Skip to main content

පොත් කියවන්නෙ නැති උන්ගෙ පොත් මාසේ

සාහිත්‍ය මාසෙත් එක්ක පොත් ලිව්වට වඩා පොත් ගැන ලියපු කයිකන්දර සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. පොත් ගැන ලංකාව ඇතුළෙ මීට දශකයකට දෙකකට කලින් තිබ්බ සංස්කෘතියයි දැන් තියන සංස්කෘතියයි වෙන් කරගන්න මේ පොත් මාසේ එක්ක ඇති වුණ කතාබහ සෑහෙන්න වැදගත්. මීට කලින් පොත් ගැන මේ වගේ ම, විවේච්න සංවාද ඕනි තරම් තිබ්බ වගේ ම. ඒ විචාර සම්ප්‍රදය ඇතුළෙ කෙලින් ලේඛකයන්ට, හරි පාඨකයට හරි ඒ ලියපු දේ ගැන විවේචනය කරන්න අවස්ථාව හම්බුණා. ඒ වගේ ම,ඒ සඳහා පිළිතුරු දෙන්නත් සමහර වෙලාවට ඒ ලේඛකයන්ට අනික් පොත් විචාරකයින්ට සිද්ද වෙනවා. මේක දැන් වගේ නෙවෙයි එක්කො සංවාද භූමියක එළිපිට ෆේස්⁣ටු ෆේස් සංවාද කරන්න ඕනි. නැත්නම් පත්තරේට කෙලින් ම ලියල ගේම ඉල්ලන්න ඕනි. ගේම ඉල්ලන ප්‍රමාණයට අනික් පැත්තට පොතක් සම්බන්ධයෙන් අනික් පාර්ෂවයෙන් එන විවේචනයත් බාර ගන්න වෙනවා. ඒවා මඟ ඇරල දන්නෙ නෑ වගේ ඉන්නත් අමාරුයි. මේ නිසා පොත් සම්බන්ධ, ඒවගේ මතවාද ගැන තියන කතිකාව සෑහෙන්න සීරියස්. ⁣පොත හරියට කියවල, නිශ්චිත පදනමක් හැදෑරීමක් ඇතුළෙ විවේචනය කරන්න ඕනි. මොකද නැත්නම් අනික් පර්ෂ⁣වයෙන් කන්න වෙනවා. මතවාදීව ප්‍රහාරයට ලක් වෙන්න වෙනවා.



හැබැයි දැන් එහෙම එකක් නෑ. පොත් ගැන කතිකාව කෙලින් ම ගමේ කෝපි කඩේට ඇවිල්ල තියනවා. පොත් ගැන විවේචනය කරන්න තියන හොඳම සුදුසුකම ඒ පොත නොකියවන එක වෙලා තියෙනවා. උදාහරණ දෙකක් මට මේකේදී පෙන්නන් පුලුවන්. එකක් මුද්දරස්පලම් එක,අනික සේපාලික එක. දෙකට ම පොතත් පතක් නොබලන පාඨක ගැන්සිය ගහනවා ඇටි හැලෙන්නෙ. හැබැයි, ඒ එකකවත් පොතේ අන්තර්ගතය ගැන, ඒ පොතේ තියන දෘෂ්ටිවාදය ගැන වචනයක් කියල තියනවා දැක්කෙ නෑ. හැබැයි, සාහිත්‍ය කනවා කියල ගහනවා. තනිකර ම තියෙන කවරේ බලල ගහන එකක්. එහෙම නැත්නම් පොත විකුණන හැටි ගැන කියල පොත ජෝක් කරන එකක්. අබමල් රේණුවක අදහසක් නෑ ඇයි ඒ පොත වැඩක් නැත්තෙ, මොනවද ඒකෙ තියෙන සාහිත්තික බෙලහීනතා කියල. හොඳ ම කතාව තමයි කවි ලියන, කතා ලියන ලේඛක සමාජේ ඉන්න අයත් තමන්ගෙ පොතට වඩා අරව හොඳට විකිණෙන ඒකේ ඇරියස් එකටත් එක්ක පොත්වලට ගහනවා. හැබැයි, අන්තර්ගත ගැන පැහැදිලි කරල විවේචනයක් නෑ කොහොවත්. ඒකෙන් හොඳට ම සුවර් පොත් ගැන කතා කරන අයයි, පොත් ලියන අයයි දෙගොල්ලො ම පොත් කියවන්නෙ නෑ කියල. ඉතිං, මේක තමයි පොත් කියවන්නෙ නැති උන්ගෙ පොත් මාසේ! 

(ප.ලි. ඔය කියන පොත් දෙක මං කියවල නෑ. ඉතිං හොඳයි නරකයිද කියන්න මං දන්නෙ නෑ. හැබැයි, පොත නොකියව පොතට ගහන අය තරම් පොත් ලියපු අයට දෙන සපෝට් එක මාකටින් ටීම් දහයක් අරගෙනවත් ගන්න බෑ. ඒ විදිහට හරි පොතක් සැපට කොපීස් සෑහෙන්න විකිණෙන එකනම් සැප වැඩක් හැබැයි!)


ඉසුරු උදාකර යකන්දාවල

Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි. දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි...

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි.... මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි. ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස...