දේශප්‍රේමීන්ගේ අවධානයට.....
~~~~~~~~~~~~~~~~
දේශප්‍රේමය,ජාති ආලය,රණවිරු ගෞරවය යන සියල්ල බලය නොලැබීයාම සමඟ වෙනස් අතකට පෙරළිය හැකිය.දේශප්‍රේමය එක් අයෙකුට,පක්ෂයකට ලියා දුන් ජනතාවගේ අවධානය පිණිසයි.
දේශප්‍රේමය තිබිය යුත්තෙ ඔබ තුළ මිස ඔබ වන්දනා කරන පක්ෂය හෝ මිනිසෙකු සමඟ නොවේ.
ඔබ දේශප්‍රේමීයෙකු වන්න.පාලකයාද ඒසේම වේ.
අවම වශයෙන් පාරේ යන විට කුණු දමන්නෙ නැතුව සිටින්න.ළඟ ඉන්න එකාට වළ නොකපා සිටින්න.අනෙකාට ගරු කරන්න.අනෙකාට පෙර තමන්ගෙ මව්පියන්ට ගරු කරන්න.වෙන කාටවත් ආදරේ කරන්න බැරිනම් පේමවන්තයාට වන්තියට අවංකව ආදරේ කරන්න.රට ජාතිය අාගම පිළබඳ කිසිඳු වගකීමක් නොදැරුවාට කම් නැත.අවම වශයෙන් රට වෙනුවෙන් තමන්ගේ අසල්වැසියාට ප්‍රේම කරන්න.ගරු කරන්න.දේශප්‍රේමියෙකු වන්නෙ තමා හැසිරෙන විලාසයෙන් පමණක් බවත් තමන් ඡන්දය ලබා දෙන්නාගෙන් නොවන බවත් ඉඳුරා විශ්වාස කරන්න.
සරලවම,"දේශප්‍රේමියෙකු වීමට පෙර ළඟ ඉන්න කෙල්ලට(කොල්ලට) අාදරේ කරල ඉන්න"ඉනික්බිති,අපි දේශයට ප්‍රේම කරමු.......
ඉසුරු උදාකර යකන්දාවල
2018 / 11 / 16

දේශප්‍රේමියෙකු වීමට පෙර ළඟ ඉන්න කෙල්ලට(කොල්ලට) අාදරේ කරල ඉන්න"ඉනික්බිති,අපි දේශයට ප්‍රේම කරමු.......
ReplyDeleteආසම කොටස ❤️
දේශප්‍රේමියකුගේ වෑයමිකින් බිදක්....
ReplyDelete👍👍❤️❤️