ඉතිහාසය විසින් බොහෝ ගමනාන්ත ඛේදාන්ත දක්වා රචනා කර ඇත. ඉරානයේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ නිශ්චිත හැරවුමක් අයතුල්ලා කුමේනීගේ මරණයෙන් පසුව ලියවෙනු ඇත. එය කොහෙට ද යන්න කවුරුත් දන්නෙ නැත. මං කලින් ලිව්ව වගේ අභ්‍යන්තරව ජනතාව සිර කොට ගෙන වැඩි දුරක් යෑමට කුමේනිට හා ඔහුගේ ආගමික් රාජ්‍යයට නොහැකි බවට මෙය සාක්ෂියකි. ජනතාව වෙත ඇති පීඩාවන් ලිහිල් කිරීමෙන් ඉරානයට තිබු ඓතිහාසික අවකාශය ඔවුන් අහිමි කරගෙන ඇත. එබැවින්, අනිවාර්ය වශයෙන් ම, මේ ඇමරිකාවේ රෙජීම් මාරු කිරීමේ බිහිසුණු යථාර්ථය එක කඩයිමකට මෙසේ ළඟා වීමට ඔවුන්ට සිදු වී ඇත. වඩාත් ධානත්මක සිතුවොත් ආගමික රාජ්‍යක සිට ලෞකික රාජ්‍යයක් වෙනුවෙන් පියමැනීමේ ඓතිහාසික ගමන ශේෂ්ඨ ඉරානුවන්ට කුමේනිගෙ මරණයෙන් පසුව හිමිවනු ඇත. නොමැතිනම්, ඉතිහාසය විසින් දශක ගණනක අස්ථාවර අරාජික රාජ්‍යයක වෙහෙසකර ගමන ඇරඹීමට ඔවුන්ට සිදු වනු ඇත. වඩාත් ධානාත්මක පරිවර්තනයක් වෙනුවෙන් බලා සිටීම හැර ඉරාන-ආසියාතික ඉතිහාසයේ රසිකයින් වන අපට වෙනත් විසදුකමක් නැත.
https://www.facebook.com/share/p/18YtCeWtRj/


Comments
Post a Comment