කරැල්ලක් රැල්ලක් නෙවෙයි වළලක් වෙනුවෙන් හරි එකතු වෙන්න තරුණ සමාජ සංස්කෘතියක් ගැන අත්දැකීම් තිබ්බෙ 90ගනන් හරි ඊට ඉස්සෙල්ල තරුණ සමාජෙට.89 පස්සෙ තරුණ කල්ලි ගැහෙන එක ඉවරයක් වෙනවා.89 පස්සෙ රැස් වෙන්න විතරක් නෙවෙයි රැස් වෙන්න හේතුවක්වත් නැති විදිහට සමාජය අධ්‍යාපනය,සල්ලි පස්සෙ දුවන්න ගන්නවා.ඊට පස්සෙ දේශපාලනයට,කලාවට,නාට්‍යක් කරන්න විතරක් නෙවෙයි නිකමට වළ බහින්නවත් එකෙක් නැති වෙනවා.90වෙන් ඒ කල්ට් එකේ දේශපාලනය හරය සම්පූර්ණයෙන්ම විනාස වෙනවා.ඒත් දැන් පොඩි දේශපාලන ඇරියස් එකකුත් තියාගෙව තාප්පලවල චිත්‍ර අඳිනවා.ඇතුළ ජරා වෙලා තියෙද්දි එළියෙ පාට කරන්නෙ ඇයි කියල ගොඩක් අය කෝචෝක කරල තිබ්බ.ඒ කතාවෙ ඇත්තක් තිබ්බත් දේශපාලනයට,නාට්‍යකට,ප්‍රදර්ශනයට රැස් නොවෙන පිරිසක් මගියන්ගෙ ඇස් පුරවන්න චිත්‍ර අඳින එකේ සාධනීය දෙයක් තියනවා.ඒ තරුණයන්ගෙ දේශපාලනය කොයි වගෙ උනත් මේ තරමින් තාප්පවල චිත්‍ර අඳිනවා වගෙ අර්ටිස්ටික්,පොලිටිකල් වැඩකට ගමෙන් එහෙන් මෙහෙන් රැස්වෙන එක වටින දෙයක්.ඒකෙ රහ දකින ගමන් ද්‍රරිද්‍රතාවය වගේ සාර්ව ප්‍රශ්න ගැනත් සංවාදක් හදන එක තමයි මේ වෙලාවෙ අපිට ඕනි දේ.
ඉසුරු උදාකර යකන්දාවල
2019 / 12 / 01

Comments
Post a Comment