Skip to main content

Posts

Showing posts from July, 2022

සුරාවෙන් තෙත් ; නුරාවන් නෙත්

සුරාවෙන් තෙත් ; නුරාවන් නෙත් මධ්‍ය ම වශයෙන් හෝ මෙතෙක් කල් සුරාව දෂ්ඨ නො කළ දෙතොලින් හත්වෙනි මදු බදුන ද සිස් කලෙමි. මේ අනංගයාගේ හෝරාව ද සුරා දූතයාගෙ හෝරාව ද යන්න නො දන්නෙමි. ගත සෙමින් හාමා එන මන්ද මාරුතයේ ඇතිරෙන මතක තණතිල්ල මත වැතිරේ. අඩවන් ව පියැවෙන ඇස් අනෙක් ඇහි පිහාටුවට ඇල නො වී සිටින්නේ හාස්කමකින් මෙනි. ඇහි පියන් අතරින් විවර වූ ශෘංගාර කවුලුවෙන් මට පෙනෙන්නෙ ඔබගේ දිලිසෙන ඇස් ය. ඒ ඇස් මගේ සිරුර පුරාවට මා සොයමින් පීරන බවක් මට හැඟේ. බමන හිස ඇල කරමින් ඔබේ ඇස් සිට ඔබේ සිරුර'තර පීරන්නට මනස බල  කරයි. දෑස් යට නාසය ද ඊට යට වූ ලවන් තල. නුරාවෙන් පිරී සිප ගැනුමක ඛේටය දැනුදු මගේ වියලි තෝල් අඟ පැටලෙවයි. මනස්කාත රංගනයකට ශක්තිමත් ඔබේ ලවන්  පට මගේ තොල් පට ඉක්මවා සිරුර පුරා දිව යන පහස ගත පුරා ඇවිලෙයි. ඇස් කෙවෙනි මත යළි යළිත් දෙතොල'තරට වන්නට සිත අයදියි. ලවන් තල යට වූ බෙල්ල, ඊට යට වූ ලය මඬල. ලාලිත්‍යමත් හැඩ ඉරි වලින් ඇඳි ලය පියයුරු සිප ගනිද්දි ඔබගේ ලයේ උණුසුමින් මගේ දෙතොල් පට තෙත්වනු මට දැනෙයි. ම⁣ගේ දොතොල් ඒ මත පෙරලෙද්දි ඔබෙන් ලැබෙන සියුම් ඉඟියෙන් මා තව තවත් පිබිදේ. මේ මනස්කාන්ත රාත්‍රීය...

~LGBTQ අභිමානත්වයේ මාසය~

~LGBTQ අභිමානත්වයේ මාසය~ (LGBTQ Pride Month) 1970 ජූනි 28 වෙනිදා පටන් ජූනි මාසය LGBTQ Pride Month හෙවත් LGBTQ අභිමානත්වයේ මාසය ලෙස හඳුන්වනවා. ඒත් ඒ ඇයි? Pride කියන්නේ මොකට ද? Pride කියන්නෙ අභිමානයට. ඒත් අභිමානයට පත් වෙන්නෙ මොන වගේ දේවල් වලට ද? ලෝකයෙ බිහි වුණ හැම මනුස්සයෙක්ම තමා තුළ පවතින කිනම් හෝ දෙයක් නිසා අභිමානයට පත් වෙනවා. සමහරු තමන් ගත කරන ජීවිතය ගැන අභිමානයට පත් වෙනවා. තව අය තමන් ආදරේ කරන අය නිසා අභිමානයට පත් වෙනවා. තමන්ව මූලික කරගත්ත දේවල් ගොඩක් නිසා අපි අභිමානයට පත් වෙනවා. ඒත් තමන් තමන් වීම තුළින් ලබන අභිමානය ඒ සියල්ලටම වඩා ඉහළයි. LGBTQ කියන්නෙ මොකක් ද? LGBTQ කියන්නෙ වචන පහක් අර්ථ ගන්වන අකුරු පහක්. අකුරු එකින් එක ලෙහා ගෙන ගියොත් අපිට හම්බෙන්නෙ අපි නොදන්න පිරිසක්. එහෙම නැත්නම් වැඩිය අපි නොදන්න අපිට හම්බෙලා තියෙන කොටසක්. ඒ දෙකම නැත්නම් තමන්ට තමන්වම එහෙම කෙනෙක් විදිහට හම්බෙලා තියෙන්න පුලුවන්. නැත්නම් අනාගතයේ තමන්වම එහෙම කෙනෙක් විදිහට හම්බෙන්න පුලුවන්. කෙටි අර්ථයක් දුන්නොත් ලිංගිකත්වය ගැන සමාජයෙ අදහස් 2ක් තියනවා. 1) පොදු බහුතර පිළිගැනීම වෙන්නෙ ජීව විද් ‍ යාත්මකව ගැහැණු පිරිමි කියල ...

සමහර අවස්ථා එනව මාරම උන්මාදනීයයි

සමහර අවස්ථා එනව මාරම උන්මාදනීයයි.ඒ ඒ අවස්ථාවල ඒ ඒ් විදිහට ඒක ඒ වගේ දෙයක් කියල කියාගන්න බැරි තරම් ඒක උන්මාදනීයයි.ඒක කොච්චර කාලෙකට කලින් සිද්ධ වෙලා තිබ්බත් ඒ මතක හිම කන්ද අපේ ආත්මය මතට පැත බෑ වෙන්න යන්නෙ තප්පරයකින් ක්ෂනයක් දාහකට කැපුවම එන කාලෙටත් අඩු කාලයක්.ඒක විද් ‍ යාත්මකව මොළය ක් ‍ රියාත්මක වෙන වේගයට සමානුපාතික වෙන්න විදිහක් නෑ.මොකද ඒ හිම කන්ද අපේ ආත්මය මතට වැටිල අපි අසාධ් ‍ ය වෙන්න පුලුවන් කියල දැනගෙනත් හැඟීම් ඊට වඩා වේගයේ සක් ‍ රීය වෙනවා.ඇවිලෙන මතක හිම කන්දට යටවෙලා ඇවිලෙත්දිත් අපි ඒ ආශ්වාදනීය මොහොතේ අංශුවක් අංශුවක් ගානෙ රස විඳිනවා.මහා කන්දකට යටවෙලා අතපය දරදඬුවෙලා සදාකාලික අබ්බගාතයෙක් වෙලා අවසන් උනත් අපි හිතන එක නතර කරන්නෙ නෑ..... ඇත්තටම,ඒක තමයි අපි නොහිතන මොහොත.තමන් තමන්ට අබ්බගාතයෙක් වෙයි කියලවත් නොහිතන මොහොත.එහෙම ගත්තම අපි හිතන මොහොත කියන්නෙම අපි නොහිතන මොහොත.අපි අපිට අයිති කියලත් නොහිතන මොහොත.... එක දෙයක් හිතන්න ඕනිනම් අබ්බගාත⁣යෙක් වෙනවා කියන එක නොහිත ඉන්න වෙනවා.අපි හිතන හැමදේකට නොහිතව වන්දියක් ගෙවන්න ඕනි.ආර්ථික විද් ‍ යාවේදි ඒකට කියන්නෙ ආවස්ථික පිරිවැය කියල.එක දෙයක් තෝරද්දි තවත...

නිර් - ප්‍රේමී රචනයක්....

නිර් - ප් ‍ රේමී රචනයක්.... "මං ඔයාට ආදරෙයි." ඇය මුමුණයි. ඒත් එක් මිමිණීමක් තුළ තවත් නිහඬ මිමිණීම් කීයක් අහෝසි වී යනව ඇතිද? ප් ‍ රේමය මිහිපිට ස්වර්ගය දෙපතුළට ගෙන එන පියාසර කරන පළඟකි.පළඟ මත නඟින උන් ජීවිතයේ නොයෙක් තැන් ගැන ලියෑවී ඇති අහසේ නොයෙක් වළාකුළු හරහා ගමන් කරයි.ජීවිතයේ තැන් නොතැන් හැමතැනම ස්පර්ශ කරමින් ඔවුන් පියාසර කරයි. නමුත් පළඟ මත ගමන් යෑමෙන් අහෝසි වන්නේ පාදවලින් අප තබන පියවරයි.අපි එකිනෙකට අඩි තබමින් යන චාරිකා අපට අහිමිවෙයි.එ චරිකාවලට හිමි වූ කටුක රිදුම් දෙන තැල්මවල් අපිට අහිමිවෙයි.පළඟ තුළ සීත පිනි වදිමින් යනෙන මඟ දාහයේ වේදනාව අපට හිමිවන්නෙ නැත.පළඟ මත පියාසර කිරීම තුළින් අපිට අහිමි කරන්නෙ ඒ වේදනාවේ පියවරයි. "මං ඔයාට ආදරෙයි." ඇය මුමුණයි. ඒත් එක් මිමිණීමක් තුළ තවත් නිහඬ මිමිණීම් කීයක් අහෝසි වී යනව ඇතිද? ඉසුරු උදාකර යකන්දාවල 2021 | 04| 18 www.pinterest.com

Money Heist පීඩිතයින්ගේ හඬ

Money Heist පීඩිතයින්ගේ හඬ සමාජයේ මිනිස්සු නොයෙක් විදිහට අපිට අනුකලනය කරන්න පුලුවන්. තවත් විදිහක් කියනවනම් පවුල , පන්තිය , කුලය , ආගම , ජාතිය වශයෙන් විවිධ විදිහට අපිට කුලක ගතකරල කතා කරන්න පුලුවන්. බොහෝ විට මේ කුලක ගත කිරීම වෙන්නේ ආර්ථික , දේශපාලන , සමාජීය හෝ සංස්කෘතික කාරණාවක් පසුබිම් කරගෙන. උදාහරණයකට ගත්තොත් සමාජයේ ඉහළ පන්තිය හරි පහල පන්තිය කියල හරි අපි විභේදනය කර ගන්නේ එයාලගේ ආර්ථික පසුබිම අනුව. එහෙම නැත්නම් සංස්කෘතිකට මිනිස්සු කණ්ඩායම් ආගමික ගතවෙන්නෙත් එයාලගේ පිළි ගැනීම් හා විශ්වාස එක්ක. ඒත් ඇත්තටම මේ ධූරවලිය ඇතුලේ ලිංගිකත්වයත් සමාජ විභේදනයක් හෝ අනුකලනයක් සිදු කරනව කියන අදහස එච්චර ප් ‍ රසිද්ධ දෙයක් නෙවෙයි. තවත් විදිහකින් කිව්වොත් සමාජයේ මතයක් තියනවා පිරිමි බොහෝවිට මිතුරන් විදිහට සංවිධානය වෙන්නේ ඊටම ගැළපෙන තවත් පිරිමින් සමඟ කියල. තවත් මතයක් තියනවා ගැහැණියකගේ දුක පිළිබඳව වඩාත් දැනුවත් තවත් ගැහැණියක් කියල. මේ ප් ‍ රකාශවලින් පැහැදිලිව පේන දෙයක් තමයි තමන්ගෙ ලිංගික අනන් ‍ යතාවය මත සමාජයේ පිරිස් ඒකරාශී වීමක් , අනුකලනය වීමක් වෙනවා. වෘත්තීන් අනුව ලිංගික අනන් ‍ යතාව සංවිධානය වෙන හැටි බැලු...

ආශ්චර්යට ආදරෙන්!

ආශ්චර්යට ආදරෙන්! ගොඩක් මිනිස්සු හිතනවා තමන් වැඩ කරන්නෙ සත් ‍ ය මත පිහිටල කියල. ඒත් ඇත්තටම අපි වැඩ කරන්නේ, වැඩ කරන්න ඕනි බොරුව මත පිහිටල. සත්තුයි මිනිස්සු වෙනස් වෙන්නේ ඒක මත. සත්තු ඒ අතින් පුදුම තරම් තාර්කිකයි. මිනිස්සු අතාර්කික යි. කවියෝ ගොඩක් වෙලාවට කවි ලිව්වේ මේ ලෝකේ නොවෙන, නො ඇල්ලෙන දේවල් ගැන. ඒත් ඒ කවි ඇත්ත කරන්න දහස් ගණන් ප් ‍ රේමවන්තයෝ තමන්ගෙ ජීවි⁣ත දහස් ගණනින් ඉතිහාසය පුරාවට පිරිනමල තියනවා. විශාල න් ‍ යායික පොත්වල තියෙන්නේ අපිට කවදාවත් අත් කර ගන්න බැරි සුරංගනා ලෝකයක් පිළිබඳ කතන්දර. හැබැයි ලෝකයේ දහස් ගාණක් මිනිස්සු කවදා කොහොම අත්පත් කරගන්න පුලුවන් වෙයිද කියල හිතාගන්න බැරි එහෙම ලෝකයක් උදෙසා ජීවිතෙන් කැපවෙලා දේශපාලනය කරගනවා. හැමතැනම මුලාව. හැමතැනම බොරුව. ඒත් ලෝකයේ අද අපි ඇත්තට දකින හැම ආශ්චර්යක් ම කාගෙ හරි බොරුවක්. ඒ බොරුව වෙනුවෙන් දිවි හිමියෙන් කැප උන මනුෂයෙක්ගෙ කැප කිරීමයි අපි ඇස් දෙකෙන් යථාර්ථය විදිහට දකින්නේ. මේ අපි ඇත්ත කියල දකින ලෝකයෙ හැම සුන්දර දෙයක් ම නිර්මාණය වෙන්නේ එහෙම. මේ ලෝකයේ සියලුම සුන්දරත්වයන්ට හිමිකම් කියන බොරු ලියූ හා ඒ බොරු ⁣ඇත්ත කිරීම සඳහා දිවිහිමයෙන් කැප වූ...