ආණ්ඩුව විසින් දිගින් දිගට ගේන ප්‍රතිපත්ති කීපයක් ම ගැන බැලුවම ඒවා ගොඩක් හොඳ ප්‍රතිපත්ති. විශේෂයෙන් ම ප්‍රවාහනය සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් අරගෙන තියෙන ඒවා. ඒවා වඩා හොඳ වීම ම නිසා ගොඩක් අය ඒ ගැන චකිතයෙන් එක එක විකාර කියනවා. දියුණු සිංගප්පූරුවක් ප්‍රාර්ථනා කළාට තව ම ඉන්නෙ තම්බපණ්ණි මානසිකත්වයේ. ඉතිං, කොහොමත් ප්‍රෙෂර් එකක් එනවා සමාජයෙන් ප්‍රගතිශීලි දේවල් හඳුන්වා දෙද්දි. ඒ වගේ අවස්ථාව පස්සට හැරෙනව නම් තවත් වෙන්නෙ දේවල් කරන්න තියෙන හැකියා ව අඩු වෙන එක. මේ දුබලතාවය හොඳට ම යහපාලන ආණ්ඩුව කාලේ දකින්න හම්බුණා. ඒ ආණ්ඩුවේ අවසානය සිදු වුණේ මේ ස්වභාවය නිසාමයි. ඒ නිසා පනත් කෙටුම්පතක් රිවස් කරන එක නෙවෙයි උත්තරේ. මේ දඩුවම් සම්බන්ධයෙන් පනත ගත්තත් ඒක දියුණු රටකට අවශ්‍ය පනතක්. හැබැයි, ඒ වෙනුවෙන් අධ්‍යාපන ක්‍රමය වගේ රාජ්‍ය ආයතන දැන් වැඩ කරන විදිහත් එක්ක පොඩි ගැටීමක් තියනවා. ඒ කියන්නෙ ගුරුවරු පුරුදු වෙලා ඉන්නෙ පාරක් ගහල ළමයි හදන්නනෙ. ඒ නිසා, ආණ්ඩුව කරගෙන යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක්ක විනය ගත කිරීම කායික දඩුවම් රහිතව කරන්නෙ කොහොම කියල ටීචර් ට්‍රේනින්වලින් ගුරුවරු අප්ඩේට් කරන්න වෙනවා. එහෙම කරල අවුරුදු කීපයකට පස්සෙ ගුරුවරු අප්ඩේට් වෙද්දි පනත බලාත්මක වෙන විදිහට පනත සම්මත කරන එක ප්‍රයෝගික ප්‍රවේශයක්. එහෙම නැතුව, ප්‍රගතිශීලි පනත් දැන් තියන ආයතන ව්‍යුහයේ හා නිලධාරීන්ගෙ තියන අඩුපාඩු නිසා රිවර්ස් එක අපරාදයක්!
රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ. රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ දකින්න පුලුවන්. රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ. කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

Comments
Post a Comment