සමහර අවස්ථා එනව මාරම උන්මාදනීයයි.ඒ ඒ අවස්ථාවල ඒ ඒ් විදිහට ඒක ඒ වගේ දෙයක් කියල කියාගන්න බැරි තරම් ඒක උන්මාදනීයයි.ඒක කොච්චර කාලෙකට කලින් සිද්ධ වෙලා තිබ්බත් ඒ මතක හිම කන්ද අපේ ආත්මය මතට පැත බෑ වෙන්න යන්නෙ තප්පරයකින් ක්ෂනයක් දාහකට කැපුවම එන කාලෙටත් අඩු කාලයක්.ඒක විද්යාත්මකව මොළය ක්රියාත්මක වෙන වේගයට සමානුපාතික වෙන්න විදිහක් නෑ.මොකද ඒ හිම කන්ද අපේ ආත්මය මතට වැටිල අපි අසාධ්ය වෙන්න පුලුවන් කියල දැනගෙනත් හැඟීම් ඊට වඩා වේගයේ සක්රීය වෙනවා.ඇවිලෙන මතක හිම කන්දට යටවෙලා ඇවිලෙත්දිත් අපි ඒ ආශ්වාදනීය මොහොතේ අංශුවක් අංශුවක් ගානෙ රස විඳිනවා.මහා කන්දකට යටවෙලා අතපය දරදඬුවෙලා සදාකාලික අබ්බගාතයෙක් වෙලා අවසන් උනත් අපි හිතන එක නතර කරන්නෙ නෑ.....
ඇත්තටම,ඒක තමයි අපි නොහිතන මොහොත.තමන් තමන්ට අබ්බගාතයෙක් වෙයි කියලවත් නොහිතන මොහොත.එහෙම ගත්තම අපි හිතන මොහොත කියන්නෙම අපි නොහිතන මොහොත.අපි අපිට අයිති කියලත් නොහිතන මොහොත....
එක දෙයක් හිතන්න ඕනිනම් අබ්බගාතයෙක් වෙනවා කියන එක නොහිත ඉන්න වෙනවා.අපි හිතන හැමදේකට නොහිතව වන්දියක් ගෙවන්න ඕනි.ආර්ථික විද්යාවේදි ඒකට කියන්නෙ ආවස්ථික පිරිවැය කියල.එක දෙයක් තෝරද්දි තවත් දෙයක් වැය කරන්නම වෙනවා....
හැඟීම්වලදිත් එහෙමයි.ඒ නිසා හැම හැඟීමක්ම තවත් හැඟීමක මිනීමරුවෙක්.එක හැඟීමක් ජීවත් කරවන්න තව හැඟීමක් මරන්න ඕනි....
පහළ අමුණල තියෙන පින්තූරෙත් කාගෙහරි මිනීමැරුමක සාක්ෂියක්.වරෙන්තු දාල අත්තඩංගුවට ගන්න බැරි උනාට ඒක මිනීමැරුමක්....
හැබැයි ඒකම විශ්වයේ තියන ආශ්වාදනීයම මතකයත් ඒක වෙන්න පුලුවන්!
ස්තූතියි කියල කියන්න පුලුවන් මිනීමැරුමක්.....
Thank You......................
2021 | 02 | 09

Comments
Post a Comment