මාරියාවක් කියන්නෙ ධීවර භාෂාවෙන් කුණාටුවට. 'මාරියා' ෆිල්ම් එකේ මාරියා කියන්නෙ මුහුදුකාරයින් හත් දෙනෙක්ට හම්බුණ 'සෙක්ස් ඩෝල්' කෙනෙක්ට. ෆිල්ම් එක පුරා මාරියා කියල නම දාපු සෙක්ස් ඩෝල් කෙනෙක් ඇරෙන්න එක ම කාන්තා චරිතයක්වත් හම්බෙන්නෙ නෑ. චිත්‍රපටය පුරාවට අපිට බලා ඉන්නෙ තියෙන්නෙ ඇත්තට ම මුහුදු ගිය ධීවරයින්ට ඒ කාලයේ ඇතුළෙ මාස ගණනක් තුළ ස්ත්‍රියක් නොදකින තෙහෙට්ටු ජනක ලෝකය. මේ ලෝකය මැද්දට තමයි මාරියා කියන සෙක්ස් ඩෝල් හම්බෙන්නෙ. මුලු කතාව ම එතෙන. සෙක්ස් ඩෝල්ට මාරිය කියල නම දැම්ම වගේ ම ඇත්තට ම මේ හිත් පිත් නැති ඒත් කාන්තා රූපයක් හා ඒ ලාස්‍ය රැගත් සෙක්ස් ඩෝල් අර දිගුදුර ධීවර යාත්‍රාවේ පිරිමි හිත් කුණාටුවකට යවන මාරියාවක් ම වෙනවා. පිරිමි මනස තුළ ස්ත්‍රියට තියන මොකක්හරි දෙයක් නිසා කරන්න පුලුවන් දෙයෙහි උපරිමය මේ චිත්‍රපටයෙන් අපි දකිනවා. ගැහැණියකටත් වඩා ගැහැණියගෙ හැඩය සහ හඬ පමණත් රැගත් සෙක්ස් ඩෝල් කෙනෙක්ට විතරක් වුණත් පිරිමි ලෝකයක් කොච්චර කුණාටුවකට යවන්න පුලුවන් ද කියල ෆිල්ම් එක පෙන්නවා. ඒක එක එක වචනවලින් කියන්න පුලුවන් වෙයි. පිරිමියගේ ලෝකය තුළ ගෑණිය විසින් ඇති කරල තියෙන ආදරය, රාගය,නුරාව, වසඟය, මෝහනය වගේ ඔය මොකක්හරි දෙයක් නිසා කාන්තා අනුරුවකට උනත් පිරිමි ලෝකය කලඹන්න පුලුවන්. ඒත් ඒක හුදෙක් සෙක්ස්, රාගය, ලිංගිකත්වය විතරයක් නෙවෙයි. ඒ මුකුත් නැතුව මේ ධීවරයන් හත් දෙනාගෙ ලෝකය කුණාටුවකට ගෙනියන්න මේ සෙක්ස්ඩෝල්ට පුලුවන් වෙනවා. අපි ස්ත්‍රියක් හරි ඒ වගේ සෙක්ස්ඩෝල් කෙනෙක්ට බැඳෙන්නෙ සෙක්ස් නිසා විතරද බලන්න 'මාරියා'.
රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ. රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ දකින්න පුලුවන්. රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ. කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...


Comments
Post a Comment