මූවි එකක හයිප් එක ගන්න නළුවෙක්ගේ පර්සනලිටි එකට කරන්න පුලුවන් ප්‍රමාණය කොච්චර ද බලන්න ආයු ඒකේ Priyantha Sirikumara දිහා බැලුව ම හොඳට ම ඇති. ඔහු ඉන්නෙ ම හරි ම සීමිත සීන්ස් ගානක. හැබැයි, ඒ ශොට් කීපෙ ඇතුළෙ තියන හයිප් එක, අප් එක ආයෙ ගන්න බෑ. කබුකි නාට්‍යවල වීරයගෙ චරිතෙ හඳුන්වල දෙද්දි ප්‍රේක්ෂකාගාරය ඔල්වරසන් දෙනවා. දෙමළ චිත්‍රපටිවල වීරය සීන් එකට එන්ටර් වෙද්දි, සිනමාශාලාව විසිල් සද්දෙන් පිරෙනවා. 'ආයු' කියන්නෙ එහෙම විසිල් ගහල අප් කරන ජාතියෙ ඇක්ෂන් ෆිල්ම් එකක් නෙවෙයි. ඒ වගේ ම, ප්‍රියන්ත සිරිකුමාර රඟපාන්නෙ කතාවේ වීරයගෙ චරිතෙත් නෙවෙයි. නිකං ම, විශේෂ චරිතයක් නොවෙන බීච් එකේ චණ්ඩියෙක් වුණ සිරිල්ගෙ චරිතෙ. හැබැයි, ඔහු නිකං පසුබිම් චරිතයක් විදිහට, බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක්වත් නැතුව බුම්මගෙන සීන් එකට එන්ටර් වෙන තැන ෆිල්ම් එකට එන හයිප් එක හිතාගන්න බෑ. ඒක එන්නෙ ඔහු කාලයක් තිස්සෙ ඉඳන් හදාගත්ත රංග පෞරුෂය නිසා වෙන්න ඕනි. ක්‍රියාදාම චිත්‍රපටියක් නොවුනත් ඒ සිනමා පර්සනලිටි එක නිසා මූවි එකට ඇවිල්ල තියන හයිප් එක කියල වැඩක් නෑ. ඒකෙන් කුඩා චරිතෙකට උනත් තෝරගන්න කාස්ට් එක ෆිල්ම් එකක් සාර්ථක වෙන්න කොච්චර බලපානව ද කියල පෙන්නන් පුලුවන් හොඳ නිදර්ශනයක් මේක! ❤️
රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ. රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ දකින්න පුලුවන්. රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ. කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

Comments
Post a Comment