සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල විවාහය කියන්නෙ සෑහෙන්න තරමක ඇල් මැරුණු සම්බන්ධයක්. සජීවී බව රැක ගැනීම, මනුෂ්‍යය බැදීමක උණුසුම රැක ගන්න සැලසුමක් ඒ ඇතුළෙ නෑ. බොහෝ විට තමන් ප්ලෑන් කරපු භෞතික දේවල් කීපයක් පස්සෙ දුවන්න හරි, අච්චුවකට වැටුණු ලයිෆ් ස්ටයිල් එකකට දුවන එක ඇරෙන්න සතුට ගැන, ට්‍රිප් එකක් ගැන, ඩේ අවුට් එකක් ගැන සැලසුමක් විවාහ සැලසුමක් ඇතුළෙ නෑ. නෙළුම් කුළුණ ෆිල්ම් එකේ පෙන්නන්නෙ මැරුණු පිරිමියෙක්ගෙ ලිංගික උත්තේජනයක් මිසක් ජීවත් වෙන මනුස්සයෙක් ගැන නෙවෙයි. ඇත්තට ම, සජීවි මනුස්සයෙක් ගත්ත ම ඒකේ යථාර්ථය මේ ලේලීල දෙන්න කතා කරනව වගේ දෙයක්. ජීව විද්‍යාත්මක විදහට නෙවෙයි මානසිකවත් විවාහක පිරිමියා බෙලහීනයි. කම්මැලි කුසීත අච්චුවෙච්චි ජීවන රටාව ඇතුළෙ පිරිමි සහ ගැහැණු බෙලහීනයි. විනෝදයෙන් විනිර්මුක්තයි.
නෙළුම් කුළුණ අපිට පවසන්නේ ලංකාව වගේ කම්මැලි ජීවන රටාවක් හිමි වුණ සමාජයක මිය ගිය පිරිමියෙක් හැර ජීවත් වෙන ප්‍රාණවත් පිරිමින් නැති බවයි. පැරණි ආකෘතියෙන් මිදිල විනෝදකාමී පවුල් ආකෘතියක් ලංකාවට අවශ්‍ය වෙලා තියෙනවා. එතකන් මැරුණු පිරිමින්ගේ ප්‍රාණවත් උන පුරුෂ ලිංග ගැන කතා කර කර ම ඉන්න වෙනව අපිට.
ඉසුරු උදාකර යකන්දාවල

Comments
Post a Comment