'යොගේෂ්වරී' කියන්නෙ මාස්ටර්පීස් එකක් වගේ අදහසක් Charithaගෙ රසිකයො හදන්න හදනව වගේ පේනවා. ඒත් ඒක තමයි චරිතට කරන්න පුලුවන් ලොකු ම හානිය. කොච්චර ප්‍රොඩක්ෂන් එකට මහන්සි උනත් යොගේෂ්වරි මීට කලින් චරිත කරපු වැඩ එක්ක බලද්දිත් පිටිපස්සෙන්. සිංදුව පුරාවට ම චරිතගෙ ම ZD8 සිංදුවෙ නාද රටාවෙන් එළියට එන්න බැරි උන ගතිය පේනවා. මේක චරිතගෙ විතරක් නෙවෙයි දැනට මියුසික් කරන ගොඩක් අයගෙ තියන දෙයක්. එයාල එක මියුසික් වැඩක් කළහම ඒ නාද රටාවෙන්, තාලයෙන් එළියට ඒගන්න බැරි උන ගතියකින් පෙලෙනවා. යෝගේෂ්වරී එකෙනුත් මට ඇහෙන්නෙ ZD8 එකෙන් එළියට එන්න බැරි උන චරිතව. අනික් දේ තමයි මේක ලංකාවෙ මියුසික්වල, එහෙම නැත්නම් ජාතික ප්‍රශ්නෙ, උතුරේ යුද්ධය සම්බන්ධව කරපු නිර්මාණ අතර මාස්ටර් පීස් එක ද කියන එක. අපේ වයස්වල ගොඩක් අය ඇත්තට ම චරිතගේ වැඩේ මාස්ටර් පීස් එකක් කියල පිළිගන්නෙ එයාල සිංදු සීරියස්ව අහන්න අරගෙන තියන්නෙ ගොඩක් පස්සෙ මෑතකදි නිසා. ෆිල්ම් එකක් උනත් සීරියස්ව කියවන්න පටන් අරන් තියෙන්නෙ අද ඊයේ දකින චිත්‍රපටි ගැන විතරක් හිතල. චරිත කරල තියෙන්නෙ සිංදුවක් විතරක් නෙවෙයි ෆිල්ම් එකකතුත් නිසා මීට කලින් මේ යුද්ධය පාදක කරගත්ත ෆිල්ම් ටිකකුත් මතක් වෙනවා. උදාහරණ විදිහට ඉර මැදියම, මේ මගේ සඳයි, පුර හඳ කළුවර, ඔබ නැතුව ඔබ එක්ක වගේ චිත්‍රපටි යුද්ධය සම්බන්ධ ජීවිත, මනුෂ්‍යත්වය ගැන අමතක කරන්න බැරි නිර්මාණ ටිකක් කරල තියනවා. ගීත විදිහට ගත්ත ම මන්නාරම් කන්‍යාරාමය, සිංහල සිංදු කියන, ශාන්තිනි තෙමා වැටෙයි වගේ ගීත ගීතමය ප්‍රකාශනය අතින් ප්‍රබලයි. චරිතට ගීතයේ හෝ චිත්‍රපටයේ තියෙන සීමාවත් පැන ගන්න බැරි වෙලා තියෙනවා. මේ සීමාව ගැන ගොඩක් අපේ වයසේ, පස්සෙ ආර්ට්වර්ක් ගැන ෆේස්බුක් ට්‍රෙන්ඩ් එකත් එක්ක සීරියස්ව හිතන්න ගත්තු අයට මඟ ඇරිල තියෙන නිසා 'යෝගේෂ්වරී' මාස්ටර් පීස් එකක් කියල හිතන එක පුදුමයක් නෙවෙයි. හැබැයි, චරිතව ඒ වගේ සීමාවක හිර කරල චරිතගෙ උපරිමේ ඒක කියල හිතනව නම් ඒක අපරාදයක්. ඒක චරිතට ම කරන අපරාදයක්!
රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ. රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ දකින්න පුලුවන්. රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ. කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

Comments
Post a Comment