මිනිසා නොයෙක් අශාවන් පෙරටු කරගෙන සිටියි.ආහාර,බලය,ලිංගිකත්වය ඒ ආශාවන්ගෙ ආවර්තිතගත කිරීමේ දී ප්‍රමුඛ හා ප්‍රසිද්ධ ඒවා වේ.ඒවායෙන් ඔබ්බට ඇති හිංසනයේ ආශාව නොහොත් ආතල් එක inglourious basterd තුළ විහිදෙන චාරිත පුරා සංසරණය වෙයි.නාසි හිංසනයද ඒ හිංසනයට විරුද්ධව යොදාන ප්‍රති-හිංසනයද අතිවිනෝදාත්මක අයුරකින් සලරුව තුළ දිවෙන අතරම ඒ සමඟ සුසැදි වේග රිද්ම සංගීතයක්ද වාදනය වෙයි.(අප එදිනෙදා ජිවිතයේදි පට්ට ආතල් එකේ හිංසන ක්‍රියා කිරිමම මතක් වනු ඇත)ඒ හිංසනය තුළම අපද ගමන් කරන්නෙ ද ආශ්වාදයෙනි.චිත්‍රපාටයේ අවසානයේ යුදෙව් තරුණියගේ ඝාතනය රෝස මලක පෙති සුළඟට විසිරෙනවා වැනි සෞන්දර්යකින් ඉදිරිපත් කරයි.මිනීමැරීම එතරම්ම චමත්කාරජනකය.නමුත් අවාසනය දක්වා චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයා, අධ්‍යක්ෂකයා විසින් මවන අප විසින් ආශ්වාදනය කරන හිංසනයේ නින්දිත බව වටහාගනි.හිංසනය තුළින් හිංසනය පිටු දැකීමට චිත්‍රපටය ආයාචනය කරන්නෙ අපූර්ව ශෛයිලියකිනි.
අවසාන වශයෙන් චිත්‍රපටය නින්දිත ම්ලේච්ඡ අවජාතක රැලකගේ කතාවක් වන අතර අපව ඒ හිංසනයේ පාර්ශවකරුවෙකු කොටගෙන අවසානයේ අතහැර දමන්නෙ ඒ හිංසනයම පිටු දකින ශිෂ්ටත්වයේ සිහිනයකටය.
ඉසුරු උදාකර යකන්දාවල
2019 / 07 / 14

Comments
Post a Comment