අපි ගොඩක් වෙලාවට හිතනවා අපිට මාර වැඩ කරන්න මාර දේවල් කරන්න ඕනි.මාර දේවල් අපි ගාව තියෙන්නොනි කියල.ඒත් My Name Is Khan චිත්රපටිය බැලුවම අපි විශ්වාස කරපු දේවල් එළියට දාලා අලුතින් දේවල් හිතන්න ගන්න වෙනවා.
පළවෙනිම දේ තමයි අපි විශ්වාස කරන ජාතිය කියල දෙයක් තියනවාද කියන ප්රශ්නය.චිත්රපටයේ පුරාවට අපෙන් අහන්නෙ ඇයි මෙහෙම බෙදීමක් ඇති කරගත්තෙ කියල.ඇමරිකාව කියන්නෙ ලෝකයෙ යුධමය බලය වැඩිම රට උනත් ඇමරිකාවෙ ලෝක වෙළඳ මධ්යස්ථානයට ප්රහාරයක් එල්ල වෙනවා.ඒ සමඟ ප්රහාරයෙන් ඇති උන භීතිය නිසාම ඇමරිකාවේ මාර නියම පුරවැසියෝ ටිකක් ඉන්නව කියල අපි හිතාගෙන ඉන්න රටෙත් මුස්ලිම් විරෝධී ප්රචන්ඩත්වයක් ඇති වෙනවා.කඩ කුඩු කරනවා,හිජාබ් ගළවනවා වගේ එක එක විදිහට ප්රචණ්ඩත්වය එළියට එනවා.ඛාන්ටත්(ශාරුක් ඛාන්) මෙ පීඩාව එල්ලවෙන්නෙ තමන්ගෙ දරුව හරහා.තවත් දරුවන් පිරිසක් ඛාන්ගෙ දරුව ඝාතනය කරනවා.තියරිය හරි සරලයි සම්ප්රදායිකයි.කෙනෙකු මගෙ කෙනෙක් ඝාතනය කළහොත් මාත් ඔහුගෙ අයෙකු ඝාතනය කළයුතුයි.තමාගෙ දරුවා ඝාතනය වීම නිසා කතාවෙ මුඛ්ය චරිතය වෙච්චි ඛාන්ගෙ බිරිඳ(කාජල්) මන්දිරා(ඇය මුස්ලිම් නොවේ) ඛාන්ගෙන් අයින් වෙනවා.ඇය කියනවා ඛාන් කෙරෙහි තමන්ගෙ හිතෙ තියන වෛරය අයින් කරගන්නනම් ඇමරිකාවෙ ජනාධිපතිවරයාව හම්බෙල තමන් ත්රස්තවාදියෙක් නෙවෙයි කියල ජනාධිපතිට කියන්න කියල.ඒක සරල කෝපයක් නිසා කියන දෙයක්.එයා මන්දිරාට තියෙන ආදරේ හින්දම ඒ වැඩේ කරන්න පටන් ගන්නවා.එහෙම වැඩක් පටන් ගන්නෙම දේවල් සීරියස් ගන්න බැරි මනෝ ව්යාධියක් තියෙන නිසාම වෙන්න ඇති.ඔහු අන්තිම දක්වාම කියන්නෙ එකම දෙයයි.තමාගෙ මුස්ලිම් වාසගම සමඟ පවතින එදිරිවාදී බව අත්හැර ගන්නා කියලයි.ඔහු චිත්රපටිය පුරාවට නිරන්තරයෙන් කියන්නෙ එක දෙබසයි.ජනාධිපතිවරයා ඉදිරියෙ එම දෙබස පුනරුච්චාරණය කිරිමෙන් ඔහු කියන දේ මාධ්ය ඇතුළෙ විශ්වීය සංකේතයක් බවට පත් වෙනවා.
"My name is khan.I am not a terrorist."
"මගේ නම ඛාන්.මං ත්රස්තවාදියෙක් නෙවෙයි"
දෙවෙනි කතාව තමයි නිරෝගි සාමාන්ය මනුස්සයෙක්ට වඩා ඇත්තටම දෙයක් වෙනස කරන්න පුලවන් පිස්සෙක්ට කියන කතාව.ඛාන් උපතින්ම ආබාධකින් පෙළෙනවා.ඔහුට මනෝව්යාධි තත්වයකුත් උපතින්ම තියනවා.ඒත් තමන්ගෙ බිරිඳගෙ අනවශ්යය,හිස් ඉල්ලීම(ජානාධිපති හමුවීම) පස්සෙ පන්නන් පුලුවන් පිස්සෙක්ටම විතරයි.නැත්තන් සුරංගනා කතාවල කුමාරයෙක්ට විතරයි.ඔහුට ඒ පිස්සුව අස්සෙ හම්බෙන්න දේවල් ගොඩයි.ජනාධිපතිවරයාව හමුවෙන්නෙ නිල ක්රමයක් භාවිතා නොකර ජනාධිපතිවරයව ලුහුබඳින අතර නොයෙක් විදිහෙ මිනිස්සු ඔහුට හම්බෙනවා.එහෙම ඇති උන බැඳිමක් නිසා තමන් අඳුරන පවුලක දරුවෙක්ට උදව් කරන්න ගිහින් මාධ්ය ඇතුළෙ ඔහු වීරයෙක වෙනවා.එච්චර මානව කරුණාවක් දරන්න පුලුවන් පිස්සෙක්ටම විතරයි.ඔහුට ජනාධිපතිවරයාව හම්බෙන්න අවස්ථාව හම්බෙන්නෙත් ඒ නිසාමයි.ඔහු අවාසාන වශයෙන් ඇමරිකානු මාධ්ය ඇතුළෙ තමන්ගෙ ශරීරය විශ්වීය(නිර්-ජාතිවාදී) තැනක පිහිටවනවා වගෙම ඒ තුළින් තමන්ගෙ ශරීරය වැඩවසම් වර්ගවාදයෙන් තොර විශ්වයක් උදෙසා සංකේතකරණය කරනවා.සරලවම ඛාන් නිර්ජාතිවාදි සංකේතයක් බවට පත් වෙනවා.මොකද ඔහු තමන්ගෙ බිරිඳට තියෙන ආදරේට රටේ නායකයව හොයාගෙන එනවා ඔහු ත්රස්තවාදියෙක් නෙවෙයි කියන්න.එහෙම ආදර බර පෙළහරක් ගතානුගතික ලෝකය ඇතුළෙ කරන්න පුලුවන් ඛාන් වගේ සාමාන්ය නොවන පිස්සෙක්ට විතරයි.මේ පිස්සාගෙ කතාව තමයි My Name Is Khan කියන්නෙ.ඛාන් කියන්නෙ හිස්කම එක්ක වැඩ කරපු හිස්කම ඇතුලෙ හිස්කමට අර්ථයක් ගෙනාපු පිස්සෙක්!
අපිටත් අද අවශ්ය කිසිවක් බලාපොරොත්තු නොවි තමන් විශ්වාස කරන ශිෂ්ට සිහිනයක්(මන්දිරාගෙ ආදරේ)උදෙස එහි පතුළටම යන හිස්කම ඇතුළෙ හැදුන පිස්සො ටිකක්.අනික් අතට මතක තියාගන්න ඕනි දේ තමයි අද අපි පිස්සෙක් කියල විශ්වාස කරන මිනිහෙක් පස්සෙ,මුළු මානව ශිෂ්ටාචාරයටම පස්සේන් යන්න වෙන දවසක් එන්නත් පුලුවන් කියල.
ඉසුරු උදාකර යකන්දාවල
2019 / 12 / 01

Comments
Post a Comment