ඉතිහාසය විසින් බොහෝ ගමනාන්ත ඛේදාන්ත දක්වා රචනා කර ඇත. ඉරානයේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ නිශ්චිත හැරවුමක් අයතුල්ලා කුමේනීගේ මරණයෙන් පසුව ලියවෙනු ඇත. එය කොහෙට ද යන්න කවුරුත් දන්නෙ නැත. මං කලින් ලිව්ව වගේ අභ්‍යන්තරව ජනතාව සිර කොට ගෙන වැඩි දුරක් යෑමට කුමේනිට හා ඔහුගේ ආගමික් රාජ්‍යයට නොහැකි බවට මෙය සාක්ෂියකි. ජනතාව වෙත ඇති පීඩාවන් ලිහිල් කිරීමෙන් ඉරානයට තිබු ඓතිහාසික අවකාශය ඔවුන් අහිමි කරගෙන ඇත. එබැවින්, අනිවාර්ය වශයෙන් ම, මේ ඇමරිකාවේ රෙජීම් මාරු කිරීමේ බිහිසුණු යථාර්ථය එක කඩයිමකට මෙසේ ළඟා වීමට ඔවුන්ට සිදු වී ඇත. වඩාත් ධානත්මක සිතුවොත් ආගමික රාජ්‍යක සිට ලෞකික රාජ්‍යයක් වෙනුවෙන් පියමැනීමේ ඓතිහාසික ගමන ශේෂ්ඨ ඉරානුවන්ට කුමේනිගෙ මරණයෙන් පසුව හිමිවනු ඇත. නොමැතිනම්, ඉතිහාසය විසින් දශක ගණනක අස්ථාවර අරාජික රාජ්‍යයක වෙහෙසකර ගමන ඇරඹීමට ඔවුන්ට සිදු වනු ඇත. වඩාත් ධානාත්මක පරිවර්තනයක් වෙනුවෙන් බලා සිටීම හැර ඉරාන-ආසියාතික ඉතිහාසයේ රසිකයින් වන අපට වෙනත් විසදුකමක් නැත. https://www.facebook.com/share/p/18YtCeWtRj/
Toxic සම්බන්ධකම් ගැන ගොඩක් අය අද කතා කරනවා. ඒකෙන් වෙන විනාශ ගැනත් සෑහෙන්න කතා කරනවා. හැබැයි, මේක ගැන අවුරුද 2600 කට කලින් පරාභව සූත්‍රයෙත් නොකිය කියල තියන කොටසක් හම්බුණා. ඒකෙ කියනවා, "අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුත්ථනිං-තස්සා ඉස්සා න සුපති තං පරාභවතෝ මුඛං"(පරාභව සූත්‍රය) තේරුම ගත්තොත්, "වයසක බමුණෙක් ගැට තිඹිරි වන් පියයුරු ඇති ඉතා තරුණ යුවතික විවාහ කරගෙන ඇය වරදෙහි බැඳෙයි යන බියෙන් නොනිදා ඇය රකීද එබඳු තැනැත්තා පිරිහේ) අපි මේක අද සමාජයට උපමාවක් විදිහට ඇප්ලයි කලොත් දේවල් කීපයක් හිතාගන්නොනි නොපිරිහී ඉන්නවනම්. මුලින් ම, හිතාගන්න ඕනි මහලු බමුණෙක් නොවෙන්න. ඒ කියන්නෙ, පසුගාමී මහලු අදහස් දරන ප්‍රේමවන්තයෙක්/වන්තියක් නොවෙන්න. Toxic විදිහට වරදෙ බැඳෙයිද කියල තමන්ගෙ ආදරය සැක කරන එක අඩු කරගන්න. මොකද එහෙම කරන්න ගියහම වෙන වැඩත් ගෝල් එකක් ඉටු කරගන්න වෙන්නෙ නෑ. 'නොනිදා රකීද' කියල අසීමිති ව රකින්න කියල දිවා රෑ රණ්ඩු කරල සැක කරන එකේ ඉවරයක් වෙන්නෙ නෑ. පරිහානියට පත් නොවී කපල් එකක් විදිහට ඉස්සරහට යන්නනම් මේ ටික නොකර ඉන්නවනම් හොඳයි කියල පරාභව සූත්‍රයෙන් කියනවා. (ගැට තිඹිරි වලට කැම...