Skip to main content

Money Heist පීඩිතයින්ගේ හඬ

Money Heist පීඩිතයින්ගේ හඬ

සමාජයේ මිනිස්සු නොයෙක් විදිහට අපිට අනුකලනය කරන්න පුලුවන්. තවත් විදිහක් කියනවනම් පවුල, පන්තිය, කුලය, ආගම, ජාතිය වශයෙන් විවිධ විදිහට අපිට කුලක ගතකරල කතා කරන්න පුලුවන්. බොහෝ විට මේ කුලක ගත කිරීම වෙන්නේ ආර්ථික, දේශපාලන, සමාජීය හෝ සංස්කෘතික කාරණාවක් පසුබිම් කරගෙන. උදාහරණයකට ගත්තොත් සමාජයේ ඉහළ පන්තිය හරි පහල පන්තිය කියල හරි අපි විභේදනය කර ගන්නේ එයාලගේ ආර්ථික පසුබිම අනුව. එහෙම නැත්නම් සංස්කෘතිකට මිනිස්සු කණ්ඩායම් ආගමික ගතවෙන්නෙත් එයාලගේ පිළි ගැනීම් හා විශ්වාස එක්ක.

ඒත් ඇත්තටම මේ ධූරවලිය ඇතුලේ ලිංගිකත්වයත් සමාජ විභේදනයක් හෝ අනුකලනයක් සිදු කරනව කියන අදහස එච්චර ප්රසිද්ධ දෙයක් නෙවෙයි. තවත් විදිහකින් කිව්වොත් සමාජයේ මතයක් තියනවා පිරිමි බොහෝවිට මිතුරන් විදිහට සංවිධානය වෙන්නේ ඊටම ගැළපෙන තවත් පිරිමින් සමඟ කියල. තවත් මතයක් තියනවා ගැහැණියකගේ දුක පිළිබඳව වඩාත් දැනුවත් තවත් ගැහැණියක් කියල. මේ ප්රකාශවලින් පැහැදිලිව පේන දෙයක් තමයි තමන්ගෙ ලිංගික අනන්යතාවය මත සමාජයේ පිරිස් ඒකරාශී වීමක්, අනුකලනය වීමක් වෙනවා. වෘත්තීන් අනුව ලිංගික අනන්යතාව සංවිධානය වෙන හැටි බැලුවත් ගැඹුරින් මේ තත්වය සමාජ විද්යාත්මකව ලෙහා ගන්න අපිට පුලුවන්. බොහෝ විට දේශාපාලනයට යොමු වෙන්නේ පිරිමි අනන්යතාවයක් සහිත අය. එවිට ප්රතිපත්ති සම්පාදනය, තීරණ ගැනීම වැනි දෑ සමඟ වැඩි සම්බන්ධතාවයක් සහිත වෙන්නේ පිරිමින්ට. තවත් ආකාරයකින් රූපලාවණ්ය කටයුතුවලට සම්බන්ධ වෙන්නෙ වැඩි වශයෙන් ගැහැණු. ඒ වගේම සාමන්ය නිරීක්ෂණය යටතේ රූපලාවන්ය ක්ෂෙත්රය ඇතුළේ වඩාත් කැපිපෙනෙ හෝ ඉදිරියට යන පිරිමින් සමරිසි හා ස්ත්රී සමාජ අනන්යාතවයකට සම්බන්ධයක් පවතින අය. මේ දේවල් මගින් අපිට විශ්ලේෂණය කරන්න පුලුවන් දෙයක් තමයි සමාජ දේහයේ නොයෙක් කුලක ගතවීම්වලට ස්ත්රී පුරුෂ සමාජභාවය බලපාලා තියනවා කියන එක.

සුවීශේෂීම දේ තමයි, සමාජය ඇතුළේ හොඳ ආකාරයකට වගේ ම නිශේධනීය ආකාරයකටත් පෞද්ගලික ලිංගික අනන්යතාවය මත පිරිස් අනුකලනය වීමක්, ඒකතු වීමක් දැක ගන්න පුලුවන්. ඒ තත්වය පැහැදිලි කරගන්න වඩාත් සුදුසු ම හා වඩාත් ආකර්ෂනීය ම නිදර්ශනය වෙන්නේ Money Heist වගේ කතා මාලාවක්. මෙම ස්පාඤ්ඤ කතා මාලාව වඩාත් ම ලෝකයේ ජනප්රියත්වයට පත් වෙන්නේ ඒ තුළ ප්රේක්ෂකයාට විදීමට සලස්වන ත්රාසය, කුතුහලය වගේ ම නීති විරෝධී යමක් සිදු කිරීමේ විනෝදයයි. නීති උල්ලංඝනය, සොරකම් කිරීම, මිනීමැරීම කෙතරම් නරක දේවල් උනත් ප්රේක්ෂකයා කතා මාලාව තුළ රැදෙන්නේ ඒ හේතුවෙන්. අපව පිනවන කතා මාලාව තුළ සිටින ප්රබන්ධ චරිතවල ලිංගික අනන්යතා විශ්ලේෂණය කරද්දි පැහැදිලිවම අනාවරණය වෙන දෙයක් වෙන්නේ ඔවුන්ගේ ලිංගික දිශානතීන් හා අනන්යාතාවක් එවැනි සමාජ විරෝධී තත්වයන්ට ඔවුන්ව පොළඹවල තියනවා කියල. මේ විශ්ලේෂණය ඇත්තටම අපගේ ඇස් ඉදිරියේ පවතින සමාජය පිළිබඳ පැහැදිලි ලිංගිකව කියවීමක්(විවේචනයක්). 

කතාවේ හෙල්සින්කි, මාර්ටින් බෙරේටෝ වගේ චරිත සමලිංග දිශානතියක් තියන චරිත. බර්ලින් වගේ චරිතයක් ද්වීලිංගික ගති ලක්ෂණ ප්රකට කරනවා. ජුලියා වගේ චරිතයකට එද්දි ඇය සංක්රාන්ති ලිංගික ස්ත්රියක්. කතා මාලාව පුරාවට පොදු සම්මතය ප්රශ්න කරන ලිංගික දිශානති හා අනන්යාතවයන් සහිත මේ පිරිසට එම දිශානති හා අනන්යතාවයන් නිසා ම සිදු උන පීඩනයන් කතාව පුරා අනාවරණය කරනවා. ඒ වගේ ම ඔවුන්ව බැංකු හා රත්තරං මංකොල්ලයක් සඳහා එකට එක් කරල(අනුකලනය) තියෙන්නේ ඔවුන් සොරුන් වීම මෙන් ම ඔවුන්ට ලිංගිකව ඇති උන පීඩනය හා පහත් කොට සැළකීම.එම සමාජ පීඩනයේ ප්රකාශනය තමයි විශාල ත්රාසජනක මංකොල්ලයකට ඔවුන් එකතු කරන්නේ. එම සමාජ පහත් කිරීම තුළිනුයි ඔවුන් මරණීය මංකොල්ලයකට සහභාගී වීමට ජවය සපයන්නේ. ඒ සමාජ පීඩනය තුළිනුයි ඔවුන්ව මංකොල්ල කණ්ඩායමක් වශයෙන් සමාජීය වශයෙන් සංවිධානය කරල තියෙන්නේ. කතාව පුරාවට රචකයා, Álex Pina අපිට යළි යළි අවර්ජනය කරවන්නෙ එම ලිංගික පීඩනයේ ප්රකාශනය හා ඒ පීඩනය කෙතරම් සහසිකත්වයකට මඟ පෙන්වනව ද කියන එක. Money Heist තුළ ක්රියාදාම වේගවත් රූගත කිරීම් තුළ ගිලිල තියෙන ලිංගිකත්වයේ සමාජ යථාර්ථය කතා මාලාව තුළින් විනිවිදින්නේ දාර්ශනික හා අතිශ්ය සංවේදි බවකින් යුතුව. එය සමස්ත සමාජයක් ලිංගික නිදහස වෙනුවෙන් පෙනී සිටවන විග්රහයක්.

 නුදුරු දිනකදී Money Heist - Season 05 නරඹද්දි ක්රියාදාම සහිත රූප රාමු අතරින් සිහින්ව ඇසෙන සුළුතර ලිංගික ප්රජාවන්ගේ පීඩනයේ හඬටත් නොවැරදීම සවන් දෙන්න!

ඉසුරු උදාකර යකන්දාවල

2021 | 09 | 27



Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි. දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි...

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි.... මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි. ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස...