Skip to main content

ශ්‍රේෂ්ඨ ඉරාන ජාතියේ අවසානය!

ඉරානෙ දිහා මං හුඟ කාලෙක ඉඳන් බලාගෙන හිටියා න්‍යෂ්ටික, නවීන අවි ආයුධ පස්සෙ හඹාගෙන ගියාට පසුගාමී ආගමික චින්තනයකින් වෙලා ගත්ත රටක් විදිහට. ඉරාන⁣ය ශිෂ්ටාචාරයක් විදිහට, මිනිස් කොට්ඨාසයක් විදිහට නිර්භීත වගේ ම ශක්තිමත් ජාතියක්. වසර් දහස් ගානක නොනැසෙන අඛණ්ඩ ඉතිහාසයක්, කාලවක්,සෞන්දර්යක් තියන රටක්. ඒ දේවල් එක්ක අදටත් බලවත් ඇමරිකාව වගේ විශාල රටවල් එක්ක නිර්භීතව සටන් කරන ඉරානය ගැන බලා ඉන්න සතුට උපදවනවා. හැබැයි, කාන්තාවකට එළියට බහින්න බැරි ආගමික අන්තවාදෙකට ඉතාම මෑත කාලෙ යට වුණ මේ නිර්භීත ශිෂ්ටාචාරය සහ ජාතිය ගැන දුකක් නිතර ම තිබ්බ. මොකද 1979 දී ඉරාන ආගමික විප්ලය වෙන්න කලින් ඉතාම දියුණු සමාජයක් ඉරානය් තිබුණ. ඉරාන තරුණ තරුණියන් යූරෝපයේ තරුණ තරුණියන් වගේ ඇඳින පලදින නිදහස් රටක්. ඒ සියල්ල ආගමික රාජ්‍ය බිහිවීමත් එක්ක යටපත් වුණා.

ඒ වගේ ම, මං හිතපු දේ තමයි අවි බලයෙන් ඉරානය කවදාවත් ඇමරිකාවට යටපත් කරන්න බැරි උනාට දවසක යටත් කරගන්න පුලුවන් එක විදිහක් ති⁣යනවා. ඒ තමයි ඉරානය ඇතුලෙ තියෙන සාමාන්‍ය පුද්ගල නිදහස පාගල දාපු දැඩි ආගමික අධිකාරියේ පාලනය නිසා ඉරාන මිනිසුන්ගෙ සහ ගෑණුන්ගේ පීඩාව ඇතුළතින් පුපුරා යනවා කියල. ඒක තමයි ඇමරිකාවෙ අවස්ථාව කියල. මේ තියෙන්නෙ ඒ හිතපු සීරීස් එකේ එක එපිසෝඩ් එකක්. 

ඒත්, ආගමික අධිකාරියට මේ වෙලාවෙ එක අවස්ථවක් තියනවා ලෞකික රාජ්‍යක් විදිහට එකවර නොමැති වුණත් ටික ටික පියවර තියන්න ඉඩ හදා ගන්න. මුස්ලිම් අන්තවාදයක් රට ඇතුලෙ තියෙද්දි වුණත් සෞදි ආරාබියේ ඔටුන්න හිමි කුමාරය මොහොමඩ් බින් සල්මාන් (MBS) හෙමින් හෙමින් කාන්තාවන්ට රිය පදවන්න අයිතිය ලබා දෙමින් සෞදි ආර්ථිකය නූතන සමාජයක් වෙනුවෙන් සුදානම් කරනවා. ඉරානයටත් මේක හොඳ සංඥාවක් සාමාන්‍ය පුරවැසියාව ආගමික පීඩාවෙන් තරමක් නිදහස් කරල නූතනත්වයට පියවර නගන්න. මේ ජනතා⁣වගෙ පණිවිඩය තේරුන් නොගත්තොත් අද විරෝධතා මර්දනය කරගත්තත්, ඉරානයේ ආගමික රාජ්‍ය ජනතාවගේ ලෞකික නිදහස විසින් ඇතුළතින් පුපුරවන එක අනිවාර්යයි. ඒ වාසිය අරගෙන ඇමරිකාව හෝ වෙන බටහිර ජාතියක් වසර දහස් ගණනක් ඉතිහාසයක් හිමි ඉරාන ජාතිය දණගස්සවන්න යොදාගන්නා. මේ පාර ඒක කරගන්න බැරි උනත්. ඊළඟ පාර ඒක වෙයි. ඒ නිසා මේක ඉරානයට නැවත හිතන්න දුන්න පණිවිඩයක්. තවදුරටත් පැරණි ආගමික බර දම්වැල් දරාගෙන එතතැන පල් වෙනවා ද නැත්නම් නිදහස් නූතන ලෝකයකට අඩිය තියනව ද කියන තීරණය පමණක් ඉරාන ශිෂ්ටාචාරය හිමිවේවි. පණිවිඩය තේරුන් නොගෙන පණිවිඩකරුවාට වෙඩි තබනව නම් පණිවිඩය අහිමි වෙවි. ඉරාන වීරත්වයත් ඉතිහාසයට විතරක් ම සීමා වෙවී.

(පහළ රූපයෙන් දැක්වෙන්නේ, සිකරට් දැල්ලෙන් තමන්ගේ නිදහස පාගාගෙන සිටින ආගමික රාජ්‍යයේ නායකයාගේ රූපය පුළුස්සා දමන නිදහස ලෝකයක් ඉල්ලා සිටින තරුණියන්)


Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි. දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි...

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි.... මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි. ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස...