Skip to main content

නිදහස් අධ්‍යාපනය හයේෂිකාට ලඝු කිරීම

හයේෂිකාගෙ මේ සිද්ධිය දිහා බැලුව ම ආයෙ ඉතිං අලුතින් බලන්න ගන්න දෙයක් නෑ. සෝශල් මීඩියාවල හුමාරුවෙන අදහස්වලින් හරි ම පැහැදිලි ව පේනවා උතුරා හැලෙන ඊර්ෂ්‍යාවක්, ඇරියස් එකක් මිනිස්සු කවර් කරනවා කියල. ඒක ගොඩක් වෙලාවට නිදහස් අධ්‍යාපනය අනන් මනන් කතන්දරවලින් වහන්න හදනවා. ලංකාවේ ටියුෂන් පටන් ගත්තෙ අද ඊයෙක නෙවෙයි. ඒ වගේ ම, අඩු හරි වැඩි වශයෙන් ලංකාවේ අද වැඩිහිටියො වෙලා ඉන්න බොහෝ දෙනෙක් ටියුෂන් ගිහින් තියනවා. අනික විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අය ගොඩක් මේ සිද්ධිය නිසා හිත් රිද්දගෙන තිබ්බා. හැබැයි එයාලට අමතක ඇති එයාලගෙන් 99% ක් ම කැම්පස් ගියේ ටියුෂන් ගිහින් කියල. එතකොට ඒක ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනය කඩා වැටීමක් නෙවෙයි ද? ඇත්ත ම ප්‍රශ්නෙට ආවොත් ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනයේ ඉගෙන්වීමේ ගැටලු නිසා හා තරඟය නිසා ටියුෂන් ක්‍රමයක් බිහිවෙලා තියනවා. ඒක ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙ තියෙන ගැටලුවක් වගෙ ම ඒ ගැන විධිමත් සිතීමක් එක්ක පිළිතුරක් හොයාගන්න ඕනි. එතකන් ටියුෂන් තියනවා. හැබැයි ඒ වගෙ ම ලංකාවෙ ටියුෂන් මාස්ටර්ල කියල හයේෂිකාට බනින අය⁣ ප්‍රොමෝට් කරන ගුරුවරු ටිකක් ඉන්නවා. එයාල නිසා නිදහස් අධ්‍යාපනය විනාස වෙන්නෙ නැද්ද? එහෙම කවුරුත් තනි පුද්ගලයො නිසා අධ්‍යාපන ක්‍රමයක් විනාස වෙන්නෙ නෑ. සිලබස් අප්ඩේට් නො⁣වෙන එකේ ඉඳන් ගැටලු ගානක ප්‍රතිඵලයක් ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනය කඩා වැටීම කියන එක. ඒක තමන්ගෙ පෞද්ගලික ඇරියස් එකට මේ වගේ සුළු සිද්ධියකට ලඝු කරන එකෙන් ඇත්ත ප්‍රශ්නෙ යට යනවා. අහසින් මල් දාගන්න, ර⁣ට වටෙන් ළමයි ගෙන්න ගන්න, BMICH එකේ තමන්ව උලුප්පන වැඩක් හදාගන්න බැරි නිසා ඒක ගැන තියන ඇරියස් එක මේකෙන් වහල වැඩක් නෑ. හැබැයි ඒ නිසා ලංකාවෙ තියන අධ්‍යාපනයෙ සමස්ත ප්‍රශ්නය, ටියුෂන් හරි වෙන හුදකලා කුඩා සිද්ධියකට යට කරගෙන තමන් මාර විමුක්තිවාදි, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් වදින්නෙක් කියල පෙන්නගෙන තමන්ගෙ නග්න ඇරියස් එක කවර් එක පහත් පෙළේ වැඩක්.

(මෙතෙන තරමක හරි ගැටලුකාරී කියල පේන්නෙ පොලීසියෙන් පෙලපාලියෙ ආරක්ෂාව දෙන එක වුණෙ මොන පදනමෙන් ද කියල බලන එකයි, අසත්‍ය ප්‍රචාරණයක් විදිහට PhD එක යූස් කළා ද කියන එකයි. ඒක ගැන හොයල බලනව ඇරෙන්න අර ඇරියස් එකට තමන්ට කරගන්න බැරි ඉවෙන්ට් එකක් නිසා, ඉවෙන්ට් එක බුලී කර කර නටල වැඩක් නෑ.)

ඉසුරු උදාකර යකන්දාවල





Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ශාස්ත්‍රීය අධ්‍යාපනයේ උගුල?

බණ්ඩ (Waruna Priyan Bandara) මේ පෞද්ගලික අර්ථයෙන් කියන්න හදන අදහස ඇතුළෙ ටෙක්නිකල් ගැටලුවක් තියනවා. මේකෙ කියන විදිහට ලංකාවෙ ගොඩක් දෙනෙක් අධ්‍යාපනය ලබන්නෙ එයාලගෙ ආසාවෙන් කියන පූර්ව විනිශ්චනයක ඉඳල. ඒත් ගොඩක් අය ලංකාව වගේ රටක අධ්‍යාපනය ලබන්නෙ තමන්ගෙ සමාජ මට්ටටම වැඩි කරගෙන සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන්. හැබැයි සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන් ලෝකයෙ ම ගත්ත ම විශ්වවිද්‍යාලවල ගිහින් සෑහෙන්න ඉගෙන ගෙන සල්ලි මාර විදිහට හම්බකරනවා කියන එක කරන්න අමාරු වැඩක්. මාර විදිහට සල්ලි හම්බ කරන්න ඕනි අය ඒක කරන්නෙ නෑ. ලංකාව ඇතුළෙ ගොඩක් වෙලාවට වෙන්නෙ ලංකාවේ නොමිලෙ අධ්‍යාපනය ලබා දෙන නිසාත්, ඒක විශ්වවිද්‍යාලය දක්වා තියන නිසාත් විශ්වවිද්‍යාල දක්වා ම ඉගෙන ගෙන ඔහේ එනවා.  එහෙම නැතුව අධ්‍යාපනයට ආසාවක් හරි, ශාස්ත්‍රීය ගවේෂණයක් නෑ. මේ නිසා ⁣වෘත්තීය පුහුණවක් වගේ දෙයක් එක්ක ඉක්මනින් රැකියි ක්ෂේත්‍රයට එන්න ඕනි අය දහස් ගණනක් නිකරුණෙ තමන් ආස නැති ශාස්ත්‍රීය ක්ෂේත්‍රවලට ඇවිල්ල තදබදයක් ඇතිවෙලා තියෙන්නෙ. මේක හරියට, අධ්‍යාපන ක්‍රමය ආර්ථිකය එක්ක ගැට ගහපු දවසට බහුතරයක් වෘත්තීය හා කර්මාන්ත අධ්‍යාපනයක් අරගෙන රැකියා ආර්ථිකයට...

ලොකුයි නේද?

සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල විවාහය කියන්නෙ සෑහෙන්න තරමක ඇල් මැරුණු සම්බන්ධයක්. සජීවී බව රැක ගැනීම, මනුෂ්‍යය බැදීමක උණුසුම රැක ගන්න සැලසුමක් ඒ ඇතුළෙ නෑ. බොහෝ විට තමන් ප්ලෑන් කරපු භෞතික දේවල් කීපයක් පස්සෙ දුවන්න හරි, අච්චුවකට වැටුණු ලයිෆ් ස්ටයිල් එකකට දුවන එක ඇරෙන්න සතුට ගැන, ට්‍රිප් එකක් ගැන, ඩේ අවුට් එකක් ගැන සැලසුමක් විවාහ සැලසුමක් ඇතුළෙ නෑ. නෙළුම් කුළුණ ෆිල්ම් එකේ පෙන්නන්නෙ මැරුණු පිරිමියෙක්ගෙ ලිංගික උත්තේජනයක් මිසක් ජීවත් වෙන මනුස්සයෙක් ගැන නෙවෙයි. ඇත්තට ම, සජීවි මනුස්සයෙක් ගත්ත ම ඒකේ යථාර්ථය මේ ලේලීල දෙන්න කතා කරනව වගේ දෙයක්. ⁣ජීව විද්‍යාත්මක විදහට නෙවෙයි මානසිකවත් විවාහක පිරිමියා බෙලහීනයි. කම්මැලි කුසීත අච්චුවෙච්චි ජීවන රටාව ඇතුළෙ පිරිමි සහ ගැහැණු බෙලහීනයි. විනෝදයෙන් විනිර්මුක්තයි. නෙළුම් කුළුණ අපිට පවසන්නේ ලංකාව වගේ කම්මැලි ජීවන රටාවක් හිමි වුණ සමාජයක මිය ගිය පිරිමියෙක් හැර ජීවත් වෙන ප්‍රාණවත් පිරිමින් නැති බවයි. පැරණි ආකෘතියෙන් මිදිල විනෝදකාමී පවුල් ආකෘතියක් ලංකාවට අවශ්‍ය වෙලා තියෙනවා. එතකන් මැරුණු පිරිමින්ගේ ප්‍රාණවත් උන පුරුෂ ලිංග ගැන කතා කර කර ම ඉන්න වෙනව අපිට.  ඉසුරු උදා...