Skip to main content

Posts

Showing posts from October, 2025

ස්ටාර් පවර්

මූවි එකක හයිප් එක ගන්න නළුවෙක්ගේ පර්සනලිටි එකට කරන්න පුලුවන් ප්‍රමාණය කොච්චර ද බලන්න ආයු ඒකේ Priyantha Sirikumara දිහා බැලුව ම⁣ හොඳට ම ඇති. ඔහු ඉන්නෙ ම හරි ම සීමිත සීන්ස් ගානක. හැබැයි, ඒ ශොට් කීපෙ ඇතුළෙ තියන හයිප් එක, අප් එක ආයෙ ගන්න බෑ. කබුකි නාට්‍යවල වීරයගෙ චරිතෙ හඳුන්වල දෙද්දි ප්‍රේක්ෂකාගාරය ඔල්වරසන් දෙනවා. දෙමළ චිත්‍රපටිවල වීරය සීන් එකට එන්ටර් වෙද්දි, සිනමාශාලාව විසිල් සද්දෙන් පිරෙනවා. 'ආයු' කියන්නෙ එහෙම විසිල් ගහල අප් කරන ජාතියෙ ඇක්ෂන් ෆිල්ම් එකක් නෙවෙයි. ඒ වගේ ම, ප්‍රියන්ත සිරිකුමාර රඟපාන්නෙ කතාවේ වීරයගෙ චරිතෙත් නෙවෙයි. නිකං ම, විශේෂ චරිතයක් නොවෙන බීච් එකේ චණ්ඩියෙක් වුණ සිරිල්ගෙ චරිතෙ. හැබැයි, ඔහු නිකං පසුබිම් චරිතයක් විදිහට, බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක්වත් නැතුව බුම්මගෙන සීන් එකට එන්ටර් වෙන තැන ෆිල්ම් එකට එන හයිප් එක හිතාගන්න බෑ. ඒක එන්නෙ ඔහු කාලයක් තිස්සෙ ඉඳන් හදාගත්ත රංග පෞරුෂය නිසා වෙන්න ඕනි. ක්‍රියාදාම චිත්‍රපටියක් නොවුනත් ඒ සිනමා පර්සනලිටි එක නිසා මූවි එකට ඇවිල්ල තියන හයිප් එක කියල වැඩක් නෑ. ඒකෙන් කුඩා චරිතෙකට උනත් තෝරගන්න කාස්ට් එක ෆිල්ම් එකක් සාර්ථක වෙන්න කොච්චර ...

'නිශ්මි'

"ජීවිතවල යථාර්ථයන් දෙකක් මිනිස්සුන්ට හම්බෙන්න ඉඩ කඩ තියනවා. එක කොටසකට, ඉපදෙද්දිම විසිරිලා තියන ජීවිතේ එකලැස් කරන්න වෙනවා. තව කොටසකට, නිවැරදිව එකලැස් කරල හම්බුන ජීවිතය විසුරුවගෙන එකලැස් කරන්න වෙනවා. ඔය දෙකෙන් කෝකෙන් හරි ජීවිතේ හොයාගන්න හැමෝටම සිද්ධ වෙනවා" 'ආයු' එකේ නිශ්මි දිහා බැලුව ම පේන්නෙ ඒකේ දෙවෙනි කොටස.

'ශාන්තිනි තෙමා' වැටෙද්දි 'යෝගේෂ්වරී' පැරදුනා ද?

'යොගේෂ්වරී' කියන්නෙ මාස්ටර්පීස් එකක් වගේ අදහසක් Charithaගෙ රසිකයො හදන්න හදනව වගේ පේනවා. ඒත් ඒක තමයි චරිතට කරන්න පුලුවන් ලොකු ම හානිය. කොච්චර ප්‍රොඩක්ෂන් එකට මහන්සි උනත් යොගේෂ්වරි මීට කලින් චරිත කරපු වැඩ එක්ක බලද්දිත් පිටිපස්සෙන්. සිංදුව පුරාවට ම චරිතගෙ ම ZD8 සිංදුවෙ නාද රටාවෙන් එළියට එන්න බැරි උන ගතිය පේනවා. මේක චරිතගෙ විතරක් නෙවෙයි දැනට මියුසික් කරන ගොඩක් අයගෙ තියන දෙයක්. එයාල එක මියුසික් වැඩක් කළහම ඒ නාද රටාවෙන්, තාලයෙන් එළියට ඒගන්න බැරි උන ගතියකින් පෙලෙනවා. යෝගේෂ්වරී එකෙනුත් මට ඇහෙන්නෙ ZD8 එකෙන් එළියට එන්න බැරි උන චරිතව. අනික් දේ තමයි මේක ලංකාවෙ මියුසික්වල, එහෙම නැත්නම් ජාතික ප්‍රශ්නෙ, උතුරේ යුද්ධය සම්බන්ධව කරපු නිර්මාණ අතර මාස්ටර් පීස් එක ද කියන එක. අපේ වයස්වල ගොඩක් අය ඇත්තට ම චරිතගේ වැඩේ මාස්ටර් පීස් එකක් කියල පිළිගන්නෙ එයාල සිංදු සීරියස්ව අහන්න අරගෙන තියන්නෙ ගොඩක් පස්සෙ මෑතකදි නිසා. ෆිල්ම් එකක් උනත් සීරියස්ව කියවන්න පටන් අරන්⁣ තියෙන්නෙ අද ඊයේ දකින චිත්‍රපටි ගැන විතරක් හිතල. චරිත කරල තියෙන්නෙ සිංදුවක් විතරක් නෙවෙයි ෆිල්ම් එකකතුත් නිසා මීට කලින් මේ යුද්ධය පාදක කරගත්ත ෆිල්ම්...

අපරිණතකමේ සංකේත

බුක්ෆෙයා කාලෙ ඉඳන් කසුන්ගෙ මේ පැටලි පැටලි යන කතාවෙ දී කසුන්ට බනින්න තරම් වරදක් කසුන් කරනවා කියල පේන්නෙ නෑ. පොඩි ශෝ ඕෆ් එකක් කරල, හොඳ මාකටින් පාරක් දාලා එයාගෙ පොතට, ෆැමිලි එකට පබ්ලිසිටි එකක් දුන්නා. ඒක රටේ අනික් මිනිස්සුත් එක එක විදිහට කරන දෙයක්. හැබැයි, මේ මොකක් කළත් කසුන්ගෙයි මාධවීගෙයි සමාජය එක්ක ගනුදෙනු කිරීමේ අපරිනතකම වහන්න බෑ. ලංකාවේ ජීවත් වුණ ඕනි මනුස්සයෙක් දන්නවා ලංකාව් මිනිස්සු මොනවහරි දෙයක් හම්බුණා තමන්ගෙ ඇරියස් එක යනකන් ඒක ට්‍රොල් කරනවා. එතකොට ඔය පොදු සමාජය කියන ඒවා, බනින ඒවා, කරන චෝදනා කිසිම පදනමක් නැතුව කරන ඒවා. ඔයා පවුලට බනින ඒවා, ළමයට කරන ඒවා, නැන්දම්මට බනින ඒවා ඕක්කොම ඒ වගේ. ඒවා මහ දේවල් විදිහට හරි, ඒවට උත්තර දීල හරි විසදන්න පුලුවන් දේවල් නෙවෙයි. ඒවට උත්තර දෙන එක හරි ඒවා මාර මඩ ප්‍රහාර කියල හිතන එක ම අපරිණතකමේ සංකේත. පරිණත ලෙස මුහුණ දීමේ, ආසන්නතම මට මතක් වෙන උදාහරණය තමයි ලක්මාල් ධර්මරත්න. ලකාට වටවල ඇඩ් එකේ ඩිරෙක්ටර් විදිහට ලකාගෙ වර්ක් එකට, ලකාට, සෑහෙන්න පහර වදිනවා. එකේදී ලකා මේක ලොකුවට කෙයා කරපු බවක් පේන්න නෑ. Gune Aiyage Kamare දී මේකට සංවිධිත උත්තරයක් දෙන්න ලකා උත්...

අනුන්ගේ ජයට හුරේ දැමීම

මේ වගේ සුබ පැතුම් හැම වසරක ම ලංකාවේ කීප සැරයක් දකින්න ලැබෙනවා. කෙනෙක්ට සුබ පතන එකේ කිසිම වැරැද්දක් නෑ. මෙතනත් එංගලන්තයේ ජීවත් වෙන අවුරුදු 15ක් වසය ශ්‍රී ලාංකීක මූලයක් සහිත දැරියක් රටවල් ගණනාවක් පරදවල ප්‍රථම ස්ථානය ලබා ගත්ත කිවිඳියක් වෙලා. ඒ්ත් ඇත්තට ම, මේක ලංකාව විසින් අත්පත් කරගත්ත ජයග්‍රහණයක් විදිහට ලංකාවේ අය සතුටු වෙන්නෙ. ප්‍රීති ඝෝෂා කරන්නෙ. හැබැයි මේ වගේ කලාවෙන්, ක්‍රීඩාවෙන්, විද්‍යාවෙන් විශේෂ ඇගයීමට ලක් වෙන ගොඩක් අයගෙ මුල් ලංකාවේ උනාට ඉගෙන ගෙන තියෙන්නෙ වෙන රටක. ක්‍රීඩාවක් නම් පුහුණු වෙලා තියෙන්නෙ, පහසුකම් සපයල තියෙන්නෙ වෙන රටක්. ජයග්‍රහණයට අවස්ථාව හදල තියෙන්නෙ වෙන රටක්. හරියට ම ගත්තම, පුරවැසියෙක් විදිහට නියෝජනය කරන්නෙ ඒ දැනට ජීවත් වෙන රට. අම්ම හරි තාත්තා හරි ලංකාවේ වීම නිසයි එයාල එහෙම වෙලා තියෙන්නෙ. හරියට ම, කොහෙහරි ලංකාවට අයිති පුංචි මූලයක් හොයාගෙන ලාංකීකයා නටනවා. පොඩි ආතල් එකක් ගන්නවා. බීජයක් මොන පෝච්චියක පැළ කළත්, පස්සෙ ඒක හිටවල පොහොර දාලා, දළු දාලා වර්ධනය වෙන භූමියටයි ඒක ඵලදාව. ඒ පැළය රුක්ෂයක් දක්වා සවිමත්ව නැඟී සීටිමේ ආචාරය හිමි විය යුත්තෙ ඒ ගස ශක්තිමත්ව වසර ගණනක් පෝෂණය කර...

විෂයට පෙර සංස්කෘතිය

ලංකාවේ සාමන්‍යයෙන් මොකක්හරි ගැටලුවක් හම්බුණාම ඒකට තියෙන්නෙ විද්‍යාත්මක හේතුවක් වෙනුවට හරි සංස්කෘතික හේතු. ඒ කියන්නෙ මොකක්හරි කවුරුහරි ගෙදරදී පොඩි කාලෙ සීයා, ආච්චී කියපු දෙයක් වෙනස් කරල, මොඩිෆයි කරල තමයි ලොකු උනාමත් ප්‍රශ්නවලට හේතු හිතා ගන්නේ. ඒක මොකක් හරි විෂයක් උපරීමේට ම ප්‍රැක්ටිස් කළත් ඒ ප්‍රැක්ටිස් එකට කලින් එන්නෙ අර ගෙදරින් එද්දි ඉගෙන ගත්තු දේ. මේ නිසා මේ ගැන ඇත්තටම මොකක්හරි රිසර්ච් එකක් කරල ද, නැත්නම් හිතලුවක් ද කියල පැහැදිලි සැකයක් තියනව. දන්න කෙනෙක් ඉන්නව නම් රිපෝට් එකක් දාන්න!

හැරෙමුද සැරසෙමුද?

ආණ්ඩුව විසින් දිගින් දිගට ගේන ප්‍රතිපත්ති කීපයක් ම ගැන බැලුවම ඒවා ගොඩක් හොඳ ප්‍රතිපත්ති. විශේෂයෙන් ම ප්‍රවාහනය සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් අරගෙන තියෙන ඒවා. ඒවා වඩා හොඳ වීම ම නිසා ගොඩක් අය ඒ ගැන චකිතයෙන් එක එක විකාර කියනවා. දියුණු සිංගප්පූරුවක් ප්‍රාර්ථනා කළාට තව ම ඉන්නෙ තම්බපණ්ණි මානසිකත්වයේ. ඉතිං, කොහොමත් ප්‍රෙෂර් එකක් එනවා සමාජයෙන් ප්‍රගතිශීලි දේවල් හඳුන්වා දෙද්දි. ඒ වගේ අවස්ථාව පස්සට හැරෙනව නම් තවත් වෙන්නෙ දේවල් කරන්න තියෙන හැකියා ව අඩු වෙන එක. මේ දුබලතාවය හොඳට ම යහපාලන ආණ්ඩුව කාලේ දකින්න හම්බුණා. ඒ ආණ්ඩුවේ අවසානය සිදු වුණේ මේ ස්වභාවය නිසාමයි. ඒ නිසා පනත් කෙටුම්පතක් රිවස් කරන එක නෙවෙයි උත්තරේ. මේ දඩුවම් සම්බන්ධයෙන් පනත ගත්තත් ඒක දියුණු රටකට අවශ්‍ය පනතක්. හැබැයි, ඒ වෙනුවෙන් අධ්‍යාපන ක්‍රමය වගේ රාජ්‍ය ආයතන දැන් වැඩ කරන විදිහත් එක්ක පොඩි ගැටීමක් තියනවා. ඒ කියන්නෙ ගුරුවරු පුරුදු වෙලා ඉන්නෙ පාරක් ගහල ළමයි හදන්නනෙ. ඒ නිසා, ආණ්ඩුව කරගෙන යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක්ක විනය ගත කිරීම කායික දඩුවම් රහිතව කරන්නෙ කොහොම කියල ටීචර් ට්‍රේනින්වලින් ගුරුවරු අප්ඩේට් කරන්න වෙනවා. එහෙම කරල අවුරුදු කීපයකට පස...

විෂයට පෙර සංස්කෘතිය

ලංකාවේ සාමන්‍යයෙන් මොකක්හරි ගැටලුවක් හම්බුණාම ඒකට තියෙන්නෙ විද්‍යාත්මක හේතුවක් වෙනුවට හරි සංස්කෘතික හේතු. ඒ කියන්නෙ මොකක්හරි කවුරුහරි ගෙදරදී පොඩි කාලෙ සීයා, ආච්චී කියපු දෙයක් වෙනස් කරල, මොඩිෆයි කරල තමයි ලොකු උනාමත් ප්‍රශ්නවලට හේතු හිතා ගන්නේ. ඒක මොකක් හරි විෂයක් උපරීමේට ම ප්‍රැක්ටිස් කළත් ඒ ප්‍රැක්ටිස් එකට කලින් එන්නෙ අර ගෙදරින් එද්දි ඉගෙන ගත්තු දේ. මේ නිසා මේ ගැන ඇත්තටම මොකක්හරි රිසර්ච් එකක් කරල ද, නැත්නම් හිතලුවක් ද කියල පැහැදිලි සැකයක් තියනව. දන්න කෙනෙක් ඉන්නව නම් රිපෝට් එකක් දාන්න!

LGBTQ සහ වද කොත්තු රැලි

කවදාවත් නැති LGBTQ රැල්ලකුයි, ඒකට විරුද්ධ රැල්ලකුයි හැදීගෙන එනව වගේ පේනව නේද? වද කොත්තු රැල්ල මතක් කරගන්න. කැම්පේන් එක කාගෙද කියල තේරෙයි.

ගරිල්ලා මාකටින්

හිතුව මේක මෙයාල අයින් කරගන්නවා කියල. හිතුව වගේ ම අයින් කරගෙන. හැබැයි මාකටින් කියන්නෙ මාකටින් වීඩියෝ එක හරි ඒ මාකටින් ඇඩ් එක කරපු ඩිරේක්ටර් ඒක්ස්පෝස් කර ගන්න එක නෙවෙයි. බ්‍රෙෑන්ඩ් එක එක්ස්පෝස් කරගන්න එක. වීඩියෝ එක කියන්නෙ බ්‍රෑන්ඩ් එක අරගෙන යන එක මාධ්‍යයක් විතරයි. හැබැයි ඊයේ දවසේ විතරක් ඔය වගේ දෙපැත්ත කැපෙන වීඩියෝ එකක් කරල ගන්න ඕඩියන්ස් ඇටෙන්ෂන් එක ආයෙ මාලාට වටවල එකට ගන්න බෑ එහෙම විඩීයෝ එකක් නොකළ නම්. නිකං ඊයේ අද දවසේ ඔය පෝස්ට් එකට රීච් රිවීව් එකක් ගත්තොත්⁣ හොඳට ඒක පේයි. ඉතිං, හැමෝම එයාලගෙ මාකටින් වැඩේට ෆුල් සපෝට් එකක් නොමිලේ ම දුන්නා. ඒ අස්සෙ ආයෙ වටවල බොන්නෙ නෑ කිය කිය ලූස් තේ කොළ ගන්න අයත් දැන් කියව කියව යනවා. ඒත් මේ වගේ පොඩි වීඩියෝ එකක් වටවල වගේ බ්‍රෑන්ඩ් එකක ඉල්ලුම නැති කරන්න සමත් වෙන්නෙ නෑ. අනික ඔය වගේ දේකට බොන තේ කොළ එක වෙනස් කරන්න තරම් මිනිස්සු සෝශල් මීඩියාවල කියවන තරම් හැඟීම්බර නෑ. හැබැයි, ඒ කැම්පේන් එක කළේ වටවල කියල බ්‍රෑන්ඩ් නේම් එක අහල නැති අයට අස්සවන්න. දැන්, ඉතිං ඒක ඕනිවටත් වඩා හොඳට උනා. ඒ වගේ ම, ඊයේ ම පේජ්, අකවුන්ට් බර ගානක මේ වීඩියෝ වෙනම අප්ලෝඩ් කරල තිබ්බ. ඔරිජිනල් එක නැ...

LGBTQ සහ වදකොත්තු රැලි!

කවදාවත් නැති LGBTQ රැල්ලකුයි, ඒකට විරුද්ධ රැල්ලකුයි හැදීගෙන එනව වගේ පේනව නේද? වද කොත්තු රැල්ල මතක් කරගන්න. කැම්පේන් එක කාගෙද කියල තේරෙයි.

බයිස්කෝප් කෑලි අවශ්‍යයි!

ඕනෑ ම වෙනසක් සමාජය වෙනස් කරන්නෙ නිකං තාර්කික දෙයක් විදිහට නෙවෙයි. ඒ ඇතුළෙ හැඟීම්බර මුග්ධ සංවේදී අන්තර්ගතයක් තියෙනවා. මේ තනි සිද්ධිය ඇතුළෙන් භාවාතිශය වෙන දුබලයා හා ප්‍රබලයා පිළිබඳ අදහස වැදගත්. මේ තනි පොලිස් තරුණයා ඔසවා ගෙන යෑමෙන් සංකේතවත් වෙන්නෙ නිලධර බල පරාක්‍රමයට එරෙහි සමාජ අදහසයි. තවත්, පියවරක් පසුගාමිත්වයේ සිට නූතනත්වයට අඩියක් තියන්නට මේ වගේ බයිස්කෝප් කෑලි අවශ්‍යයි. අපි කැමති වුණත් දේවල් වෙන්නෙ එහෙමයි. 

පොත් කියවන්නෙ නැති උන්ගෙ පොත් මාසේ

සාහිත්‍ය මාසෙත් එක්ක පොත් ලිව්වට වඩා පොත් ගැන ලියපු කයිකන්දර සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. පොත් ගැන ලංකාව ඇතුළෙ මීට දශකයකට දෙකකට කලින් තිබ්බ සංස්කෘතියයි දැන් තියන සංස්කෘතියයි වෙන් කරගන්න මේ පොත් මාසේ එක්ක ඇති වුණ කතාබහ සෑහෙන්න වැදගත්. මීට කලින් පොත් ගැන මේ වගේ ම, විවේච්න සංවාද ඕනි තරම් තිබ්බ වගේ ම. ඒ විචාර සම්ප්‍රදය ඇතුළෙ කෙලින් ලේඛකයන්ට, හරි පාඨකයට හරි ඒ ලියපු දේ ගැන විවේචනය කරන්න අවස්ථාව හම්බුණා. ඒ වගේ ම,ඒ සඳහා පිළිතුරු දෙන්නත් සමහර වෙලාවට ඒ ලේඛකයන්ට අනික් පොත් විචාරකයින්ට සිද්ද වෙනවා. මේක දැන් වගේ නෙවෙයි එක්කො සංවාද භූමියක එළිපිට ෆේස්⁣ටු ෆේස් සංවාද කරන්න ඕනි. නැත්නම් පත්තරේට කෙලින් ම ලියල ගේම ඉල්ලන්න ඕනි. ගේම ඉල්ලන ප්‍රමාණයට අනික් පැත්තට පොතක් සම්බන්ධයෙන් අනික් පාර්ෂවයෙන් එන විවේචනයත් බාර ගන්න වෙනවා. ඒවා මඟ ඇරල දන්නෙ නෑ වගේ ඉන්නත් අමාරුයි. මේ නිසා පොත් සම්බන්ධ, ඒවගේ මතවාද ගැන තියන කතිකාව සෑහෙන්න සීරියස්. ⁣පොත හරියට කියවල, නිශ්චිත පදනමක් හැදෑරීමක් ඇතුළෙ විවේචනය කරන්න ඕනි. මොකද නැත්නම් අනික් පර්ෂ⁣වයෙන් කන්න වෙනවා. මතවාදීව ප්‍රහාරයට ලක් වෙන්න වෙනවා. හැබැයි දැන් එහෙම එකක් නෑ. පොත් ගැ...