Skip to main content

Posts

Showing posts from January, 2026

Toxic රිලේෂන්ෂිප්

Toxic සම්බන්ධකම් ගැන ගොඩක් අය අද කතා කරනවා. ඒකෙන් වෙන විනාශ ගැනත් සෑහෙන්න කතා කරනවා. හැබැයි, මේක ගැන අවුරුද 2600 කට කලින් පරාභව සූත්‍රයෙත් නොකිය කියල තියන කොටසක් හම්බුණා.  ඒකෙ කියනවා, "අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුත්ථනිං-තස්සා ඉස්සා න සුපති  තං පරාභවතෝ මුඛං"(පරාභව සූත්‍රය)  තේරුම ගත්තොත්, "වයසක බමුණෙක් ගැට තිඹිරි වන් පියයුරු ඇති ඉතා තරුණ යුවතික විවාහ කරගෙන ඇය වරදෙහි බැඳෙයි යන බියෙන් නොනිදා ඇය රකීද එබඳු තැනැත්තා පිරිහේ) අපි මේක අද සමාජයට උපමාවක් විදිහට ඇප්ලයි කලොත් දේවල් කීපයක් හිතාගන්නොනි ⁣නොපිරිහී ඉන්නවනම්. මුලින් ම, හිතාගන්න ඕනි මහලු බමුණෙක් නොවෙන්න. ඒ කියන්නෙ, පසුගාමී මහලු අදහස් දරන ප්‍රේමවන්තයෙක්/වන්තියක් නොවෙන්න. Toxic විදිහට වරදෙ බැඳෙයිද කියල තමන්ගෙ ආදරය සැක කරන එක අඩු කරගන්න. මොකද එහෙම කරන්න ගියහම වෙන වැඩත් ගෝල් එකක් ඉටු කරගන්න වෙන්නෙ නෑ. 'නොනිදා රකීද' කියල අසීමිති ව රකින්න කියල දිවා රෑ රණ්ඩු කරල සැක කරන එකේ ඉවරයක් වෙන්නෙ නෑ. පරිහානියට පත් නොවී කපල් එකක් විදිහට ඉස්සරහට යන්නනම් මේ ටික නොකර ඉන්නවනම් හොඳයි කියල පරාභව සූත්‍රයෙන් කියනවා.  (ගැට තිඹිරි වලට කැම...

වික්‍රමසිංහ පොරක් ද?

මාටින් වික්‍රමසිංහ කොහොමද මහ ගත්කරු වුණේ? සිංහ⁣ලයේ ශ්‍රේෂ්ඨ ම නවකතාව ඔහු ලියපු 'විරාගය' ද? ඊට වඩා හොඳ බිහිවෙලා නැද්ද? වික්‍රමසිංහට වඩා දක්ෂ කතුවරු ලංකාවෙ නැද්ද?  ඇත්තට ම ගත්ත ම, දක්ෂතාව අතින් ගත්ත ම වික්‍රමසිංහ එතරම්ම දක්ෂයෙක් නෙවෙයි. ඊට වඩා බලපෑම් කරන ලද, නව භාෂාත්මක අත්හදා බැලීම ලංකාව ඇතු⁣⁣ළෙ සිද්ධ වෙලා තියනවා. වික්‍රමසිංහගේ විරාගය තවමත් සිංහලේ බිහි වුණ හොඳ ම නවකථාව කියන අය ඉන්න පුලුවන් උනාට ඒක එහෙමමයි කියල නිවැරදිව කියන්න පුලුවන් ද කියන එක ප්‍රශ්නයක්. වික්‍රමසිංහ විද්‍යාමාන කරපු පෙළහරට වඩා රචනා ලෝකයේ පෙළහර පාපු ලේඛකයෝ නෑ කියල ම අපිට කියන්නත් බෑ. එහෙනම්, තාමත් අපිට වික්‍රමසිංහව 'හෙළයේ මහා ගත්කරු' කියල උගන්වලා හරියනව ද? සාමාන්‍යයෙන් අපි විශිෂ්ටයි කියන ගොඩක් මිනිස්සු බිහිවෙන්නෙ කාලයට අනුව. විශිෂ්ට රණශූරයෝ, රජවරු විතරක් නෙවෙයි ලේඛකයෝ ඒ වගේ තමයි. වික්‍රමසිංහ කියන්නෙ සිංහල ලේඛණ කලාව මුල් පුරුක්. සිංහල යථාර්ථවාදී ලේඛණයේ වික්‍රමසිංහ ප්‍රධාන වශයෙන් සමාජයට වඩාත් ඒත්තු යන සුලු විදිහට ප්‍රැක්ටිස් කරන්නෙ වික්‍රමසිංහ. වික්‍රමසිංහට පස්සෙ ඊට වඩා දක්ෂ කතා කරුවන්,ලේඛකයින් බිහිවෙලා ඇ...

අර ගම්පෙරළිය ලියපු මෝඩයා

විද්‍යාව හෝ ගණිතය උගන්වන ටියුෂන් ගුරුවරයෙක් මා⁣ටින් වික්‍රමසිංහට මෝඩය කියල තිබ්බා. ගොඩක් අය මේකට මාර අපහාසයක්, චරිත ඝාතනයක්, මේ සිංහල සාහිත්‍යට කරන හානියක් වගේ කියල ලියල තිබ්බා. මං හිතනවා සාහිත්‍ය වගේ ම සමාජ විවේචනවලදිත් මෝඩයා, මුග්ධ තීරණයක් වගේ වචන භාවිතා කළ යුතුයි කියල. ඒ නිසා මාටින් වික්‍රමසිංහ ගැන වුණත් මහා ගත්කරු කියන විරුදාවලියට යට වෙන්න නොදී නිර්ධය ලෙස විවේචනය කරන්න හැකියාවක් තියෙන්⁣න ඕනි. ඒ නිසා මේක මහා අපරාධයක් විදිහට අධිනිශ්චය කරන්න ඕනි නෑ. හැබැයි, විවේචනයක් ඇතුළෙ මෝඩයෙක් කියල නිර්දය විවේචනය කරනව නම් ඒ වෙනුවෙන් තදබල පදනමක් තියෙන්න ඕනි. ඒක තමන් කියවන්න කැමති ද නැද්ද කියන එක නිර්ණායකයක් වෙන්නෙ නෑ. තමන් කියවන්න ආස හරි නැතුව හරි වික්‍රමසිංහගේ රචනය පිළිබඳ විචාරාත්මක ව කතා කරනව වඩා ආස නැති නිසා කෙනෙක් මෝඩයෙක් වෙන්නෙ නෑ. මේ ගුරුවරයා කියන දේ ගැටලුව තියෙන්නෙ එතන. මේ ගුරුවරයා විතරක් නෙවෙයි රටේ ⁣බොහෝ දෙනෙක් අදහස් ප්‍රකාශ කරන්නෙ තමන් බොහොම ඉස්සර කවුරු හරි කියපු දෙයක් විචාරයක් නැතුව භාරගෙන. එහෙම නැත්නම්, තමන් ආස දෙයක් ඔහේ කයිවරුකමට කියල දාන එක. මේක නිකං ලංකාව වගේ රටක පොදු රෝග ලක්ෂණයක් වගේ...

'මාරියා' නම් කුණාටුව

මාරියාවක් කියන්නෙ ධීවර භාෂාවෙන් කුණාටුවට. 'මාරියා' ෆිල්ම් එකේ මාරියා කියන්නෙ මුහුදුකාරයින් හත්⁣ දෙනෙක්ට හම්බුණ 'සෙක්ස් ඩෝල්' කෙනෙක්ට. ෆිල්ම් එක පුරා මාරියා කියල නම දාපු සෙක්ස් ඩෝල් කෙනෙක් ඇරෙන්න එක ම කාන්තා චරිතයක්වත් හම්බෙන්නෙ නෑ. චිත්‍රපටය පුරාවට අපිට බලා ඉන්නෙ තියෙන්නෙ ඇත්තට ම මුහුදු ගිය ධීවරයින්ට ඒ කාලයේ ඇතුළෙ මාස ගණනක් තුළ ස්ත්‍රියක් නොදකින තෙහෙට්ටු ජනක ලෝකය. මේ ලෝකය මැද්දට තමයි මාරියා කියන සෙක්ස් ඩෝල් හම්බෙන්නෙ. මුලු කතාව ම එතෙන. සෙක්ස් ඩෝල්⁣ට මාරිය කියල නම දැම්ම වගේ ම ඇත්තට ම මේ හිත් පිත් නැති ඒත් කාන්තා රූපයක් හා ඒ ලාස්‍ය රැගත් සෙක්ස් ඩෝල් අර දිගුදුර ධීවර යාත්‍රාවේ පිරිමි හිත් කුණාටුවකට යවන මාරියාවක් ම වෙනවා. පිරිමි මනස තුළ ස්ත්‍රියට තියන මොකක්හරි දෙයක් නිසා කරන්න පුලුවන් දෙයෙහි උපරිමය මේ චිත්‍රපටයෙන් අපි දකිනවා. ගැහැණියකටත් වඩා ගැහැණියගෙ හැඩය සහ හඬ පමණත් රැගත් සෙක්ස් ඩෝල් කෙනෙක්ට විතරක් වුණත් පිරිමි ලෝකයක් කොච්චර කුණාටුවකට යවන්න පුලුවන් ද කියල ෆිල්ම් එක පෙන්නවා. ඒක එක එක වචනවලින් කියන්න පුලුවන් වෙයි. පිරිමියගේ ලෝකය තුළ ගෑණිය විසින් ඇති කරල තියෙන ආදරය, රාගය,නුරා...

ශ්‍රේෂ්ඨ ඉරාන ජාතියේ අවසානය!

ඉරානෙ දිහා මං හුඟ කාලෙක ඉඳන් බලාගෙන හිටියා න්‍යෂ්ටික, නවීන අවි ආයුධ පස්සෙ හඹාගෙන ගියාට පසුගාමී ආගමික චින්තනයකින් වෙලා ගත්ත රටක් විදිහට. ඉරාන⁣ය ශිෂ්ටාචාරයක් විදිහට, මිනිස් කොට්ඨාසයක් විදිහට නිර්භීත වගේ ම ශක්තිමත් ජාතියක්. වසර් දහස් ගානක නොනැසෙන අඛණ්ඩ ඉතිහාසයක්, කාලවක්,සෞන්දර්යක් තියන රටක්. ඒ දේවල් එක්ක අදටත් බලවත් ඇමරිකාව වගේ විශාල රටවල් එක්ක නිර්භීතව සටන් කරන ඉරානය ගැන බලා ඉන්න සතුට උපදවනවා. හැබැයි, කාන්තාවකට එළියට බහින්න බැරි ආගමික අන්තවාදෙකට ඉතාම මෑත කාලෙ යට වුණ මේ නිර්භීත ශිෂ්ටාචාරය සහ ජාතිය ගැන දුකක් නිතර ම තිබ්බ. මොකද 1979 දී ඉරාන ආගමික විප්ලය වෙන්න කලින් ඉතාම දියුණු සමාජයක් ඉරානය් තිබුණ. ඉරාන තරුණ තරුණියන් යූරෝපයේ තරුණ තරුණියන් වගේ ඇඳින පලදින නිදහස් රටක්. ඒ සියල්ල ආගමික රාජ්‍ය බිහිවීමත් එක්ක යටපත් වුණා. ඒ වගේ ම, මං හිතපු දේ තමයි අවි බලයෙන් ඉරානය කවදාවත් ඇමරිකාවට යටපත් කරන්න බැරි උනාට දවසක යටත් කරගන්න පුලුවන් එක විදිහක් ති⁣යනවා. ඒ තමයි ඉරානය ඇතුලෙ තියෙන සාමාන්‍ය පුද්ගල නිදහස පාගල දාපු දැඩි ආගමික අධිකාරියේ පාලනය නිසා ඉරාන මිනිසුන්ගෙ සහ ගෑණුන්ගේ පීඩාව ඇතුළතින් පුපුරා යනවා කියල. ඒක ත...

කත්නෝරුවේ හිමියන්ට ගල් ගසන්නෙ ඇයි?

කත්නෝරුවේ හාමුදුරුවෝ සෝශල් මීඩියා එක්ක සෑහෙන්න ජනප්‍රිය වෙලා. බණ අහන එක වෙනම ට්‍රෙන්ඩින් වැඩක් වෙලා තියෙනවා. සෑහෙන්න විසිතුරු විදිහට හාමුදුරුවන්ව පිළිගන්න පුද පූජාවන් කරනවා. මං කියන්නෙ ඒ වගේ සංදර්ශනාත්මක ආගමික වැඩ දකින්න හම්බෙන එක හොඳයි. රට සෞන්දර්ය වගේ ම ආධ්‍යාත්මික නැඹුරුවටත් එක්ක මේ වගේ ආගමික සංදර්ශනාත්මක සංස්කෘතික අංග ධනාත්මකයි කියලයි මගේ අදහස. ඒ වගේම මේ කරන හැමදේම බෞද්ධ ජනතාව මැදිහත් වෙලා ස්වෙච්චාවෙන් හා ශ්‍රද්ධාව පෙරදැරි කරගෙන කරන්නෙ. නිදහස් රටක මේක සාමාන්‍ය දෙයක්. ඒත් සෑහෙන්න ලිබරල් අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න ප්‍රගතිශීලි වගේ ඉන්න අය මේකට ගහන්නෙ? පේන විදිහට කෙටි කාලයක් ඇතුළත තරුණ ස්වාමීන් වහන්සේ නමක් විශාල ජනප්‍රියත්වක් ලබා ගෙන තියනවා. ඒකට ඊර්ෂ්‍යා කරල තේරුමක් නෑ. අනික මේ වගේ බණ අහන්න යන පුද පූජා කරන්න යන්නෙ හෙන මෝඩයෝ කියල කියන්න උත්සහ කරනවා. ඒකත් මාර පසුගාමී අදහසක්. කෙනෙක් තමන්ගෙ ස්වකැමැත්තෙන් සහ වියදමින් තමන්ගෙ විශ්වාසය වෙනුවෙන් ඒ වගේ දෙයක් කරන එක නිදහස් සමාජයක සාමාන්‍ය දෙයක්. අනික් දේ තමයි, දළඳා පෙරහැරට, දළදා තේවාවන්, දේවල පෙරහැර වගේ දේවල්වලට රජයේ ජනතාව සතු මුදල්වල ඉඳන් මහා ධ...

එදා බණ සහ අද බණ

නදීකගෙ කතාව ගැන හොඳ අදහසක් කියල තියනවා Dhananjaya Karunarathne. ඒ අනුව ඇත්තටම ගත්ත ම, ලංකාවේ සාමාන්‍ය ගැමි මළ ගෙදරක වුණත් සාමානයයෙන් සීරියස් පාලි පාඨ උපුටා දක්වල ගමේ හාමුදුරුවෝ හරි වෙදමහත්තය වගේ කෙනෙක් සීරියස් කතාවක් කරනවා. නොතේරෙන සීරියස් දේවල් කියන්නෙ ග්‍රාමීය මළගෙදරක ඉඳන් ම සාමාන්‍ය දෙයක්. එදත් සාමාන්‍ය ගැමියා හාමුදුරුවන්ගෙ වෙදමහත්තයගෙ කතාවට පණ්ඩිත කතා කියල හිනා වුණා. අද ෆේස්බුක් ගැමියත් ඒකම කරනවා. හරිම සාධරණ සහ පැහැදිලි පරිණාමය වීමේ කතාවක් ඒක!

බඩී නෙට් මගඩි

ලංකා⁣වේ සමස්ත අධ්‍යාපන ප්‍රතිත්තියක් ගැන අදහස බඩී නෙට් එකක් අස්සේ හිරවෙලා තියනවා වගේ. මේක හොයාල බැලිය යුතු සිද්ධියක් උනාට මේක අධිනිශ්චය වෙලා වැඩියි. හැබැයි ඒ අධිනිශ්චය උන එක නිසා සංවාද කරන්න ඕනි හුඟක් දේවල් මඟ ඇරිල තියනවා. ගොඩක් අය සෑහෙන්න මුග්ධ පසුගාමී විදිහට මේ ඊබඩී වෙබ් සයිට් සමලිංගිකත්වය ප්‍රචාරය කරන්න යොදාගෙන තියනව කියල මැරෙන්න හදනවා. ඊබඩී කියන්නෙ සමරිසි පුද්ගලයන් සඳහා ඩේටින් ඇප් එකක් මිසක් ඊට වඩා එකක් නෙවෙයි. එහෙම සයිට් එකක් වැරදීමකින් හය වසරේ ඉංග්‍රීසි පොතට දැම්ම කියල ඒකෙන් මොනහරි දෙයක් ප්‍රචාරය වෙනව කියල හිතනවනම් විහිලුවක්. ඒ වගේම ඊබඩී කියල පෙළ පොතේ අදහස් කරන්නෙ ෆේස්බුක් වගේ පෙළ පොතේ පාඩම උගන්නන්න ප්‍රබන්ධ කරපු සමාජ මාධ්‍ය ජාලයක්. 'බඩී' කිව්ව ම 'මිතුරා' කියන අදහසින් හිතල වෙන්න ඕනි පෙළ පොතට ඕක ඇඩ් කලේ. හැබැයි, මේ සිද්ධිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය රිවර්ස් කරන්න හේතුවක් නෙවෙයි. ඒ වගේ ම, මේක නින්දිත විදිහට සමරිසි පුද්ගලයන්ට, ඒ වගේම කාන්තාවකට (අගමැතිනියට) පහර ගහන්න යොදාගෙන තියනවා. ඒක, මනුස්සයෙක්ගෙ පොදු නිදහසට වගේ ම, කාන්තාවකට කරන අදේශපාලනිකව වගෙ ම, පහත් අයිතිවාසිකම් ...