සුරාවෙන් තෙත් ; නුරාවන් නෙත්
මධ්‍ය ම වශයෙන් හෝ මෙතෙක් කල් සුරාව දෂ්ඨ නො කළ දෙතොලින් හත්වෙනි මදු බදුන ද සිස් කලෙමි. මේ අනංගයාගේ හෝරාව ද සුරා දූතයාගෙ හෝරාව ද යන්න නො දන්නෙමි. ගත සෙමින් හාමා එන මන්ද මාරුතයේ ඇතිරෙන මතක තණතිල්ල මත වැතිරේ. අඩවන් ව පියැවෙන ඇස් අනෙක් ඇහි පිහාටුවට ඇල නො වී සිටින්නේ හාස්කමකින් මෙනි.
ඇහි පියන් අතරින් විවර වූ ශෘංගාර කවුලුවෙන් මට පෙනෙන්නෙ ඔබගේ දිලිසෙන ඇස් ය. ඒ ඇස් මගේ සිරුර පුරාවට මා සොයමින් පීරන බවක් මට හැඟේ. බමන හිස ඇල කරමින් ඔබේ ඇස් සිට ඔබේ සිරුර'තර පීරන්නට මනස බල කරයි. දෑස් යට නාසය ද ඊට යට වූ ලවන් තල. නුරාවෙන් පිරී සිප ගැනුමක ඛේටය දැනුදු මගේ වියලි තෝල් අඟ පැටලෙවයි. මනස්කාත රංගනයකට ශක්තිමත් ඔබේ ලවන් පට මගේ තොල් පට ඉක්මවා සිරුර පුරා දිව යන පහස ගත පුරා ඇවිලෙයි. ඇස් කෙවෙනි මත යළි යළිත් දෙතොල'තරට වන්නට සිත අයදියි.
ලවන් තල යට වූ බෙල්ල, ඊට යට වූ ලය මඬල. ලාලිත්‍යමත් හැඩ ඉරි වලින් ඇඳි ලය පියයුරු සිප ගනිද්දි ඔබගේ ලයේ උණුසුමින් මගේ දෙතොල් පට තෙත්වනු මට දැනෙයි. මගේ දොතොල් ඒ මත පෙරලෙද්දි ඔබෙන් ලැබෙන සියුම් ඉඟියෙන් මා තව තවත් පිබිදේ.
මේ මනස්කාන්ත රාත්‍රීය සුරාව විසින් මට ඔබ සමඟ වෙසෙන්නට ඉඩ සලසා දී ඇත. නමුත් රාත්‍රීන් අවසන් වේ. ඇඳුරු පැහැ වියැලේ. ආලෝකය වර්ණ ගැන්වේ. දවස් උදාවෙයි. මා තනිවේ. රාත්‍රීය රැගෙන හෙටත් තැබෑරුමට එමි. මධු සිහින පුරාවට හෙට ද ඔබව අමුණමි. මා විසින් ම පින්තාරු කරන ප්‍රේමයේ ස්මාරකය තැබෑරුම ඉදිරියේ කෙදිනක හෝ ඉදි කරමි.
- ඉසුරු උදාකර යකන්දාවල
2022 | 07 | 29

Comments
Post a Comment