Skip to main content

අවම බලය

"අවම බලය...."

බලන්න ඒක කොච්චර ලස්සන වචනයක් ද?ඒ වචනයට අනුව⁣ මොකක්හරි දෙයක් බොහොම සාමකාමීව ශේප් එකේ විසඳුව කියන හැඟීමක් එනවා.2012 වැලිකඩදිත් අවම බලය පාවිච්ච් කරද්දි 27ක් සිරකරුවො මැරෙනවා.2020 මහර බන්ධනාගාරයදි අවම බලය පාවිච්චි කරද්දි 10ක් පමණ මිය යනවා.තව 70කට අධික පිරිසක් තුවාල ලබනවා.නිරායුධ සිරකරුවො පිරිසක් පාලනය කරන්න හිමිවෙන අවම බලය එහෙම එකක්.

ඊට පස්සෙ හිතෙනව එහෙම අවම බලයක් පාවිච්චි කළාට කමක් නැද්ද කියල.කාගෙන් හරි ඇහුවොත් කියන්නෙ,

"ඔහොමහරි මරල දාපු එක හොඳයි.නිකං මොකටද ඕකුන්ට කන්න දිදි තියාගන්නෙ.අනික උන් තමයි මේ රටේ පොඩි උන්ට කුඩු දීල උන්ගෙ ඔලු කන්නෙ."

අවම බලය ගැන සිංහල බෞද්ධ කෙනෙක්ගෙන් ඇහුවත් උත්තරය ඕකයි.අංගුලිමාලගෙ කතා එයාලට වැඩක් නෑ.බෞද්ධ,ක්‍රිස්තියානි,හින්දු ඔය මොන ආගමක උනත් තියන දර්ශනය මෛත්‍රිය උනාට සමාජයට එද් දී පොරක් වෙන්නෙ "මං හිටියනම් ඕකට හිරේ ගිහින් චූන් එකෙ ඉන්න අතක් පයක් ඉතුරු කරන්නෙ නෑ" වගේ දෙයක් කිව්වොත් නේද?

තවත් අමතක වෙන දෙයක් තියනවා.සැකකරුවො විදිහට ඉන්න සිරකරුවො ඇතුළු සිරකරුවො මරන රජයේ සන්නද්ධ අංශවල සෑම බයිනෙත්තුවකින්ම පිටවෙන සෑම පතුරොමක්ම පිවිතුරුයි නම් තමන් පාරේ කූණු දාද්දි,පෝලීම් පනිද්දි,පාරෙ සුදු ඉර කපද්දි,ග⁣මේ වතුර ප්‍රශ්නෙට උද්ඝෝෂණය කරද්දි ඒ ශුද්ධ වූ පතුරොම භාර ගන්න ඔබ සුදානම් ද?

එතකොට අවුරුදු 13ක් නිදහස් අධ්‍යාපනය දෙන වැඩපිළිවලක් ජනතා මුදලින් හදල,ළමා සංවර්ධන ව්‍යාපෘති හදල කුඩු විකුණන, කුඩු ගහන වැඩිහිටියෝ පිරිසක් හදපු රාජ්‍ය ෆේල් නැද්ද?ඒ රාජ්‍ය පවත්ව ගෙන යන අපි ෆේල් නැද්ද?එතකොට පළවෙනි මූනිස්සම තියන්න ඕනි අපි⁣ට ද?

ඡායාරූප ෆේස්බුක් එකෙන්මයි.මේ රට නිදහස් රටක් වෙන්න ගැහැණු කී දෙනෙක් තව අඬන්න ඕනි ද?ඒ සමෘද්ධිමත් රාජ්‍ය වෙනුවෙන් අපේම පන්තියෙ මිනිස්සු කීයක් මැරෙද්දි ඒ පන්තියෙම මිනිස්සු තව කොච්චරකල් හුරේ දාන්න ඕනි ද?

නෑ.තමන්ගෙ පන්තියෙ එකා මැරෙද්දි හුරේ දාන සමාජයකට මොන සමෘද්ධික් ද ඕය්!


Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි. දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි...

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි.... මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි. ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස...