බුක්ෆෙයා කාලෙ ඉඳන් කසුන්ගෙ මේ පැටලි පැටලි යන කතාවෙ දී කසුන්ට බනින්න තරම් වරදක් කසුන් කරනවා කියල පේන්නෙ නෑ. පොඩි ශෝ ඕෆ් එකක් කරල, හොඳ මාකටින් පාරක් දාලා එයාගෙ පොතට, ෆැමිලි එකට පබ්ලිසිටි එකක් දුන්නා. ඒක රටේ අනික් මිනිස්සුත් එක එක විදිහට කරන දෙයක්. හැබැයි, මේ මොකක් කළත් කසුන්ගෙයි මාධවීගෙයි සමාජය එක්ක ගනුදෙනු කිරීමේ අපරිනතකම වහන්න බෑ. ලංකාවේ ජීවත් වුණ ඕනි මනුස්සයෙක් දන්නවා ලංකාව් මිනිස්සු මොනවහරි දෙයක් හම්බුණා තමන්ගෙ ඇරියස් එක යනකන් ඒක ට්‍රොල් කරනවා. එතකොට ඔය පොදු සමාජය කියන ඒවා, බනින ඒවා, කරන චෝදනා කිසිම පදනමක් නැතුව කරන ඒවා. ඔයා පවුලට බනින ඒවා, ළමයට කරන ඒවා, නැන්දම්මට බනින ඒවා ඕක්කොම ඒ වගේ. ඒවා මහ දේවල් විදිහට හරි, ඒවට උත්තර දීල හරි විසදන්න පුලුවන් දේවල් නෙවෙයි. ඒවට උත්තර දෙන එක හරි ඒවා මාර මඩ ප්‍රහාර කියල හිතන එක ම අපරිණතකමේ සංකේත.
පරිණත ලෙස මුහුණ දීමේ, ආසන්නතම මට මතක් වෙන උදාහරණය තමයි ලක්මාල් ධර්මරත්න. ලකාට වටවල ඇඩ් එකේ ඩිරෙක්ටර් විදිහට ලකාගෙ වර්ක් එකට, ලකාට, සෑහෙන්න පහර වදිනවා. එකේදී ලකා මේක ලොකුවට කෙයා කරපු බවක් පේන්න නෑ. Gune Aiyage Kamare දී මේකට සංවිධිත උත්තරයක් දෙන්න ලකා උත්සහ කරනවා. ඒ ඇරෙන්න කමෙන්ට් කරන හරි, හතර වටෙන් එන හැම එකට කරට අරගෙන වැලපෙන ස්වභාවයක් ලකාගෙ නෑ. මේ පරිණත බව ලබා ගන්නෙ නැතුව මේ වගේ ඩිජිටල් සොසයිටියක අදහසක් දරන්න හරි, අඩුම තරමේ ශෝ ඕෆ් එකක් හරියට කරගන්න හරි හරි ම අමාරුයි. ඒක තේරුනා නම් කසුන් මේ තරම් දුරට අපහසු අන්තයකට යන්නෙ නෑ.

Comments
Post a Comment