Skip to main content

අනුන්ගේ ජයට හුරේ දැමීම

මේ වගේ සුබ පැතුම් හැම වසරක ම ලංකාවේ කීප සැරයක් දකින්න ලැබෙනවා. කෙනෙක්ට සුබ පතන එකේ කිසිම වැරැද්දක් නෑ. මෙතනත් එංගලන්තයේ ජීවත් වෙන අවුරුදු 15ක් වසය ශ්‍රී ලාංකීක මූලයක් සහිත දැරියක් රටවල් ගණනාවක් පරදවල ප්‍රථම ස්ථානය ලබා ගත්ත කිවිඳියක් වෙලා. ඒ්ත් ඇත්තට ම, මේක ලංකාව විසින් අත්පත් කරගත්ත ජයග්‍රහණයක් විදිහට ලංකාවේ අය සතුටු වෙන්නෙ. ප්‍රීති ඝෝෂා කරන්නෙ. හැබැයි මේ වගේ කලාවෙන්, ක්‍රීඩාවෙන්, විද්‍යාවෙන් විශේෂ ඇගයීමට ලක් වෙන ගොඩක් අයගෙ මුල් ලංකාවේ උනාට ඉගෙන ගෙන තියෙන්නෙ වෙන රටක. ක්‍රීඩාවක් නම් පුහුණු වෙලා තියෙන්නෙ, පහසුකම් සපයල තියෙන්නෙ වෙන රටක්. ජයග්‍රහණයට අවස්ථාව හදල තියෙන්නෙ වෙන රටක්. හරියට ම ගත්තම, පුරවැසියෙක් විදිහට නියෝජනය කරන්නෙ ඒ දැනට ජීවත් වෙන රට. අම්ම හරි තාත්තා හරි ලංකාවේ වීම නිසයි එයාල එහෙම වෙලා තියෙන්නෙ. හරියට ම, කොහෙහරි ලංකාවට අයිති පුංචි මූලයක් හොයාගෙන ලාංකීකයා නටනවා. පොඩි ආතල් එකක් ගන්නවා. බීජයක් මොන පෝච්චියක පැළ කළත්, පස්සෙ ඒක හිටවල පොහොර දාලා, දළු දාලා වර්ධනය වෙන භූමියටයි ඒක ඵලදාව. ඒ පැළය රුක්ෂයක් දක්වා සවිමත්ව නැඟී සීටිමේ ආචාරය හිමි විය යුත්තෙ ඒ ගස ශක්තිමත්ව වසර ගණනක් පෝෂණය කරන ලද පොළවට. බීජය කොහෙන් ආවත් බීජය කනාටු ගහක් වෙනව ද මහා රුක්ෂයක් වෙනව ද කියන අයිති වෙන්නෙ බීජය ආපු තැනට නෙවෙයි බීජය පැළ වෙලා දළු දාලා වැඩුණ පොළවට. ඉතිං, මේ වගේ ජයග්‍රහණ අනුන්ගෙ ජයග්‍රහණ මිසක් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජයේ නිර්මාණයක් නෙවෙයි. ඒක අපේ දෙයක් කියල හිතල හිත සනසගන්න මො⁣හොතක් ගානෙ අප කොතන ද ඉන්නෙ කියන එක අපිට අමතක කරවනවා. අපිට අපිව අමතක කරවනවා.



Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි. දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි...

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි.... මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි. ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස...