Skip to main content

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි....

මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි.

ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස මැදපෙරදිග ලෝකය හඳුනාගන්නා ලද්දෙ ආගම ප්‍රමුඛ කරගත් වැඩවසම් තර්කන ව්‍යාපෘතියකි.එය කෙතරම් මුග්ද හා තිරස්චීන වුවද ධනවාදයට එරෙහි ඵෙතිහාසික ක්‍රියාමාර්ගයක් මෙන්ම භීෂණකාරී අධිරාජ්‍යවාදයට පිළිතුරකි.නමුත් එය අද දවසේ ද ක්‍රියාත්මක වන්නෙ ධනවාදයටම විරුද්ධව වුවද ඊට වඩා විශාල හා පෙර කියන ලද මරණීය ආශය පෙරටු කරගත් භීෂණකාරී ම්ලේච්ඡ මාර්ගයකය.නමුත් ඔවුන් අපට උරුම නොවු අධිරාජ්‍යවාදය හා ධනවාදය ප්‍රශ්න කිරිමේ උරුමය සිය හිස මත දරා සිටියි.

ලාංකීය සමාජයට පැමිණිමේදී මහා ජාතිය විසින් සුලු ජාතිය පාගා දැමීම් හා මැදපෙරදිග ප්‍රති-ධනාවාදි නමුත් ආගම්වාදි උරුමයක් ලෙස අන්තවාදය පැමිණේ.නමුත් එය අධිරාජ්‍යවාදී හිංස⁣නයෙ තුළින්ම ගොඬනන්වන ලද ආගමික වියරුවක් බව මඟහැර නොයාහැකි න්‍යයික කරුණකි.ස්ලැවොයි ජිජැක් නමැති ස්⁣ලොවෙනියානු දාර්ශනිකයා ධනවාදයට එරෙහි කැරලිකාරිත්වය මැදපෙරදිග පවතින බව පවසන්නෙ එහෙයිනි.මේකි තත්වයක් තුල රටම අවුලන භීෂණය ලාංකීය සමාජ දේහයට එන්නත් විය.මෙකි හිංසනය තුළින් පැන නැඟි ආගම සමඟ වැඩවසම් ආකෘතියකින් සපැමිණෙන භීෂණයක් නවත්වන මාර්ගය මර්දනමය බව ධනවාදී සමාජ අඛ්‍යානකරණයේ මිත්‍යාවක්ම පමණි.

මන්ද,පෙර කියන ලද මරණිය ආශාව හා සිහි විසංඥ කරවන ධනවාදයේ පුනර්නිර්මාණකරණය තුළ(වෙනස් කිරීම හා මානසික පීඩන mental depression) තුළ බිහි වූ ඕනෑම මිනිසෙකු (මැදපෙරදිග හෝ ලාංකීය හෝ ඕනෑම වාර්ගික/ජාතිකයෙකු) මර්දනය තුළින් මරා දැමිය හැකි වුවද දඬුවම් කළ හැකි උව ද හෙටද අනිද්දාද ඊළඟ වර්ෂයේද ශීෂ්ටාචාරය පවතින තුරාද භීෂණය පතුරවනු ලැබීම අනිවාර්යය.කිනම් පාර්ශවයක උවද ජිවිත සංහාරය ශිෂ්ටචාරය පුරවට පවතිනු ඇත.මෙයින් මිදීමට ඇති පිළිතුරක් නොවුනද දාර්ශනික ආධාරකයක් දේශපාලන විද්‍යාත්මක හා න්‍යායික එක් සිද්ධානත්ය තුළින් පෙන්වාදිය හැකිය.එනම් නුතන දේශපාලන විද්‍යාවේ ගැටුම් නිරාකරණය නැමැති විෂයේ පියවරයන්ගෙ අවසාන පියවර වන ගැටුම් වැළක්වීමට හා යළි ඇති නොවන ලෙස පියවර ගැනීමයි.එනම් වරදක් සඳහා දඬුවම් කිරීම අනිවාර්ය මෙන්ම ඒකි මරණීය ආශයෙන් හා ආගම්වාදි ප්‍රති-ධනවදී සංස්කෘතියකින් බිහිවන ධනවාදයේ හිස් තැන හඳුනාගෙන එයට පිළිතුරු සැපයීමයි.

ඉසුරු උදාකර යකන්දාවල 
2019 / 04 / 23

Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ශාස්ත්‍රීය අධ්‍යාපනයේ උගුල?

බණ්ඩ (Waruna Priyan Bandara) මේ පෞද්ගලික අර්ථයෙන් කියන්න හදන අදහස ඇතුළෙ ටෙක්නිකල් ගැටලුවක් තියනවා. මේකෙ කියන විදිහට ලංකාවෙ ගොඩක් දෙනෙක් අධ්‍යාපනය ලබන්නෙ එයාලගෙ ආසාවෙන් කියන පූර්ව විනිශ්චනයක ඉඳල. ඒත් ගොඩක් අය ලංකාව වගේ රටක අධ්‍යාපනය ලබන්නෙ තමන්ගෙ සමාජ මට්ටටම වැඩි කරගෙන සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන්. හැබැයි සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන් ලෝකයෙ ම ගත්ත ම විශ්වවිද්‍යාලවල ගිහින් සෑහෙන්න ඉගෙන ගෙන සල්ලි මාර විදිහට හම්බකරනවා කියන එක කරන්න අමාරු වැඩක්. මාර විදිහට සල්ලි හම්බ කරන්න ඕනි අය ඒක කරන්නෙ නෑ. ලංකාව ඇතුළෙ ගොඩක් වෙලාවට වෙන්නෙ ලංකාවේ නොමිලෙ අධ්‍යාපනය ලබා දෙන නිසාත්, ඒක විශ්වවිද්‍යාලය දක්වා තියන නිසාත් විශ්වවිද්‍යාල දක්වා ම ඉගෙන ගෙන ඔහේ එනවා.  එහෙම නැතුව අධ්‍යාපනයට ආසාවක් හරි, ශාස්ත්‍රීය ගවේෂණයක් නෑ. මේ නිසා ⁣වෘත්තීය පුහුණවක් වගේ දෙයක් එක්ක ඉක්මනින් රැකියි ක්ෂේත්‍රයට එන්න ඕනි අය දහස් ගණනක් නිකරුණෙ තමන් ආස නැති ශාස්ත්‍රීය ක්ෂේත්‍රවලට ඇවිල්ල තදබදයක් ඇතිවෙලා තියෙන්නෙ. මේක හරියට, අධ්‍යාපන ක්‍රමය ආර්ථිකය එක්ක ගැට ගහපු දවසට බහුතරයක් වෘත්තීය හා කර්මාන්ත අධ්‍යාපනයක් අරගෙන රැකියා ආර්ථිකයට...

ලොකුයි නේද?

සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල විවාහය කියන්නෙ සෑහෙන්න තරමක ඇල් මැරුණු සම්බන්ධයක්. සජීවී බව රැක ගැනීම, මනුෂ්‍යය බැදීමක උණුසුම රැක ගන්න සැලසුමක් ඒ ඇතුළෙ නෑ. බොහෝ විට තමන් ප්ලෑන් කරපු භෞතික දේවල් කීපයක් පස්සෙ දුවන්න හරි, අච්චුවකට වැටුණු ලයිෆ් ස්ටයිල් එකකට දුවන එක ඇරෙන්න සතුට ගැන, ට්‍රිප් එකක් ගැන, ඩේ අවුට් එකක් ගැන සැලසුමක් විවාහ සැලසුමක් ඇතුළෙ නෑ. නෙළුම් කුළුණ ෆිල්ම් එකේ පෙන්නන්නෙ මැරුණු පිරිමියෙක්ගෙ ලිංගික උත්තේජනයක් මිසක් ජීවත් වෙන මනුස්සයෙක් ගැන නෙවෙයි. ඇත්තට ම, සජීවි මනුස්සයෙක් ගත්ත ම ඒකේ යථාර්ථය මේ ලේලීල දෙන්න කතා කරනව වගේ දෙයක්. ⁣ජීව විද්‍යාත්මක විදහට නෙවෙයි මානසිකවත් විවාහක පිරිමියා බෙලහීනයි. කම්මැලි කුසීත අච්චුවෙච්චි ජීවන රටාව ඇතුළෙ පිරිමි සහ ගැහැණු බෙලහීනයි. විනෝදයෙන් විනිර්මුක්තයි. නෙළුම් කුළුණ අපිට පවසන්නේ ලංකාව වගේ කම්මැලි ජීවන රටාවක් හිමි වුණ සමාජයක මිය ගිය පිරිමියෙක් හැර ජීවත් වෙන ප්‍රාණවත් පිරිමින් නැති බවයි. පැරණි ආකෘතියෙන් මිදිල විනෝදකාමී පවුල් ආකෘතියක් ලංකාවට අවශ්‍ය වෙලා තියෙනවා. එතකන් මැරුණු පිරිමින්ගේ ප්‍රාණවත් උන පුරුෂ ලිංග ගැන කතා කර කර ම ඉන්න වෙනව අපිට.  ඉසුරු උදා...