විද්‍යාව හෝ ගණිතය උගන්වන ටියුෂන් ගුරුවරයෙක් මාටින් වික්‍රමසිංහට මෝඩය කියල තිබ්බා. ගොඩක් අය මේකට මාර අපහාසයක්, චරිත ඝාතනයක්, මේ සිංහල සාහිත්‍යට කරන හානියක් වගේ කියල ලියල තිබ්බා. මං හිතනවා සාහිත්‍ය වගේ ම සමාජ විවේචනවලදිත් මෝඩයා, මුග්ධ තීරණයක් වගේ වචන භාවිතා කළ යුතුයි කියල. ඒ නිසා මාටින් වික්‍රමසිංහ ගැන වුණත් මහා ගත්කරු කියන විරුදාවලියට යට වෙන්න නොදී නිර්ධය ලෙස විවේචනය කරන්න හැකියාවක් තියෙන්න ඕනි. ඒ නිසා මේක මහා අපරාධයක් විදිහට අධිනිශ්චය කරන්න ඕනි නෑ. හැබැයි, විවේචනයක් ඇතුළෙ මෝඩයෙක් කියල නිර්දය විවේචනය කරනව නම් ඒ වෙනුවෙන් තදබල පදනමක් තියෙන්න ඕනි. ඒක තමන් කියවන්න කැමති ද නැද්ද කියන එක නිර්ණායකයක් වෙන්නෙ නෑ. තමන් කියවන්න ආස හරි නැතුව හරි වික්‍රමසිංහගේ රචනය පිළිබඳ විචාරාත්මක ව කතා කරනව වඩා ආස නැති නිසා කෙනෙක් මෝඩයෙක් වෙන්නෙ නෑ. මේ ගුරුවරයා කියන දේ ගැටලුව තියෙන්නෙ එතන.
මේ ගුරුවරයා විතරක් නෙවෙයි රටේ බොහෝ දෙනෙක් අදහස් ප්‍රකාශ කරන්නෙ තමන් බොහොම ඉස්සර කවුරු හරි කියපු දෙයක් විචාරයක් නැතුව භාරගෙන. එහෙම නැත්නම්, තමන් ආස දෙයක් ඔහේ කයිවරුකමට කියල දාන එක. මේක නිකං ලංකාව වගේ රටක පොදු රෝග ලක්ෂණයක් වගේ. ගුරුවරු, දේශපාලනඥයෝ, පූජකයින් වගේ හැම කෙනාම එයාලට ආස දේවල් කියනවා. මළගෙදරක ගියහම එහෙම මේක හොඳට බලාගන්න පුලුවන්. ඉතිං, මේ ටියුෂන් ගුරුවරයා විතරක් නෙවෙයි ලංකාවේ ගොඩක් වෘත්තීන් තමන්ගෙ වෘත්තීය හික්මීමට කලින් කියන්නෙ තමන් ආස හරි අසා නැති හරි දේවල් ගැන වල්පල්. නැතුව තාර්කික තමන් කියවලා, දැනගෙන හොයාගත්තු දෙයක් නෙවෙයි.
(ලින්ක් එක කොමේට් එකේ)
https://www.facebook.com/share/r/175jL1oUfE/

Comments
Post a Comment