Skip to main content

පොත් කියවන්නෙ නැති උන්ගෙ පොත් මාසේ

සාහිත්‍ය මාසෙත් එක්ක පොත් ලිව්වට වඩා පොත් ගැන ලියපු කයිකන්දර සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. පොත් ගැන ලංකාව ඇතුළෙ මීට දශකයකට දෙකකට කලින් තිබ්බ සංස්කෘතියයි දැන් තියන සංස්කෘතියයි වෙන් කරගන්න මේ පොත් මාසේ එක්ක ඇති වුණ කතාබහ සෑහෙන්න වැදගත්. මීට කලින් පොත් ගැන මේ වගේ ම, විවේච්න සංවාද ඕනි තරම් තිබ්බ වගේ ම. ඒ විචාර සම්ප්‍රදය ඇතුළෙ කෙලින් ලේඛකයන්ට, හරි පාඨකයට හරි ඒ ලියපු දේ ගැන විවේචනය කරන්න අවස්ථාව හම්බුණා. ඒ වගේ ම,ඒ සඳහා පිළිතුරු දෙන්නත් සමහර වෙලාවට ඒ ලේඛකයන්ට අනික් පොත් විචාරකයින්ට සිද්ද වෙනවා. මේක දැන් වගේ නෙවෙයි එක්කො සංවාද භූමියක එළිපිට ෆේස්⁣ටු ෆේස් සංවාද කරන්න ඕනි. නැත්නම් පත්තරේට කෙලින් ම ලියල ගේම ඉල්ලන්න ඕනි. ගේම ඉල්ලන ප්‍රමාණයට අනික් පැත්තට පොතක් සම්බන්ධයෙන් අනික් පාර්ෂවයෙන් එන විවේචනයත් බාර ගන්න වෙනවා. ඒවා මඟ ඇරල දන්නෙ නෑ වගේ ඉන්නත් අමාරුයි. මේ නිසා පොත් සම්බන්ධ, ඒවගේ මතවාද ගැන තියන කතිකාව සෑහෙන්න සීරියස්. ⁣පොත හරියට කියවල, නිශ්චිත පදනමක් හැදෑරීමක් ඇතුළෙ විවේචනය කරන්න ඕනි. මොකද නැත්නම් අනික් පර්ෂ⁣වයෙන් කන්න වෙනවා. මතවාදීව ප්‍රහාරයට ලක් වෙන්න වෙනවා.



හැබැයි දැන් එහෙම එකක් නෑ. පොත් ගැන කතිකාව කෙලින් ම ගමේ කෝපි කඩේට ඇවිල්ල තියනවා. පොත් ගැන විවේචනය කරන්න තියන හොඳම සුදුසුකම ඒ පොත නොකියවන එක වෙලා තියෙනවා. උදාහරණ දෙකක් මට මේකේදී පෙන්නන් පුලුවන්. එකක් මුද්දරස්පලම් එක,අනික සේපාලික එක. දෙකට ම පොතත් පතක් නොබලන පාඨක ගැන්සිය ගහනවා ඇටි හැලෙන්නෙ. හැබැයි, ඒ එකකවත් පොතේ අන්තර්ගතය ගැන, ඒ පොතේ තියන දෘෂ්ටිවාදය ගැන වචනයක් කියල තියනවා දැක්කෙ නෑ. හැබැයි, සාහිත්‍ය කනවා කියල ගහනවා. තනිකර ම තියෙන කවරේ බලල ගහන එකක්. එහෙම නැත්නම් පොත විකුණන හැටි ගැන කියල පොත ජෝක් කරන එකක්. අබමල් රේණුවක අදහසක් නෑ ඇයි ඒ පොත වැඩක් නැත්තෙ, මොනවද ඒකෙ තියෙන සාහිත්තික බෙලහීනතා කියල. හොඳ ම කතාව තමයි කවි ලියන, කතා ලියන ලේඛක සමාජේ ඉන්න අයත් තමන්ගෙ පොතට වඩා අරව හොඳට විකිණෙන ඒකේ ඇරියස් එකටත් එක්ක පොත්වලට ගහනවා. හැබැයි, අන්තර්ගත ගැන පැහැදිලි කරල විවේචනයක් නෑ කොහොවත්. ඒකෙන් හොඳට ම සුවර් පොත් ගැන කතා කරන අයයි, පොත් ලියන අයයි දෙගොල්ලො ම පොත් කියවන්නෙ නෑ කියල. ඉතිං, මේක තමයි පොත් කියවන්නෙ නැති උන්ගෙ පොත් මාසේ! 

(ප.ලි. ඔය කියන පොත් දෙක මං කියවල නෑ. ඉතිං හොඳයි නරකයිද කියන්න මං දන්නෙ නෑ. හැබැයි, පොත නොකියව පොතට ගහන අය තරම් පොත් ලියපු අයට දෙන සපෝට් එක මාකටින් ටීම් දහයක් අරගෙනවත් ගන්න බෑ. ඒ විදිහට හරි පොතක් සැපට කොපීස් සෑහෙන්න විකිණෙන එකනම් සැප වැඩක් හැබැයි!)


ඉසුරු උදාකර යකන්දාවල

Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ශාස්ත්‍රීය අධ්‍යාපනයේ උගුල?

බණ්ඩ (Waruna Priyan Bandara) මේ පෞද්ගලික අර්ථයෙන් කියන්න හදන අදහස ඇතුළෙ ටෙක්නිකල් ගැටලුවක් තියනවා. මේකෙ කියන විදිහට ලංකාවෙ ගොඩක් දෙනෙක් අධ්‍යාපනය ලබන්නෙ එයාලගෙ ආසාවෙන් කියන පූර්ව විනිශ්චනයක ඉඳල. ඒත් ගොඩක් අය ලංකාව වගේ රටක අධ්‍යාපනය ලබන්නෙ තමන්ගෙ සමාජ මට්ටටම වැඩි කරගෙන සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන්. හැබැයි සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන් ලෝකයෙ ම ගත්ත ම විශ්වවිද්‍යාලවල ගිහින් සෑහෙන්න ඉගෙන ගෙන සල්ලි මාර විදිහට හම්බකරනවා කියන එක කරන්න අමාරු වැඩක්. මාර විදිහට සල්ලි හම්බ කරන්න ඕනි අය ඒක කරන්නෙ නෑ. ලංකාව ඇතුළෙ ගොඩක් වෙලාවට වෙන්නෙ ලංකාවේ නොමිලෙ අධ්‍යාපනය ලබා දෙන නිසාත්, ඒක විශ්වවිද්‍යාලය දක්වා තියන නිසාත් විශ්වවිද්‍යාල දක්වා ම ඉගෙන ගෙන ඔහේ එනවා.  එහෙම නැතුව අධ්‍යාපනයට ආසාවක් හරි, ශාස්ත්‍රීය ගවේෂණයක් නෑ. මේ නිසා ⁣වෘත්තීය පුහුණවක් වගේ දෙයක් එක්ක ඉක්මනින් රැකියි ක්ෂේත්‍රයට එන්න ඕනි අය දහස් ගණනක් නිකරුණෙ තමන් ආස නැති ශාස්ත්‍රීය ක්ෂේත්‍රවලට ඇවිල්ල තදබදයක් ඇතිවෙලා තියෙන්නෙ. මේක හරියට, අධ්‍යාපන ක්‍රමය ආර්ථිකය එක්ක ගැට ගහපු දවසට බහුතරයක් වෘත්තීය හා කර්මාන්ත අධ්‍යාපනයක් අරගෙන රැකියා ආර්ථිකයට...

ලොකුයි නේද?

සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල විවාහය කියන්නෙ සෑහෙන්න තරමක ඇල් මැරුණු සම්බන්ධයක්. සජීවී බව රැක ගැනීම, මනුෂ්‍යය බැදීමක උණුසුම රැක ගන්න සැලසුමක් ඒ ඇතුළෙ නෑ. බොහෝ විට තමන් ප්ලෑන් කරපු භෞතික දේවල් කීපයක් පස්සෙ දුවන්න හරි, අච්චුවකට වැටුණු ලයිෆ් ස්ටයිල් එකකට දුවන එක ඇරෙන්න සතුට ගැන, ට්‍රිප් එකක් ගැන, ඩේ අවුට් එකක් ගැන සැලසුමක් විවාහ සැලසුමක් ඇතුළෙ නෑ. නෙළුම් කුළුණ ෆිල්ම් එකේ පෙන්නන්නෙ මැරුණු පිරිමියෙක්ගෙ ලිංගික උත්තේජනයක් මිසක් ජීවත් වෙන මනුස්සයෙක් ගැන නෙවෙයි. ඇත්තට ම, සජීවි මනුස්සයෙක් ගත්ත ම ඒකේ යථාර්ථය මේ ලේලීල දෙන්න කතා කරනව වගේ දෙයක්. ⁣ජීව විද්‍යාත්මක විදහට නෙවෙයි මානසිකවත් විවාහක පිරිමියා බෙලහීනයි. කම්මැලි කුසීත අච්චුවෙච්චි ජීවන රටාව ඇතුළෙ පිරිමි සහ ගැහැණු බෙලහීනයි. විනෝදයෙන් විනිර්මුක්තයි. නෙළුම් කුළුණ අපිට පවසන්නේ ලංකාව වගේ කම්මැලි ජීවන රටාවක් හිමි වුණ සමාජයක මිය ගිය පිරිමියෙක් හැර ජීවත් වෙන ප්‍රාණවත් පිරිමින් නැති බවයි. පැරණි ආකෘතියෙන් මිදිල විනෝදකාමී පවුල් ආකෘතියක් ලංකාවට අවශ්‍ය වෙලා තියෙනවා. එතකන් මැරුණු පිරිමින්ගේ ප්‍රාණවත් උන පුරුෂ ලිංග ගැන කතා කර කර ම ඉන්න වෙනව අපිට.  ඉසුරු උදා...