Skip to main content

අවම බලය

"අවම බලය...."

බලන්න ඒක කොච්චර ලස්සන වචනයක් ද?ඒ වචනයට අනුව⁣ මොකක්හරි දෙයක් බොහොම සාමකාමීව ශේප් එකේ විසඳුව කියන හැඟීමක් එනවා.2012 වැලිකඩදිත් අවම බලය පාවිච්ච් කරද්දි 27ක් සිරකරුවො මැරෙනවා.2020 මහර බන්ධනාගාරයදි අවම බලය පාවිච්චි කරද්දි 10ක් පමණ මිය යනවා.තව 70කට අධික පිරිසක් තුවාල ලබනවා.නිරායුධ සිරකරුවො පිරිසක් පාලනය කරන්න හිමිවෙන අවම බලය එහෙම එකක්.

ඊට පස්සෙ හිතෙනව එහෙම අවම බලයක් පාවිච්චි කළාට කමක් නැද්ද කියල.කාගෙන් හරි ඇහුවොත් කියන්නෙ,

"ඔහොමහරි මරල දාපු එක හොඳයි.නිකං මොකටද ඕකුන්ට කන්න දිදි තියාගන්නෙ.අනික උන් තමයි මේ රටේ පොඩි උන්ට කුඩු දීල උන්ගෙ ඔලු කන්නෙ."

අවම බලය ගැන සිංහල බෞද්ධ කෙනෙක්ගෙන් ඇහුවත් උත්තරය ඕකයි.අංගුලිමාලගෙ කතා එයාලට වැඩක් නෑ.බෞද්ධ,ක්‍රිස්තියානි,හින්දු ඔය මොන ආගමක උනත් තියන දර්ශනය මෛත්‍රිය උනාට සමාජයට එද් දී පොරක් වෙන්නෙ "මං හිටියනම් ඕකට හිරේ ගිහින් චූන් එකෙ ඉන්න අතක් පයක් ඉතුරු කරන්නෙ නෑ" වගේ දෙයක් කිව්වොත් නේද?

තවත් අමතක වෙන දෙයක් තියනවා.සැකකරුවො විදිහට ඉන්න සිරකරුවො ඇතුළු සිරකරුවො මරන රජයේ සන්නද්ධ අංශවල සෑම බයිනෙත්තුවකින්ම පිටවෙන සෑම පතුරොමක්ම පිවිතුරුයි නම් තමන් පාරේ කූණු දාද්දි,පෝලීම් පනිද්දි,පාරෙ සුදු ඉර කපද්දි,ග⁣මේ වතුර ප්‍රශ්නෙට උද්ඝෝෂණය කරද්දි ඒ ශුද්ධ වූ පතුරොම භාර ගන්න ඔබ සුදානම් ද?

එතකොට අවුරුදු 13ක් නිදහස් අධ්‍යාපනය දෙන වැඩපිළිවලක් ජනතා මුදලින් හදල,ළමා සංවර්ධන ව්‍යාපෘති හදල කුඩු විකුණන, කුඩු ගහන වැඩිහිටියෝ පිරිසක් හදපු රාජ්‍ය ෆේල් නැද්ද?ඒ රාජ්‍ය පවත්ව ගෙන යන අපි ෆේල් නැද්ද?එතකොට පළවෙනි මූනිස්සම තියන්න ඕනි අපි⁣ට ද?

ඡායාරූප ෆේස්බුක් එකෙන්මයි.මේ රට නිදහස් රටක් වෙන්න ගැහැණු කී දෙනෙක් තව අඬන්න ඕනි ද?ඒ සමෘද්ධිමත් රාජ්‍ය වෙනුවෙන් අපේම පන්තියෙ මිනිස්සු කීයක් මැරෙද්දි ඒ පන්තියෙම මිනිස්සු තව කොච්චරකල් හුරේ දාන්න ඕනි ද?

නෑ.තමන්ගෙ පන්තියෙ එකා මැරෙද්දි හුරේ දාන සමාජයකට මොන සමෘද්ධික් ද ඕය්!


Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ශාස්ත්‍රීය අධ්‍යාපනයේ උගුල?

බණ්ඩ (Waruna Priyan Bandara) මේ පෞද්ගලික අර්ථයෙන් කියන්න හදන අදහස ඇතුළෙ ටෙක්නිකල් ගැටලුවක් තියනවා. මේකෙ කියන විදිහට ලංකාවෙ ගොඩක් දෙනෙක් අධ්‍යාපනය ලබන්නෙ එයාලගෙ ආසාවෙන් කියන පූර්ව විනිශ්චනයක ඉඳල. ඒත් ගොඩක් අය ලංකාව වගේ රටක අධ්‍යාපනය ලබන්නෙ තමන්ගෙ සමාජ මට්ටටම වැඩි කරගෙන සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන්. හැබැයි සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන් ලෝකයෙ ම ගත්ත ම විශ්වවිද්‍යාලවල ගිහින් සෑහෙන්න ඉගෙන ගෙන සල්ලි මාර විදිහට හම්බකරනවා කියන එක කරන්න අමාරු වැඩක්. මාර විදිහට සල්ලි හම්බ කරන්න ඕනි අය ඒක කරන්නෙ නෑ. ලංකාව ඇතුළෙ ගොඩක් වෙලාවට වෙන්නෙ ලංකාවේ නොමිලෙ අධ්‍යාපනය ලබා දෙන නිසාත්, ඒක විශ්වවිද්‍යාලය දක්වා තියන නිසාත් විශ්වවිද්‍යාල දක්වා ම ඉගෙන ගෙන ඔහේ එනවා.  එහෙම නැතුව අධ්‍යාපනයට ආසාවක් හරි, ශාස්ත්‍රීය ගවේෂණයක් නෑ. මේ නිසා ⁣වෘත්තීය පුහුණවක් වගේ දෙයක් එක්ක ඉක්මනින් රැකියි ක්ෂේත්‍රයට එන්න ඕනි අය දහස් ගණනක් නිකරුණෙ තමන් ආස නැති ශාස්ත්‍රීය ක්ෂේත්‍රවලට ඇවිල්ල තදබදයක් ඇතිවෙලා තියෙන්නෙ. මේක හරියට, අධ්‍යාපන ක්‍රමය ආර්ථිකය එක්ක ගැට ගහපු දවසට බහුතරයක් වෘත්තීය හා කර්මාන්ත අධ්‍යාපනයක් අරගෙන රැකියා ආර්ථිකයට...

ලොකුයි නේද?

සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල විවාහය කියන්නෙ සෑහෙන්න තරමක ඇල් මැරුණු සම්බන්ධයක්. සජීවී බව රැක ගැනීම, මනුෂ්‍යය බැදීමක උණුසුම රැක ගන්න සැලසුමක් ඒ ඇතුළෙ නෑ. බොහෝ විට තමන් ප්ලෑන් කරපු භෞතික දේවල් කීපයක් පස්සෙ දුවන්න හරි, අච්චුවකට වැටුණු ලයිෆ් ස්ටයිල් එකකට දුවන එක ඇරෙන්න සතුට ගැන, ට්‍රිප් එකක් ගැන, ඩේ අවුට් එකක් ගැන සැලසුමක් විවාහ සැලසුමක් ඇතුළෙ නෑ. නෙළුම් කුළුණ ෆිල්ම් එකේ පෙන්නන්නෙ මැරුණු පිරිමියෙක්ගෙ ලිංගික උත්තේජනයක් මිසක් ජීවත් වෙන මනුස්සයෙක් ගැන නෙවෙයි. ඇත්තට ම, සජීවි මනුස්සයෙක් ගත්ත ම ඒකේ යථාර්ථය මේ ලේලීල දෙන්න කතා කරනව වගේ දෙයක්. ⁣ජීව විද්‍යාත්මක විදහට නෙවෙයි මානසිකවත් විවාහක පිරිමියා බෙලහීනයි. කම්මැලි කුසීත අච්චුවෙච්චි ජීවන රටාව ඇතුළෙ පිරිමි සහ ගැහැණු බෙලහීනයි. විනෝදයෙන් විනිර්මුක්තයි. නෙළුම් කුළුණ අපිට පවසන්නේ ලංකාව වගේ කම්මැලි ජීවන රටාවක් හිමි වුණ සමාජයක මිය ගිය පිරිමියෙක් හැර ජීවත් වෙන ප්‍රාණවත් පිරිමින් නැති බවයි. පැරණි ආකෘතියෙන් මිදිල විනෝදකාමී පවුල් ආකෘතියක් ලංකාවට අවශ්‍ය වෙලා තියෙනවා. එතකන් මැරුණු පිරිමින්ගේ ප්‍රාණවත් උන පුරුෂ ලිංග ගැන කතා කර කර ම ඉන්න වෙනව අපිට.  ඉසුරු උදා...