මං සාමාන්‍යයෙන් තනියෙම ඉන්න එක ප්‍රොමෝට් කරන කෙනෙක් නෙවෙයි. මං ඕනි කෙනෙක්ට නිතරම කියන්නෙ සෙලිබ්‍රේශන් එකේ ඉන්න. කුඩා අවස්ථාත් සමරන්න. පුලුවන් තැන්වල හමුවෙන්න. වඩා රන්චු ගැහෙන්න කියල. හැබැයි, මං ගොඩක් වෙලාවට වැඩ කරද්දි පොඩ්ඩක් හමුවීම් රන්චු ගැසීම් සීමා කරගෙන, සෙලිබ්‍රේශන් ලිමිට් කරල ඉන්නවා. ඒක මයින්ඩ් එක මේන්ටේන් කරගෙන ආයෙ රීෆ්‍රෙෂ්වෙලා එන්න උදව් කරන දෙයක්.
හැබැයි ගොඩක් අය. මං කියන්නෙ ශෙයාර් කරන ස්ටේටටස්, පොස්ට්වලින් අවම 50% ක් ම තනිකමේ වේදනාව ගැන කියපුව. එහෙම නැත්නම් තනිකම තමන් දරාගන්න හැටි කියන, ඒ නිසා තමන් මාර පොරක් කියල පෙන්නන් හදපුවා. මට දැනෙන්නෙ කවුරුහරි තනි වුණා කියල මාර පොරක් වෙන්නෙ නෑ. ඒ වගෙ ම තනි නොවී ඉදියා කියල මාර දෙයක් වෙන්නෙත් නෑ. තමන්ට තනිනම් ඒ ගැන ස්ටේටටස් ශෙයාර් කර කර ඉන්නෙ නැතුව යාලුවො හම්බෙන්න, ආදරේ කරන කෙනාව හම්බෙන්න, සෙලිබ්‍රේට් කරන්න. තනිවෙලා ඉන්න ඕනි වගේනම් ඒ ගැන නොවැලපී ටිකක් තනිවෙලා ආයෙ කරලියට එන්න. ඒ ගැන තේරුන් ගන්න නාමල් ජයසිංහගෙ පහළ වචන ටික හොඳට ම ඇති.
"හිස් කමින් තනි වෙන එකයි පිරෙමින් තනි වෙන එකයි කියන්නේ දෙකක්.
මගේ හිත රිදෙනවා, ඒත් හිස් නැහැ..!"
- අප්පච්චි | නාමල් ජයසිංහ -

Comments
Post a Comment