ධ කෙනෙක්ගෙන් ඇහුවත් උත්තරය ඕකයි.අංගුලිමාලගෙ කතා එයාලට වැඩක් නෑ.බෞද්ධ,ක්‍රිස්තියානි,හින්දු ඔය මොන ආගමක උනත් තියන දර්ශනය මෛත්‍රිය උනාට සමාජයට එද් දී පොරක් වෙන්නෙ "මං හිටියනම් ඕකට හිරේ ගිහින් චූන් එකෙ ඉන්න අතක් පයක් ඉතුරු කරන්නෙ නෑ" වගේ දෙයක් කිව්වොත් නේද? තවත් අමතක වෙන දෙයක් තියනවා.සැකකරුවො විදිහට ඉන්න සිරකරුවො ඇතුළු සිරකරුවො මරන රජයේ සන්නද්ධ අංශවල සෑම බයිනෙත්තුවකින්ම පිටවෙන සෑම පතුරොමක්ම ...