Skip to main content

ඔක්සිජන් කන්නද?

ඔව් ඔක්සිජන් වැඩක් නෑ තමයි. එහෙම කිව්වට අපිට එහෙම ජීවත් වෙන්න බෑ. ඒත් ලංකාව ඉන්නෙ පරිසරය ගැන හරි ම පසුගාමී අදහසක. පරිසරය ඒ විදිහට කැළෑ වැවිල තියෙන එක ලංකාවෙ සෑහෙන්න අගයනවා. ඒත් ඇත්තට ම, එහෙම කැළෑ වැවෙන්න දීල ඔහේ ඉන්න එකෙන් කිසිම දෙයක් වෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ  තවත් රටවල් පස්සට ගිහින් සංවර්ධය කරගන්න බැරි තත්වයට වැටෙන එක විතරයි. පැරිසීය 2007 දී, පරිසර  දූෂණය ඉහල පහළ පෙන්වන විදිහට රතු කලාපයට අයිති නගරයක්. හැබැයි අද වෙද්දි ඒ නගරය හරිත නගරයක් දක්වා නගර දියුණු කරගෙන තියනවා. එයාල එහෙම කරගත්තෙ;

ක්‍රියාත්මක වූ සමහර පියවර: 
➡️ ආරක්ෂිත බයිසිකල් මංතීරු කිලෝමීටර 1 400ක්
➡️ මෝටර් රථ සඳහා වාහන නැවැත්වීමේ අවකාශ 70,000ක් ඉවත් කර ඇත
➡️ ගං ඉවුරු පදික කලාප බවට පරිවර්තනය කර ඇත
➡️ ඉහළ වාහන නැවැත්වීමේ ගාස්තු සහිත සීමිත SUV රථ
➡️ නගර මධ්‍යයේ රථවාහන තදබදය තහනම් කර ඇත
➡️ පැරණි ඩීසල් වාහන තහනම් කර ඇත




මේ වගේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න පුලුවන් සංවර්ධිත,විධිමත් වර්ධිත ආර්ථිකයක් තියන රටකට. අපිටත් මෙහෙම දේවල් කරන්න පුලුවන්. හැබැයි, එතනින් එහාට සංවර්ධන ඇනහිටිල පරිසරය සුරා කන තත්වයට නැවත පත් වෙන එක. අපිටත් මේ වගේ ප්‍රතිපත්තිවලට යන්න ඕනි නම්, සංවර්ධනයයි පරිසරයයි තුලනය කරගන්න ඕනි නම් යම් කිසි ස්ථාවර ආර්ථිකයක් ගොඩ නාගා ගන්න ඕනි. 

ඒකට පරිසරික සීමා ලිහිල් කරල, පසුගාමී පාරිසරික නීති රීති අයින් කරල ආර්ථික මැෂිමෙ වේගය වැඩි කරන්න අවස්ථාව දෙන්න ඕනි. ඒ නිසා නිශ්චිතවම පාරිසරික හානි ප්‍රාමාණයක් වෙනවා. හැබැයි ආර්ථිකය ස්ථාවර වෙද්දි පැරීසිය වගේ නිතැතතින් හරිත ගැටලු ගැන ජනතාව සංවේදී වෙනවා; ආර්ථිකයට ඒ වගේ හරිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න මූල්‍ය ශක්තිය හිමි වෙනවා. ඒ තිරසර බව කාලයක් පවත්වගන්න කලින් පරිසරය තුළින් ම ගොඩ නගා ගත්ත ආර්ථික ශක්තිය හේතු වෙනවා. ලංකාවේ අන්තවාදී මුලධර්මවාදි පරිසරවාදීන් නිසා ලංකාව සංවර්ධන වෙන්නෙවත් කල්පවතින තිරසාර භාවයක්වත් අත් කරගන්නෙ නැතුව එක තැන පල්වෙනවා. පණු කරඳ ගහ ගැන වගේ නිශ්පල විවාදවලින් ලාභ රසවින්දනයක් විදිනවා. එච්චරයි! ඉතිං ලංකාවට කරන්න තියෙන්නෙ ඊනියා පාරිසරවාදි කතන්දරවලට අහුවෙන්නෙ නැතුව යම් ලිහිල් සීමාවක් ඇතුළෙ පරිසරයක් ආර්ථිකයට නතු කරල ආර්ථික පිම්ම පැන ගන්න එක. ඒ එක්ක උසස් ජීවන රටාවක් උරුම කරගන්න සමාජය හරිත සමාජයක් වෙනුවෙන් ඒ උපය ගත්ත ආර්ථිකය ආයෝජය කරයි. 

ඉසුරු උදාකර යකන්දාවල

Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි. දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි...

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි.... මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි. ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස...