හිතුව මේක මෙයාල අයින් කරගන්නවා කියල. හිතුව වගේ ම අයින් කරගෙන. හැබැයි මාකටින් කියන්නෙ මාකටින් වීඩියෝ එක හරි ඒ මාකටින් ඇඩ් එක කරපු ඩිරේක්ටර් ඒක්ස්පෝස් කර ගන්න එක නෙවෙයි. බ්‍රෙෑන්ඩ් එක එක්ස්පෝස් කරගන්න එක. වීඩියෝ එක කියන්නෙ බ්‍රෑන්ඩ් එක අරගෙන යන එක මාධ්‍යයක් විතරයි. හැබැයි ඊයේ දවසේ විතරක් ඔය වගේ දෙපැත්ත කැපෙන වීඩියෝ එකක් කරල ගන්න ඕඩියන්ස් ඇටෙන්ෂන් එක ආයෙ මාලාට වටවල එකට ගන්න බෑ එහෙම විඩීයෝ එකක් නොකළ නම්. නිකං ඊයේ අද දවසේ ඔය පෝස්ට් එකට රීච් රිවීව් එකක් ගත්තොත් හොඳට ඒක පේයි. ඉතිං, හැමෝම එයාලගෙ මාකටින් වැඩේට ෆුල් සපෝට් එකක් නොමිලේ ම දුන්නා. ඒ අස්සෙ ආයෙ වටවල බොන්නෙ නෑ කිය කිය ලූස් තේ කොළ ගන්න අයත් දැන් කියව කියව යනවා. ඒත් මේ වගේ පොඩි වීඩියෝ එකක් වටවල වගේ බ්‍රෑන්ඩ් එකක ඉල්ලුම නැති කරන්න සමත් වෙන්නෙ නෑ. අනික ඔය වගේ දේකට බොන තේ කොළ එක වෙනස් කරන්න තරම් මිනිස්සු සෝශල් මීඩියාවල කියවන තරම් හැඟීම්බර නෑ. හැබැයි, ඒ කැම්පේන් එක කළේ වටවල කියල බ්‍රෑන්ඩ් නේම් එක අහල නැති අයට අස්සවන්න. දැන්, ඉතිං ඒක ඕනිවටත් වඩා හොඳට උනා. ඒ වගේ ම, ඊයේ ම පේජ්, අකවුන්ට් බර ගානක මේ වීඩියෝ වෙනම අප්ලෝඩ් කරල තිබ්බ. ඔරිජිනල් එක නැති නිසා ඕනි කෙනෙක්ට වීඩියෝ එක තව තව තහනම් වුණ ඇඩ් එකක් බලන වීනෝදෙන් බලන්න පුලුවන්. අන්තිම දේ තමයි, ඕඩියනස් එකේ බලපෑම නිසා එයාල වීඩියෝ එක අයින් කරගන්නවා කියල හරි ම සංවේදී විදිහට දැන් ස්ටේට්මන්ට් එකකුත් හදල වීඩියෝ එක හරි ම ගෞරවනීය, ශිෂ්ට සම්පන්න විදිහට අයින් කරගෙන. ඒ පැත්තත් බැලනස් දැන්. හැබැයි මං හිතන්නෙ මේ ස්ටේට්මන්ට් එකත් මේ වීඩියෝ එක හදද්දි ම තමයි හදන්න ඇත්තේ. ඉතිං මීට වඩා බ්‍රෑන්ඩ් මාකටින් එකක් තියනව ද?
(මේක, මීට වඩා හොඳට මාකටින් ෆීල්ඩ් එකේ එක්ස්පර්ට් කෙනෙක් පැහැදිලි කරන්න පුලුවන්. මේ කියල තියෙන්නේ මතුපිට තලයේ කොච්චර මේ ඇඩ් එක සක්සස් වෙලා ද කියන එක විතරයි.)

Comments
Post a Comment