Skip to main content

සිහිනයත් යථාර්ථයත් අතර කැලතෙන මොහොතක් -"නිනෝ ලයිව්"



"මේ වෙලාවෙ ඔබ සිටින්නේ හීනකයද?තවම ඒකෙන් ඇහැරුන්න නැද්ද?මව් කුසින් ඉපදීම ඒ සිහිනයේ පළමු දර්ශනයද?එකවරම එයින් අප අවදිවෙව්ද?ඔබ මේක කියවන්නෙත් හීනෙන්ද?මේක හීනයක් නම් යථාර්ථය කොහෙද?"

සිහිනය හා යථාර්ථය අතර බෙදුම් රේඛා නැත.මෙපිට සිහිනයක්ය.එපිට යථාර්ථයක්ය යන්නක් නැත.අපි මේ ඉන්න ජීවත් වෙන්න තටමන තැන යථාර්ථයයි සිතමු.නමුත් "නිනෝ ලයිව්"වලට එද්දි දවස් හතම පැය විසිහතර පුරා විකාශනය වන ටෙලියක චිත්‍රාගාරයක් තුළ ඉපිද එය යථාර්ථය ලෙස සිතා වසර 18ක් ගත කීරීම ප්‍රේමවන්තියන් 1000කගෙන්  රැවටෙනවාට වඩා දුෂ්කරය.චිත්‍රපාටයේ මුල් අර්ධය පුරාවට අප ඒ චිත්‍රගාරයේ සැඟවූ කැමරා (hidden camera) ඉදිරියේ අනෙකුත් නලුවන් මගින් මෙහෙයවන යථාර්ථයක ජීවත් වේ.නිනෝ ඉපිද වසර 18ක් ගෙවී චිත්‍රාගාර බිත්තිය සිදුරු කරන තෙක්ම අපද එහිම යථාර්ථය ලෙස සිටින සිරකරුවන්ය.නිනෝ සමඟ කයි, බොයි,ප්‍රේම කරයි.සැබවින්ම ලෝකය තුළ මහානුභවයෙන් වසන අප වසන්නේද අනෙකාට ඇවැසි ලෙස අනේකා විසින්ම සිරිත් විරිත් ලියා දුන් මායාවකම නොවන්නේද?නිනෝ යනුද අපි වැනිම එකෙකි.

නිනෝ,නූනු නැමති තමන්ගේ පෙම්වතිය නිසා චිත්‍රගාරය සිදුරු කිරීම නිසා අප වැටෙන්නෙ යථාර්ථයටය.එනම් මේ අපි ඇත්ත කියා සිතා සිටින මංගල්‍යයටය.එහිදි අපිට හමුවන්නෙ යථාර්ථ ලෝකයේ පෙම් යුවලක් වන "නෝනිස්" හා "රුචි" ය.නොඉවසිලිය හැකි කරුමය වන්​නෙ නිනෝ විසින් තමන් සිරකරගෙන සිටි චිත්‍රාගාරයේ තුන් තිස් පැයේ පෙන්වූ ටෙලියේ ෆැන්සියට ටෙලිකතාවේ උග්‍ර රසිකාවක් වන "රුචී" ආකර්ෂණය වී සිටීමයි.ඇය තමගේ පෙම්වතා නිනෝ ලෙස සකස් කිරීමටද තමන් නිනෝගේ පෙම්වතිය වන නුනූ ලෙස පෙනි සිටීමටද මහත් වෙහෙසක් දරයි.චිත්‍රපටය අවසන් වන්නෙ රුචි හා ඇගේ පෙම්වතා නොනිස් පැය 24 පුරා දින හතේම විකාශය වන ටෙලියක ශ්‍රමිකයන් බවට කැමැත්තෙන් පත් වීමයි.නිනෝ විසින් පලා ගිය මායාව තුළට නොනිස් හා  රුචි කැමැත්තෙන්ම රිංගා ගනී.එයින් වන්නෙ ඔවුන් මයා යථාර්ථයක වහලෙක් ලෙසට සිය කැමැත්තෙන් ම යොමු වීමයි.එදින සිට ඔවුන්ගෙ ජීවිත දෙක චිත්‍රගාරය තුළ නිනෝ හා නුනූ ලෙස අධ්‍යක්ෂකයාට අවැසි ලෙස රඟපාමින් ගමන් කරයි.ඔවුන් සිදු කර ඇත්තෙ යථාර්ථයේ සිට සිහිනයකට පසු බැසීමයි.අපි ද රුචි ලෙසටම ඇස් පැලෙන සත්‍ය ඉදිරියේ තිබියදීත් මායව තුළට ගුලිවන මායවේ වහලුන් වෙමු.

කතාවේ අර්ධ දෙකට මැදි වන අප අවසානයේ හිර වන්නෙ අපි මේ සිටින්නෙ මායාවක ද?නැතිනම් යාථාර්ථයෙන් මායවට පසුබසිමින් ද?මේ දෑස් පාන පිට සිදුවන දේ සමඟ මෙය මායවක් ද විය හැකිය.මේ සිදුවන දේවල් සමඟ නිර්වින්දනය වෙමින් බොරුව සමඟ ඒකත්මික වන අප සදාකාලිකව චිත්‍රකාගාරයක වහලුන්  වැනි ද විය හැක.නිනෝ ලයිව් අවසන් වන්නේ යාථාර්ථය හා මායව අතර ඇති බෙදුම් රේඛා මකමින්"යකෝ මේක ඇත්තම මඟුලක්ද නැත්තන් මායවක්ද" යන බිහිසුණු පැනය ඔලුව ඇතුලෙ කැරකෙන විටය.තිසර ඉඹුලාන නිනෝ ලයිව් කරන්නෙ "යකෝ උඹල කොහෙද ඉන්නෙ කියල උඹලවත් දන්නෙ නෑ නැඟිටපන්.නැඟිටල හොයල බලපන් ජිවත්වෙනවද කියල"යන රැඩිකල් ආරාධනය සමඟය.

"ඒසේනම් මිත්‍රවරුනි දැන්වත් දෑස් හැර බලන්න!"

ඉසුරු උදාකර යකන්දාවල 
2019/ 07 / 18

Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි. දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි...

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි.... මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි. ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස...