Skip to main content

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි....

මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි.

ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස මැදපෙරදිග ලෝකය හඳුනාගන්නා ලද්දෙ ආගම ප්‍රමුඛ කරගත් වැඩවසම් තර්කන ව්‍යාපෘතියකි.එය කෙතරම් මුග්ද හා තිරස්චීන වුවද ධනවාදයට එරෙහි ඵෙතිහාසික ක්‍රියාමාර්ගයක් මෙන්ම භීෂණකාරී අධිරාජ්‍යවාදයට පිළිතුරකි.නමුත් එය අද දවසේ ද ක්‍රියාත්මක වන්නෙ ධනවාදයටම විරුද්ධව වුවද ඊට වඩා විශාල හා පෙර කියන ලද මරණීය ආශය පෙරටු කරගත් භීෂණකාරී ම්ලේච්ඡ මාර්ගයකය.නමුත් ඔවුන් අපට උරුම නොවු අධිරාජ්‍යවාදය හා ධනවාදය ප්‍රශ්න කිරිමේ උරුමය සිය හිස මත දරා සිටියි.

ලාංකීය සමාජයට පැමිණිමේදී මහා ජාතිය විසින් සුලු ජාතිය පාගා දැමීම් හා මැදපෙරදිග ප්‍රති-ධනාවාදි නමුත් ආගම්වාදි උරුමයක් ලෙස අන්තවාදය පැමිණේ.නමුත් එය අධිරාජ්‍යවාදී හිංස⁣නයෙ තුළින්ම ගොඬනන්වන ලද ආගමික වියරුවක් බව මඟහැර නොයාහැකි න්‍යයික කරුණකි.ස්ලැවොයි ජිජැක් නමැති ස්⁣ලොවෙනියානු දාර්ශනිකයා ධනවාදයට එරෙහි කැරලිකාරිත්වය මැදපෙරදිග පවතින බව පවසන්නෙ එහෙයිනි.මේකි තත්වයක් තුල රටම අවුලන භීෂණය ලාංකීය සමාජ දේහයට එන්නත් විය.මෙකි හිංසනය තුළින් පැන නැඟි ආගම සමඟ වැඩවසම් ආකෘතියකින් සපැමිණෙන භීෂණයක් නවත්වන මාර්ගය මර්දනමය බව ධනවාදී සමාජ අඛ්‍යානකරණයේ මිත්‍යාවක්ම පමණි.

මන්ද,පෙර කියන ලද මරණිය ආශාව හා සිහි විසංඥ කරවන ධනවාදයේ පුනර්නිර්මාණකරණය තුළ(වෙනස් කිරීම හා මානසික පීඩන mental depression) තුළ බිහි වූ ඕනෑම මිනිසෙකු (මැදපෙරදිග හෝ ලාංකීය හෝ ඕනෑම වාර්ගික/ජාතිකයෙකු) මර්දනය තුළින් මරා දැමිය හැකි වුවද දඬුවම් කළ හැකි උව ද හෙටද අනිද්දාද ඊළඟ වර්ෂයේද ශීෂ්ටාචාරය පවතින තුරාද භීෂණය පතුරවනු ලැබීම අනිවාර්යය.කිනම් පාර්ශවයක උවද ජිවිත සංහාරය ශිෂ්ටචාරය පුරවට පවතිනු ඇත.මෙයින් මිදීමට ඇති පිළිතුරක් නොවුනද දාර්ශනික ආධාරකයක් දේශපාලන විද්‍යාත්මක හා න්‍යායික එක් සිද්ධානත්ය තුළින් පෙන්වාදිය හැකිය.එනම් නුතන දේශපාලන විද්‍යාවේ ගැටුම් නිරාකරණය නැමැති විෂයේ පියවරයන්ගෙ අවසාන පියවර වන ගැටුම් වැළක්වීමට හා යළි ඇති නොවන ලෙස පියවර ගැනීමයි.එනම් වරදක් සඳහා දඬුවම් කිරීම අනිවාර්ය මෙන්ම ඒකි මරණීය ආශයෙන් හා ආගම්වාදි ප්‍රති-ධනවදී සංස්කෘතියකින් බිහිවන ධනවාදයේ හිස් තැන හඳුනාගෙන එයට පිළිතුරු සැපයීමයි.

ඉසුරු උදාකර යකන්දාවල 
2019 / 04 / 23

Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි. දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි...