නිර් - ප්රේමී රචනයක්....
"මං ඔයාට ආදරෙයි."
ඇය මුමුණයි.
ඒත් එක් මිමිණීමක් තුළ තවත් නිහඬ මිමිණීම් කීයක් අහෝසි වී යනව ඇතිද?
ප්රේමය මිහිපිට ස්වර්ගය දෙපතුළට ගෙන එන පියාසර කරන පළඟකි.පළඟ මත නඟින උන් ජීවිතයේ නොයෙක් තැන් ගැන ලියෑවී ඇති අහසේ නොයෙක් වළාකුළු හරහා ගමන් කරයි.ජීවිතයේ තැන් නොතැන් හැමතැනම ස්පර්ශ කරමින් ඔවුන් පියාසර කරයි.
නමුත් පළඟ මත ගමන් යෑමෙන් අහෝසි වන්නේ පාදවලින් අප තබන පියවරයි.අපි එකිනෙකට අඩි තබමින් යන චාරිකා අපට අහිමිවෙයි.එ චරිකාවලට හිමි වූ කටුක රිදුම් දෙන තැල්මවල් අපිට අහිමිවෙයි.පළඟ තුළ සීත පිනි වදිමින් යනෙන මඟ දාහයේ වේදනාව අපට හිමිවන්නෙ නැත.පළඟ මත පියාසර කිරීම තුළින් අපිට අහිමි කරන්නෙ ඒ වේදනාවේ පියවරයි.
"මං ඔයාට ආදරෙයි."
ඇය මුමුණයි.
ඒත් එක් මිමිණීමක් තුළ තවත් නිහඬ මිමිණීම් කීයක් අහෝසි වී යනව ඇතිද?
ඉසුරු උදාකර යකන්දාවල
2021 | 04| 18

Comments
Post a Comment