Skip to main content

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය

ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි.

දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි.එය මාක්වාදි දර්ශනයට අනුව බුලට් තුඩින් ඔළු කුඩු කරන,දරුවන් දූෂනය කරන,අනුන් මෙන්ම තමන්ද හුවමාරු වටිනාකමකට විකිණෙන ධනවාදී ම්ලේච්ඡ සමාජය සමඟ තම ආත්මය ඇති කරගන්න දුරස්ථ බව අර්ථ ගැන්වේ.කලා විචාරය හා නාට්‍ය නිර්මාණකරණය තුළ දුරස්ථීකරණය(Alienation Effect) වර නඟන්නෙ බ්‍රටෝල් බ්‍රෙෂ්ට් විසිනි.ඔහු කලාවේ තදනුභූතික ස්වරූපය ඉවත් කොට කලාව කලාවක් බවට හැඟෙනෙ ලෙස නිර්මාණය කිරීමට උත්සහ කරයි.සරලව,ඔහු නාට්‍යයක් බවට පෙනෙන පරිදි නාට්‍යයේ චරිත වෙස් මාරු කිරීම් වැනි  දෑ වේදිකාව මතම සිදුකරයි.ඒ තුළින් විනෝදය තුළ තදනුභූතිකව නාට්‍ය හා බැඳෙන ප්‍රෙක්ෂකයා එහි මානවීය හැඟීම් තුළින් මිදි එහි දාර්ශනික හා දේශපාලන හරය සමඟ සෘජුව සම්මුඛ වේ(නාට්‍ය නාට්‍යක් බව දැන වීම)

දුරස්ථීකරණය යනු කලාව සඳහා සහෘදයාට ඇති අති සමීප දෘෂ්ටිය  ඉවත් කොට ප්‍රෙක්ෂක ෆැන්ටසික හා ආත්මමූලික ආශවන් නිර්මාණය තුළින් ජනන වීමෙන් දුරස් කොට එහිම දාර්ශනික ආස්ථානයට සම්මුඛ කිරීම ලෙස වර නැඟුවහොත් මෙම න්‍යාය ගොඬනැගි ඇත්තේ ප්‍රෙක්ෂක ෆැන්ටසික  ආශාවට,විනෝදයට එරෙහිව යම් දේශපාලනික දාර්ශනික යමක් ලබාදීමට ය.(මේවාද අවසාන අර්ථයේදී ආශාවක් වේ) මේ හා සමානම අඛ්‍යාන රීතියක් ලෙස සාන්දෘෂ්ටිකවාදය(existentialism) හැඳින්විය හැකිය.සාන්දෘෂ්ටිකවාදය තුළ නවකථාවක නම් එහි වචන,වාක්‍ය තුළ පවතින පුද්ගල විනෝදය ඉවත් කර සෘජු වාර්තාකරණ ස්වරූපයකට නුදුරු ක්‍රමවේදයකට ආඛ්‍යානකරණය මෙහෙයවයි.එහිදී සිදුවන්නෙ පෙර ලෙස ම ආශාව පිටමන් කොට වෙනත් උත්තරීතර හරයක්(දාර්ශනික හා දේශපාලනික)වෙත සහෘදයා ගෙන යාමයි.උදාහරණයක් ලෙස අල්බෙයා කෙමුගේ 'පිටස්තරයා' නවකථාව තුළ ඇත්තෙ ප්‍රධාන චරිතය සිදුකරගෙන යන යම් යම් කටයුතු ඇති සැටියෙන් විස්තර කරගෙන යාමයි.අවසානයේ ඒ තුළින් නව දාර්ශනික තලයක් හෙළි කරදීමට ලේඛකයා සමත් වේ.

ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය ⁣ගොඬනැගී ඇති ආඛ්‍යානය තුළ නිසරු වාර්තාගත ස්වරූපයක් දැකිය හැකිය.සිද්ධි දාමය වේගයෙන් ඇමිණි ගොස් ඇත.ඒ තුළ පුද්ගල ආශාවට ඉඩක් නොමැතිව වෘත්තාන්ත චිත්‍රපටයක් වාර්තා චිත්‍රපටයක් ලෙස හණ්වඩු ගැසෙන තෙක් ම දිව යයි.වි⁣ජේවීර සිරගත වීමෙන් මිදී,පක්ෂ තහනමට ලක් ව,සැඟවී සිට පසුව සන්නද්ධ අරගලය අරඹා,විජේවීර අත්තඩංගුවට පත්වීම දක්වාම වේගයකින් මෙන් විජේවීර හා ඔහුගේ පක්ෂ නායකයින්ට ම යොමු වුණු කැමරා කෝණයක් සහිතව දිව යයි.
සුළු බාහිර සිද්ධි කිහිපයකි හැරුණු කොට විජේවීරගේ නවාතැන් මාරු කිරීමට චිත්‍රපටය සීමාවේ.

මෙසේ දිවෙන චිත්‍රපටය තුළ මෙමෙ චිත්‍රපටය බැලීම සඳහා පි⁣විසෙන ප්‍රේක්ෂකයාගේ ආශාව,ෆැන්ටසිය කුමක් වන්නට ඇත්ද? අසුන මත හිඳගන්නා ප්‍රේක්ෂකයා තුළ ඇත්තෙ මනුෂ්‍යත්වය පිරුණු මිනිසුන්ය,වධකාගාර තුළ වීරත්වයෙන් මියැදෙන මිනිසුන්ය,හෘර්දයාංගම විප්ලවවාදියෙකු වන විජේවීර හා ඔහුගේ සගයන්ය;එලෙසම පෞද්ගලික දුරවල්තා කෙසේ වුවද අසාධාරණට එරෙහි වන තරුණ කැළක්ය.නමුත් චිත්‍රපටය  හා ඒකාත්මික වන අ⁣පගේ ෆැන්ටසික ආස්ථානවන් සිඳි බිඳි විසිරි යයි.මෙම බිඳි යාම ලෝක සිනමාවේ හෘදයාංගම චරිතාපදාන චිත්‍රපට කියවමින් දෝෂාරෝපණය කිරීම දක්වා උඩු දුවා යා හැකිය.පෙර කියන ලෙස ම විජේවීර යනු ලාංකීය  සමාජයේ රහස් ආශාවයි(පැතීමයි).විමුක්ති අර්ථයෙන් මෙන්ම හිංසනීය තත්වයෙන් ද ලාංකීකයා තුළ ⁣හොල්මන් කරන ෆැන්ටසික අවතාරය විජේවීර ය.එහෙයින් විජේවීර අදහන හා ගරහ ලාංකීකයාගේ ෆැන්ටසික අවකාශය පැහැදිලිය.මෙකී ගැලරියේ ප්‍රේමයට භාජනය වන විජේවීරගේ චරිතය තුළින් හෘදයාංගම මෙන්ම උද්වේගකර නිර්මාණයක් සිනමාවකරුවා මෙන්ම ප්‍රෙක්ෂකයා ද බලාපොරොත්තු වේ.

නමුත් කලාව හා සිනමාව යනු අපේ ආශාවේ සීමා රේඛාවන් උල්ලංඝනය කොට ලක්ෂයන්,ලම්බකයන් විකෘති කරන්නා වූ භාෂාවකි.එ⁣යම කලාවේ හා සිනමාවේ විප්ලවීය සාරය වේ.විජේවීර මෙන්ම වෙනත් ඕනෑම විප්ලවාදි නායකයෙකු තුළ ඔහුටම අනන්‍ය වූ  ජීවිතයක් ඇත.එය අතිශය අතෘප්තිකර සීමා සහගත යම් පමණක එ්කාකාරි වන එකකි.විමුක්ති ගී තුළ,විප්ලව න්‍යායික ග්‍රන්ථ තුළ,සංවිධානයේ පහළ සටන් කාඩර්වරුන් තුළ තිබෙන පමණක් නොව සිනමා ප්‍රේක්ෂකයින් තුළද තිබෙන ජීවයක් එකී චරිතය තුළ නොමැත.(කිසඳු ජීවයක් නොමැතයැයි නොකියවේ)විමුක්තිය හා විමුක්තිය දායාද කරනු ලබන නායකයෙකු තුළ ඇත්තෙ ඊට පරස්පර වූ ජීවිතයකි.ඔවුන්ගෙ ජීවිතය සීමා වන්නෙ පවුල තුළින් යළි යළි වෙන් කිරීම,මර්දනයේ අතකොලුවෙන් බේරීමට හා ජීවත ලාලසාවෙන් කරනු ලබන ප්‍රයාත්නයන්(චිත්‍රපටයයේ නිවාස මාරු කිරීම),සටන් සගයන් කිහිප දෙනෙකු අතර පමණක් දෝලනය වන සබඳතාවය හා එතුළම බිහි වූ හුදකලාව තුළය.තවද,ප්‍රේමදාස ආණ්ඩුවේ මාධ්‍යකරණයේ සිට ලාංකීය සමාජය විජේවීර පිළබඳව පවත්වන නිගමනය වනුයේ අහිංසක තරුණ තරුණියන් වධකාගාර බිත්ති තුළ ⁣අඳෝනා දෝනකාරය තුළ මිය යද්දී බංගලාවන්වල සිට සුර සැප වින්දනය කළ බවය.ප්‍රභාකරන් හා සාමගාමී යථාර්ථය ද මෙයම ය.අඟල් කිහිපයක් ඝනකම වෙඩි නොවදින මැඳුරු තුළ වාසය කළ ප්‍රභාකරන් උතුරේ ද දකුණේ ද අහිංසක සිවිල් වැසියන්(අහිංසක බව වෙනම ප්‍රශ්න කළ යුතුය)බිල්ලට දෙන,ඝාතනය වන යුද්ධයක් ආරම්භ කළ බවයි.නමුත්,එකී විඛල්පයක් සෙවීම මගින් විජේවීරට,ප්‍රභාකරන්⁣ට මෙන්ම අනෙකුත් විමුක්තිකාමී නායකයන්ට අහිමි වූ නිදහස හා හිමි වූ හුදකලාව මෙන්ම දරා ගත නොහැකි උගුරට එන තරමේ ජිවිතයේ දෝලනය(චලතාව) ජන විඥානය තුළ ඥනනය කරගැනීමට අපොහෙසෙත් භාවයක් දක්වයි.

මේ ආකාරයෙන් විමුක්ති නායකයෙකුගේ ජීවිතය ආකාර 2කින් එනම්,

1)විමුක්ති විප්ලව⁣යේ උත්කර්ෂයේ
  හා
2)ව්‍යාජ විමුක්තිකාමී උන්නති දේශපාලනය 

                     යන අධිපතිවාදී ජනමතවාදයන් හෙවත් බහුතර ෆැන්ටසික උන්මාදය ඡේදනය කරමින් හුදු විනොදයට එහා ගිය අර්ථයකින් විප්ලවය නිර්වචනය කිරීමට චිත්‍රපටය උත්සහ ගෙන ඇත.අනෙත් අතට විප්ලව නායකයෙකු පිළිබඳව උන්නතිකාමී,විප්ලවාදී,නිදහස්කාමී රසික අධිපතිවාදී ෆැන්ටසියන් සුණු විසුණු කරමින් ඒ වෙක හිස්,එඬේර නමුත් ගෘහයට කොටු කරන ලද මානව ප්‍රාණියෙකු කැමරා කාචයේ සටහන් කර ඇත.විජේවීර සිරෙන් නිදහස් වීම සිට යළි මරණය සඳහා අත්තඩංගුවට පත්වීම තෙක් ඔහුට ඇත්තතෙ ජයග්‍රහණය,පරාජයක්,හොඳක් නරකක් අත්⁣ නොවනා වූ අතිශය වැසුණු නිවාසයන්ට කොටු කරන ලද ජීවිතයක් ය.එකී ජීවිතයක් ස්ව කැමැත්තෙන් උරුමකරගත් විජේවීර ⁣සහෝදරයාගේ නීරස ජීවිතය (ආශාව ඈත් කරන ලද)දුරස්ථීකරණ හා සාන්දෘෂ්ටික අර්ථ යෙන් යුතු අාඛ්‍යාන රටාවකිනි.අවසානයේ තදානුභූතිකව වැළඳහැකි ගීතයක් සමඟ ඒකාත්මික වීමෙන් හෙළි කරනුයේ අපගේ ආඥාදායක,බොළඳ ෆැන්ටසීය ලෝකයක් බිඳ දමමින් නීරස,අධිවේගී ශුෂ්ක ජීවිතයක් හිමි විප්ලවවාදි,පරාර්ථකාමී මිනිසෙකුගේ අවසානයයි.(එනම් නීරස අජීවිභාවයේ පවතින සජීවි වීරත්වයේ අංෂුවයි)නමුත් එය අප සිතනවාටත් වඩා එහා ගියා වූ කටුක අත්දැකීමයි.එ නිසාඅප බලා සිටි සොඳුරු ජනාදරයට පත් විමුක්ති නාකයෙකු චිත්‍රපටය තුළින් හමු නොවේ.වාර්තාකරණයක් බඳු ආශාව පලවාරින ලද ආඛ්‍යාන රටවක්(සාන්දෘෂ්ටික හා දුරස්ථීකරණ)තුළින් ගෙනෙන අවසන් දාර්ශනික අස්ථානය එයය.පුළුල් අර්ථයෙන් අපගේ ෆැන්ටසික සිතීම් නිම්ළලුවලට එයා ගිය යථාර්ථ ලෝකයේ විප්ලවයයි.එහිලා විජේවීරගේ පරිශ්‍රමය සමඟ සැසඳිමේදි විප්ලවය පවතින සමාජයට වඩා විප්ලවය තව බොහෝ දුරය.

ඉසුරු උදාකර යකන්දාවල

2019 / 02 /06



Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ශාස්ත්‍රීය අධ්‍යාපනයේ උගුල?

බණ්ඩ (Waruna Priyan Bandara) මේ පෞද්ගලික අර්ථයෙන් කියන්න හදන අදහස ඇතුළෙ ටෙක්නිකල් ගැටලුවක් තියනවා. මේකෙ කියන විදිහට ලංකාවෙ ගොඩක් දෙනෙක් අධ්‍යාපනය ලබන්නෙ එයාලගෙ ආසාවෙන් කියන පූර්ව විනිශ්චනයක ඉඳල. ඒත් ගොඩක් අය ලංකාව වගේ රටක අධ්‍යාපනය ලබන්නෙ තමන්ගෙ සමාජ මට්ටටම වැඩි කරගෙන සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන්. හැබැයි සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන් ලෝකයෙ ම ගත්ත ම විශ්වවිද්‍යාලවල ගිහින් සෑහෙන්න ඉගෙන ගෙන සල්ලි මාර විදිහට හම්බකරනවා කියන එක කරන්න අමාරු වැඩක්. මාර විදිහට සල්ලි හම්බ කරන්න ඕනි අය ඒක කරන්නෙ නෑ. ලංකාව ඇතුළෙ ගොඩක් වෙලාවට වෙන්නෙ ලංකාවේ නොමිලෙ අධ්‍යාපනය ලබා දෙන නිසාත්, ඒක විශ්වවිද්‍යාලය දක්වා තියන නිසාත් විශ්වවිද්‍යාල දක්වා ම ඉගෙන ගෙන ඔහේ එනවා.  එහෙම නැතුව අධ්‍යාපනයට ආසාවක් හරි, ශාස්ත්‍රීය ගවේෂණයක් නෑ. මේ නිසා ⁣වෘත්තීය පුහුණවක් වගේ දෙයක් එක්ක ඉක්මනින් රැකියි ක්ෂේත්‍රයට එන්න ඕනි අය දහස් ගණනක් නිකරුණෙ තමන් ආස නැති ශාස්ත්‍රීය ක්ෂේත්‍රවලට ඇවිල්ල තදබදයක් ඇතිවෙලා තියෙන්නෙ. මේක හරියට, අධ්‍යාපන ක්‍රමය ආර්ථිකය එක්ක ගැට ගහපු දවසට බහුතරයක් වෘත්තීය හා කර්මාන්ත අධ්‍යාපනයක් අරගෙන රැකියා ආර්ථිකයට...

ලොකුයි නේද?

සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල විවාහය කියන්නෙ සෑහෙන්න තරමක ඇල් මැරුණු සම්බන්ධයක්. සජීවී බව රැක ගැනීම, මනුෂ්‍යය බැදීමක උණුසුම රැක ගන්න සැලසුමක් ඒ ඇතුළෙ නෑ. බොහෝ විට තමන් ප්ලෑන් කරපු භෞතික දේවල් කීපයක් පස්සෙ දුවන්න හරි, අච්චුවකට වැටුණු ලයිෆ් ස්ටයිල් එකකට දුවන එක ඇරෙන්න සතුට ගැන, ට්‍රිප් එකක් ගැන, ඩේ අවුට් එකක් ගැන සැලසුමක් විවාහ සැලසුමක් ඇතුළෙ නෑ. නෙළුම් කුළුණ ෆිල්ම් එකේ පෙන්නන්නෙ මැරුණු පිරිමියෙක්ගෙ ලිංගික උත්තේජනයක් මිසක් ජීවත් වෙන මනුස්සයෙක් ගැන නෙවෙයි. ඇත්තට ම, සජීවි මනුස්සයෙක් ගත්ත ම ඒකේ යථාර්ථය මේ ලේලීල දෙන්න කතා කරනව වගේ දෙයක්. ⁣ජීව විද්‍යාත්මක විදහට නෙවෙයි මානසිකවත් විවාහක පිරිමියා බෙලහීනයි. කම්මැලි කුසීත අච්චුවෙච්චි ජීවන රටාව ඇතුළෙ පිරිමි සහ ගැහැණු බෙලහීනයි. විනෝදයෙන් විනිර්මුක්තයි. නෙළුම් කුළුණ අපිට පවසන්නේ ලංකාව වගේ කම්මැලි ජීවන රටාවක් හිමි වුණ සමාජයක මිය ගිය පිරිමියෙක් හැර ජීවත් වෙන ප්‍රාණවත් පිරිමින් නැති බවයි. පැරණි ආකෘතියෙන් මිදිල විනෝදකාමී පවුල් ආකෘතියක් ලංකාවට අවශ්‍ය වෙලා තියෙනවා. එතකන් මැරුණු පිරිමින්ගේ ප්‍රාණවත් උන පුරුෂ ලිංග ගැන කතා කර කර ම ඉන්න වෙනව අපිට.  ඉසුරු උදා...