Skip to main content

ඔක්සිජන් කන්නද?

ඔව් ඔක්සිජන් වැඩක් නෑ තමයි. එහෙම කිව්වට අපිට එහෙම ජීවත් වෙන්න බෑ. ඒත් ලංකාව ඉන්නෙ පරිසරය ගැන හරි ම පසුගාමී අදහසක. පරිසරය ඒ විදිහට කැළෑ වැවිල තියෙන එක ලංකාවෙ සෑහෙන්න අගයනවා. ඒත් ඇත්තට ම, එහෙම කැළෑ වැවෙන්න දීල ඔහේ ඉන්න එකෙන් කිසිම දෙයක් වෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ  තවත් රටවල් පස්සට ගිහින් සංවර්ධය කරගන්න බැරි තත්වයට වැටෙන එක විතරයි. පැරිසීය 2007 දී, පරිසර  දූෂණය ඉහල පහළ පෙන්වන විදිහට රතු කලාපයට අයිති නගරයක්. හැබැයි අද වෙද්දි ඒ නගරය හරිත නගරයක් දක්වා නගර දියුණු කරගෙන තියනවා. එයාල එහෙම කරගත්තෙ;

ක්‍රියාත්මක වූ සමහර පියවර: 
➡️ ආරක්ෂිත බයිසිකල් මංතීරු කිලෝමීටර 1 400ක්
➡️ මෝටර් රථ සඳහා වාහන නැවැත්වීමේ අවකාශ 70,000ක් ඉවත් කර ඇත
➡️ ගං ඉවුරු පදික කලාප බවට පරිවර්තනය කර ඇත
➡️ ඉහළ වාහන නැවැත්වීමේ ගාස්තු සහිත සීමිත SUV රථ
➡️ නගර මධ්‍යයේ රථවාහන තදබදය තහනම් කර ඇත
➡️ පැරණි ඩීසල් වාහන තහනම් කර ඇත




මේ වගේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න පුලුවන් සංවර්ධිත,විධිමත් වර්ධිත ආර්ථිකයක් තියන රටකට. අපිටත් මෙහෙම දේවල් කරන්න පුලුවන්. හැබැයි, එතනින් එහාට සංවර්ධන ඇනහිටිල පරිසරය සුරා කන තත්වයට නැවත පත් වෙන එක. අපිටත් මේ වගේ ප්‍රතිපත්තිවලට යන්න ඕනි නම්, සංවර්ධනයයි පරිසරයයි තුලනය කරගන්න ඕනි නම් යම් කිසි ස්ථාවර ආර්ථිකයක් ගොඩ නාගා ගන්න ඕනි. 

ඒකට පරිසරික සීමා ලිහිල් කරල, පසුගාමී පාරිසරික නීති රීති අයින් කරල ආර්ථික මැෂිමෙ වේගය වැඩි කරන්න අවස්ථාව දෙන්න ඕනි. ඒ නිසා නිශ්චිතවම පාරිසරික හානි ප්‍රාමාණයක් වෙනවා. හැබැයි ආර්ථිකය ස්ථාවර වෙද්දි පැරීසිය වගේ නිතැතතින් හරිත ගැටලු ගැන ජනතාව සංවේදී වෙනවා; ආර්ථිකයට ඒ වගේ හරිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න මූල්‍ය ශක්තිය හිමි වෙනවා. ඒ තිරසර බව කාලයක් පවත්වගන්න කලින් පරිසරය තුළින් ම ගොඩ නගා ගත්ත ආර්ථික ශක්තිය හේතු වෙනවා. ලංකාවේ අන්තවාදී මුලධර්මවාදි පරිසරවාදීන් නිසා ලංකාව සංවර්ධන වෙන්නෙවත් කල්පවතින තිරසාර භාවයක්වත් අත් කරගන්නෙ නැතුව එක තැන පල්වෙනවා. පණු කරඳ ගහ ගැන වගේ නිශ්පල විවාදවලින් ලාභ රසවින්දනයක් විදිනවා. එච්චරයි! ඉතිං ලංකාවට කරන්න තියෙන්නෙ ඊනියා පාරිසරවාදි කතන්දරවලට අහුවෙන්නෙ නැතුව යම් ලිහිල් සීමාවක් ඇතුළෙ පරිසරයක් ආර්ථිකයට නතු කරල ආර්ථික පිම්ම පැන ගන්න එක. ඒ එක්ක උසස් ජීවන රටාවක් උරුම කරගන්න සමාජය හරිත සමාජයක් වෙනුවෙන් ඒ උපය ගත්ත ආර්ථිකය ආයෝජය කරයි. 

ඉසුරු උදාකර යකන්දාවල

Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ශාස්ත්‍රීය අධ්‍යාපනයේ උගුල?

බණ්ඩ (Waruna Priyan Bandara) මේ පෞද්ගලික අර්ථයෙන් කියන්න හදන අදහස ඇතුළෙ ටෙක්නිකල් ගැටලුවක් තියනවා. මේකෙ කියන විදිහට ලංකාවෙ ගොඩක් දෙනෙක් අධ්‍යාපනය ලබන්නෙ එයාලගෙ ආසාවෙන් කියන පූර්ව විනිශ්චනයක ඉඳල. ඒත් ගොඩක් අය ලංකාව වගේ රටක අධ්‍යාපනය ලබන්නෙ තමන්ගෙ සමාජ මට්ටටම වැඩි කරගෙන සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන්. හැබැයි සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන් ලෝකයෙ ම ගත්ත ම විශ්වවිද්‍යාලවල ගිහින් සෑහෙන්න ඉගෙන ගෙන සල්ලි මාර විදිහට හම්බකරනවා කියන එක කරන්න අමාරු වැඩක්. මාර විදිහට සල්ලි හම්බ කරන්න ඕනි අය ඒක කරන්නෙ නෑ. ලංකාව ඇතුළෙ ගොඩක් වෙලාවට වෙන්නෙ ලංකාවේ නොමිලෙ අධ්‍යාපනය ලබා දෙන නිසාත්, ඒක විශ්වවිද්‍යාලය දක්වා තියන නිසාත් විශ්වවිද්‍යාල දක්වා ම ඉගෙන ගෙන ඔහේ එනවා.  එහෙම නැතුව අධ්‍යාපනයට ආසාවක් හරි, ශාස්ත්‍රීය ගවේෂණයක් නෑ. මේ නිසා ⁣වෘත්තීය පුහුණවක් වගේ දෙයක් එක්ක ඉක්මනින් රැකියි ක්ෂේත්‍රයට එන්න ඕනි අය දහස් ගණනක් නිකරුණෙ තමන් ආස නැති ශාස්ත්‍රීය ක්ෂේත්‍රවලට ඇවිල්ල තදබදයක් ඇතිවෙලා තියෙන්නෙ. මේක හරියට, අධ්‍යාපන ක්‍රමය ආර්ථිකය එක්ක ගැට ගහපු දවසට බහුතරයක් වෘත්තීය හා කර්මාන්ත අධ්‍යාපනයක් අරගෙන රැකියා ආර්ථිකයට...

ලොකුයි නේද?

සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල විවාහය කියන්නෙ සෑහෙන්න තරමක ඇල් මැරුණු සම්බන්ධයක්. සජීවී බව රැක ගැනීම, මනුෂ්‍යය බැදීමක උණුසුම රැක ගන්න සැලසුමක් ඒ ඇතුළෙ නෑ. බොහෝ විට තමන් ප්ලෑන් කරපු භෞතික දේවල් කීපයක් පස්සෙ දුවන්න හරි, අච්චුවකට වැටුණු ලයිෆ් ස්ටයිල් එකකට දුවන එක ඇරෙන්න සතුට ගැන, ට්‍රිප් එකක් ගැන, ඩේ අවුට් එකක් ගැන සැලසුමක් විවාහ සැලසුමක් ඇතුළෙ නෑ. නෙළුම් කුළුණ ෆිල්ම් එකේ පෙන්නන්නෙ මැරුණු පිරිමියෙක්ගෙ ලිංගික උත්තේජනයක් මිසක් ජීවත් වෙන මනුස්සයෙක් ගැන නෙවෙයි. ඇත්තට ම, සජීවි මනුස්සයෙක් ගත්ත ම ඒකේ යථාර්ථය මේ ලේලීල දෙන්න කතා කරනව වගේ දෙයක්. ⁣ජීව විද්‍යාත්මක විදහට නෙවෙයි මානසිකවත් විවාහක පිරිමියා බෙලහීනයි. කම්මැලි කුසීත අච්චුවෙච්චි ජීවන රටාව ඇතුළෙ පිරිමි සහ ගැහැණු බෙලහීනයි. විනෝදයෙන් විනිර්මුක්තයි. නෙළුම් කුළුණ අපිට පවසන්නේ ලංකාව වගේ කම්මැලි ජීවන රටාවක් හිමි වුණ සමාජයක මිය ගිය පිරිමියෙක් හැර ජීවත් වෙන ප්‍රාණවත් පිරිමින් නැති බවයි. පැරණි ආකෘතියෙන් මිදිල විනෝදකාමී පවුල් ආකෘතියක් ලංකාවට අවශ්‍ය වෙලා තියෙනවා. එතකන් මැරුණු පිරිමින්ගේ ප්‍රාණවත් උන පුරුෂ ලිංග ගැන කතා කර කර ම ඉන්න වෙනව අපිට.  ඉසුරු උදා...