මාටින් වික්‍රමසිංහ කොහොමද මහ ගත්කරු වුණේ? සිංහලයේ ශ්‍රේෂ්ඨ ම නවකතාව ඔහු ලියපු 'විරාගය' ද? ඊට වඩා හොඳ බිහිවෙලා නැද්ද? වික්‍රමසිංහට වඩා දක්ෂ කතුවරු ලංකාවෙ නැද්ද?
ඇත්තට ම ගත්ත ම, දක්ෂතාව අතින් ගත්ත ම වික්‍රමසිංහ එතරම්ම දක්ෂයෙක් නෙවෙයි. ඊට වඩා බලපෑම් කරන ලද, නව භාෂාත්මක අත්හදා බැලීම ලංකාව ඇතුළෙ සිද්ධ වෙලා තියනවා. වික්‍රමසිංහගේ විරාගය තවමත් සිංහලේ බිහි වුණ හොඳ ම නවකථාව කියන අය ඉන්න පුලුවන් උනාට ඒක එහෙමමයි කියල නිවැරදිව කියන්න පුලුවන් ද කියන එක ප්‍රශ්නයක්. වික්‍රමසිංහ විද්‍යාමාන කරපු පෙළහරට වඩා රචනා ලෝකයේ පෙළහර පාපු ලේඛකයෝ නෑ කියල ම අපිට කියන්නත් බෑ. එහෙනම්, තාමත් අපිට වික්‍රමසිංහව 'හෙළයේ මහා ගත්කරු' කියල උගන්වලා හරියනව ද?
සාමාන්‍යයෙන් අපි විශිෂ්ටයි කියන ගොඩක් මිනිස්සු බිහිවෙන්නෙ කාලයට අනුව. විශිෂ්ට රණශූරයෝ, රජවරු විතරක් නෙවෙයි ලේඛකයෝ ඒ වගේ තමයි. වික්‍රමසිංහ කියන්නෙ සිංහල ලේඛණ කලාව මුල් පුරුක්. සිංහල යථාර්ථවාදී ලේඛණයේ වික්‍රමසිංහ ප්‍රධාන වශයෙන් සමාජයට වඩාත් ඒත්තු යන සුලු විදිහට ප්‍රැක්ටිස් කරන්නෙ වික්‍රමසිංහ. වික්‍රමසිංහට පස්සෙ ඊට වඩා දක්ෂ කතා කරුවන්,ලේඛකයින් බිහිවෙලා ඇති. හැබැයි යටත්විජිතයක් විදිහට නිදහස ලබද්දි සිංහල කතාකරුවා උනේ වික්‍රමසිංහ. යථාර්ථයවාදී කතා කලාව සිංහලයට හඳුන්වල දුන්නෙ වික්‍රමසිංහ. ඒ වෙද්දි ඒ ප්‍රමාණෙන් පුරෝගාමි චරිතයක් විදිහට වික්‍රමසිංහ සිංහල කතු ලකුණ තමයි සිංහල කතා කලාවෙ ආරම්භය වෙන්නෙ. මේ නිසයි වික්‍රමසිංහ 'හෙළයේ මහා ගත්කරු' වෙන්නෙ. වික්‍රමසිංහ දක්ෂතමයා නො වුණට දක්ෂ ලේඛකයන්ට විතරක් නෙවෙයි, සිංහල කතා කලාවෙම ආරම්භය සනිටුවහන් කරපු නිසයි ඔහු අදටත් කතා කරන්නෙ. දුෂ්කර සමයන් විසින් ශ්‍රේෂ්ඨ මිනිසුන් බිහි කරනු ලබයි. සිංහල ලේඛකයින් විරල දුෂ්කර සමයක සිංහල ලකුණ වික්‍රමසිංහ.


Comments
Post a Comment