Skip to main content

Posts

Showing posts from April, 2025

කුණු හා මධ්‍යම පංතියේ දුක් ගැනිවිලි

කුණු, පරිසරය වගේ ප්‍රශ්න කියන්නෙ ගොඩක් වෙලාවට මධ්‍යම පංතිය විසින් තමන්ගෙ ශ්‍රමය විකුණනල ඉතුරු වෙන වටිනාකමින් අරගෙන යන කතාවක්. අද දවසෙ ඒක සමාජ මාධ්‍යට විතැන් වෙලා කාඩ් දාගන්න පුලුවන් අය පරිසරය විනසයි අපි ඉවර වෙන්න යන්නෙ, මේක තමයි ලෝකයෙ අවසානය කියල කියන්න හදනවා.  මුළු සමාජ ක්‍රමය ම කුණුවෙලා තියෙද්දි මේ වගේ කුණු හා පරිසරය එක්ක සම්බන්ධ කර ගත්ත ප්‍රශ්නයක් එළියට ගන්න එක තමයි මේ පංතියෙ මූලික ම වැ⁣ඩේ.  එදිනාද මිනිස්සු නැහෙන පීඩා විදින දේට වඩා විශේෂ කුණු ප්‍රශ්නයක් ලොකු වෙන්නෙ එන්න ඒ විදිහයි. මධ්‍යම පංති තමන්ගෙ ආත්මයෙ කුණු හෝදගන්නෙ අන්න ඒ විදිහට! ඉසුරු උදාකර යකන්දාවල

ශාස්ත්‍රීය අධ්‍යාපනයේ උගුල?

බණ්ඩ (Waruna Priyan Bandara) මේ පෞද්ගලික අර්ථයෙන් කියන්න හදන අදහස ඇතුළෙ ටෙක්නිකල් ගැටලුවක් තියනවා. මේකෙ කියන විදිහට ලංකාවෙ ගොඩක් දෙනෙක් අධ්‍යාපනය ලබන්නෙ එයාලගෙ ආසාවෙන් කියන පූර්ව විනිශ්චනයක ඉඳල. ඒත් ගොඩක් අය ලංකාව වගේ රටක අධ්‍යාපනය ලබන්නෙ තමන්ගෙ සමාජ මට්ටටම වැඩි කරගෙන සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන්. හැබැයි සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන් ලෝකයෙ ම ගත්ත ම විශ්වවිද්‍යාලවල ගිහින් සෑහෙන්න ඉගෙන ගෙන සල්ලි මාර විදිහට හම්බකරනවා කියන එක කරන්න අමාරු වැඩක්. මාර විදිහට සල්ලි හම්බ කරන්න ඕනි අය ඒක කරන්නෙ නෑ. ලංකාව ඇතුළෙ ගොඩක් වෙලාවට වෙන්නෙ ලංකාවේ නොමිලෙ අධ්‍යාපනය ලබා දෙන නිසාත්, ඒක විශ්වවිද්‍යාලය දක්වා තියන නිසාත් විශ්වවිද්‍යාල දක්වා ම ඉගෙන ගෙන ඔහේ එනවා.  එහෙම නැතුව අධ්‍යාපනයට ආසාවක් හරි, ශාස්ත්‍රීය ගවේෂණයක් නෑ. මේ නිසා ⁣වෘත්තීය පුහුණවක් වගේ දෙයක් එක්ක ඉක්මනින් රැකියි ක්ෂේත්‍රයට එන්න ඕනි අය දහස් ගණනක් නිකරුණෙ තමන් ආස නැති ශාස්ත්‍රීය ක්ෂේත්‍රවලට ඇවිල්ල තදබදයක් ඇතිවෙලා තියෙන්නෙ. මේක හරියට, අධ්‍යාපන ක්‍රමය ආර්ථිකය එක්ක ගැට ගහපු දවසට බහුතරයක් වෘත්තීය හා කර්මාන්ත අධ්‍යාපනයක් අරගෙන රැකියා ආර්ථිකයට...

නිදහස් අධ්‍යාපනය හයේෂිකාට ලඝු කිරීම

හයේෂිකාගෙ මේ සිද්ධිය දිහා බැලුව ම ආයෙ ඉතිං අලුතින් බලන්න ගන්න දෙයක් නෑ. සෝශල් මීඩියාවල හුමාරුවෙන අදහස්වලින් හරි ම පැහැදිලි ව පේනවා උතුරා හැලෙන ඊර්ෂ්‍යාවක්, ඇරියස් එකක් මිනිස්සු කවර් කරනවා කියල. ඒක ගොඩක් වෙලාවට නිදහස් අධ්‍යාපනය අනන් මනන් කතන්දරවලින් වහන්න හදනවා. ලංකාවේ ටියුෂන් පටන් ගත්තෙ අද ඊයෙක නෙවෙයි. ඒ වගේ ම, අඩු හරි වැඩි වශයෙන් ලංකාවේ අද වැඩිහිටියො වෙලා ඉන්න බොහෝ දෙනෙක් ටියුෂන් ගිහින් තියනවා. අනික විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අය ගොඩක් මේ සිද්ධිය නිසා හිත් රිද්දගෙන තිබ්බා. හැබැයි එයාලට අමතක ඇති එයාලගෙන් 99% ක් ම කැම්පස් ගියේ ටියුෂන් ගිහින් කියල. එතකොට ඒක ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනය කඩා වැටීමක් නෙවෙයි ද? ඇත්ත ම ප්‍රශ්නෙට ආවොත් ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනයේ ඉගෙන්වීමේ ගැටලු නිසා හා තරඟය නිසා ටියුෂන් ක්‍රමයක් බිහිවෙලා තියනවා. ඒක ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙ තියෙන ගැටලුවක් වගෙ ම ඒ ගැන විධිමත් සිතීමක් එක්ක පිළිතුරක් හොයාගන්න ඕනි. එතකන් ටියුෂන් තියනවා. හැබැයි ඒ වගෙ ම ලංකාවෙ ටියුෂන් මාස්ටර්ල කියල හයේෂිකාට බනින අය⁣ ප්‍රොමෝට් කරන ගුරුවරු ටිකක් ඉන්නවා. එයාල නිසා නිදහස් අධ්‍යාපනය විනාස වෙන්නෙ නැද්ද? එහෙම කවුරු...

තනිකම

මං සාමාන්‍යයෙන් තනියෙම ඉන්න එක ප්‍රොමෝට් කරන කෙනෙක් නෙවෙයි. මං ඕනි කෙනෙක්ට නිතරම කියන්නෙ සෙලිබ්‍රේශන් එකේ ඉන්න. කුඩා අවස්ථාත් සමරන්න. පුලුවන් තැන්වල හමුවෙන්න. වඩා රන්චු ගැහෙන්න කියල. හැබැයි, මං ගොඩක් වෙලාවට වැඩ කරද්දි පොඩ්ඩක් හමුවීම් රන්චු ගැසීම් සීමා කරගෙන, සෙලිබ්‍රේශන් ලිමිට් කරල ඉන්නවා. ඒක මයින්ඩ් එක මේන්ටේන් කරගෙන ආයෙ රීෆ්‍රෙෂ්වෙලා එන්න උදව් කරන දෙයක්.  හැබැයි ගොඩක් අය. මං කියන්නෙ ශෙයාර් කරන ස්ටේටටස්, පොස්ට්වලින් අවම 50% ක් ම තනිකමේ වේදනාව ගැන කියපුව. එහෙම නැත්නම් තනිකම තමන් දරාගන්න හැටි කියන, ඒ නිසා තමන් මාර පොරක් කියල පෙන්නන් හදපුවා. මට දැනෙන්නෙ කවුරුහරි තනි වුණා කියල මාර පොරක් වෙන්නෙ නෑ. ඒ වගෙ ම තනි නොවී ඉදියා කියල මාර දෙයක් වෙන්නෙත් නෑ. තමන්ට තනිනම් ඒ ගැන ස්ටේටටස් ශෙයාර් කර කර ඉන්නෙ නැතුව යාලුවො හම්බෙන්න, ආදරේ කරන කෙනාව හම්බෙන්න, සෙලිබ්‍රේට් කරන්න. තනිවෙලා ඉන්න ඕනි වගේනම් ඒ ගැන නොවැලපී ටිකක් තනිවෙලා ආයෙ කරලියට එන්න. ඒ ගැන තේරුන් ගන්න නාමල් ජයසිංහගෙ පහළ වචන ටික හොඳට ම ඇති.  "හිස් කමින් තනි වෙන එකයි පිරෙමින් තනි වෙන එකයි කියන්නේ දෙකක්. මගේ හිත රිදෙනවා, ඒත් හිස් නැහැ..!...

ලොකුයි නේද?

සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල විවාහය කියන්නෙ සෑහෙන්න තරමක ඇල් මැරුණු සම්බන්ධයක්. සජීවී බව රැක ගැනීම, මනුෂ්‍යය බැදීමක උණුසුම රැක ගන්න සැලසුමක් ඒ ඇතුළෙ නෑ. බොහෝ විට තමන් ප්ලෑන් කරපු භෞතික දේවල් කීපයක් පස්සෙ දුවන්න හරි, අච්චුවකට වැටුණු ලයිෆ් ස්ටයිල් එකකට දුවන එක ඇරෙන්න සතුට ගැන, ට්‍රිප් එකක් ගැන, ඩේ අවුට් එකක් ගැන සැලසුමක් විවාහ සැලසුමක් ඇතුළෙ නෑ. නෙළුම් කුළුණ ෆිල්ම් එකේ පෙන්නන්නෙ මැරුණු පිරිමියෙක්ගෙ ලිංගික උත්තේජනයක් මිසක් ජීවත් වෙන මනුස්සයෙක් ගැන නෙවෙයි. ඇත්තට ම, සජීවි මනුස්සයෙක් ගත්ත ම ඒකේ යථාර්ථය මේ ලේලීල දෙන්න කතා කරනව වගේ දෙයක්. ⁣ජීව විද්‍යාත්මක විදහට නෙවෙයි මානසිකවත් විවාහක පිරිමියා බෙලහීනයි. කම්මැලි කුසීත අච්චුවෙච්චි ජීවන රටාව ඇතුළෙ පිරිමි සහ ගැහැණු බෙලහීනයි. විනෝදයෙන් විනිර්මුක්තයි. නෙළුම් කුළුණ අපිට පවසන්නේ ලංකාව වගේ කම්මැලි ජීවන රටාවක් හිමි වුණ සමාජයක මිය ගිය පිරිමියෙක් හැර ජීවත් වෙන ප්‍රාණවත් පිරිමින් නැති බවයි. පැරණි ආකෘතියෙන් මිදිල විනෝදකාමී පවුල් ආකෘතියක් ලංකාවට අවශ්‍ය වෙලා තියෙනවා. එතකන් මැරුණු පිරිමින්ගේ ප්‍රාණවත් උන පුරුෂ ලිංග ගැන කතා කර කර ම ඉන්න වෙනව අපිට.  ඉසුරු උදා...

ඔක්සිජන් කන්නද?

ඔව් ඔක්සිජන් වැඩක් නෑ තමයි. එහෙම කිව්වට අපිට එහෙම ජීවත් වෙන්න බෑ. ඒත් ලංකාව ඉන්නෙ පරිසරය ගැන හරි ම පසුගාමී අදහසක. පරිසරය ඒ විදිහට කැළෑ වැවිල තියෙන එක ලංකාවෙ සෑහෙන්න අගයනවා. ඒත් ඇත්තට ම, එහෙම කැළෑ වැවෙන්න දීල ඔහේ ඉන්න එකෙන් කිසිම දෙයක් වෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ  තවත් රටවල් පස්සට ගිහින් සංවර්ධය කරගන්න බැරි තත්වයට වැටෙන එක විතරයි. පැරිසීය 2007 දී, පරිසර  දූෂණය ඉහල පහළ පෙන්වන විදිහට රතු කලාපයට අයිති නගරයක්. හැබැයි අද වෙද්දි ඒ නගරය හරිත නගරයක් දක්වා නගර දියුණු කරගෙන තියනවා. එයාල එහෙම කරගත්තෙ; ක්‍රියාත්මක වූ සමහර පියවර:  ➡️ ආරක්ෂිත බයිසිකල් මංතීරු කිලෝමීටර 1 400ක් ➡️ මෝටර් රථ සඳහා වාහන නැවැත්වීමේ අවකාශ 70,000ක් ඉවත් කර ඇත ➡️ ගං ඉවුරු පදික කලාප බවට පරිවර්තනය කර ඇත ➡️ ඉහළ වාහන නැවැත්වීමේ ගාස්තු සහිත සීමිත SUV රථ ➡️ නගර මධ්‍යයේ රථවාහන තදබදය තහනම් කර ඇත ➡️ පැරණි ඩීසල් වාහන තහනම් කර ඇත මේ වගේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න පුලුවන් සංවර්ධිත,විධිමත් වර්ධිත ආර්ථිකයක් තියන රටකට. අපිටත් මෙහෙම දේවල් කරන්න පුලුවන්. හැබැයි, එතනින් එහාට සංවර්ධන ඇනහිටිල පරිසරය සුරා කන තත්වයට නැවත පත් වෙන එක. ...