මූවි එකක හයිප් එක ගන්න නළුවෙක්ගේ පර්සනලිටි එකට කරන්න පුලුවන් ප්‍රමාණය කොච්චර ද බලන්න ආයු ඒකේ Priyantha Sirikumara දිහා බැලුව ම හොඳට ම ඇති. ඔහු ඉන්නෙ ම හරි ම සීමිත සීන්ස් ගානක. හැබැයි, ඒ ශොට් කීපෙ ඇතුළෙ තියන හයිප් එක, අප් එක ආයෙ ගන්න බෑ. කබුකි නාට්‍යවල වීරයගෙ චරිතෙ හඳුන්වල දෙද්දි ප්‍රේක්ෂකාගාරය ඔල්වරසන් දෙනවා. දෙමළ චිත්‍රපටිවල වීරය සීන් එකට එන්ටර් වෙද්දි, සිනමාශාලාව විසිල් සද්දෙන් පිරෙනවා. 'ආයු' කියන්නෙ එහෙම විසිල් ගහල අප් කරන ජාතියෙ ඇක්ෂන් ෆිල්ම් එකක් නෙවෙයි. ඒ වගේ ම, ප්‍රියන්ත සිරිකුමාර රඟපාන්නෙ කතාවේ වීරයගෙ චරිතෙත් නෙවෙයි. නිකං ම, විශේෂ චරිතයක් නොවෙන බීච් එකේ චණ්ඩියෙක් වුණ සිරිල්ගෙ චරිතෙ. හැබැයි, ඔහු නිකං පසුබිම් චරිතයක් විදිහට, බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක්වත් නැතුව බුම්මගෙන සීන් එකට එන්ටර් වෙන තැන ෆිල්ම් එකට එන හයිප් එක හිතාගන්න බෑ. ඒක එන්නෙ ඔහු කාලයක් තිස්සෙ ඉඳන් හදාගත්ත රංග පෞරුෂය නිසා වෙන්න ඕනි. ක්‍රියාදාම චිත්‍රපටියක් නොවුනත් ඒ සිනමා පර්සනලිටි එක නිසා මූවි එකට ඇවිල්ල තියන හයිප් එක කියල වැඩක් නෑ. ඒකෙන් කුඩා චරිතෙකට උනත් තෝරගන්න කාස්ට් එක ෆිල්ම් එකක් සාර්ථක වෙන්න කොච්චර ...