Skip to main content

Posts

Showing posts from September, 2025

නුරාව ද දේශපාලනය ද?

චින්තා හම්බුණා. අපිට හම්බුණ වෙලාව ඇතුළෙ තරම ක දිග සංවාදයක් කරන්න හම්බුණා. ඒකෙදි මට සටහන් වුණ දේ තමයි චින්තා ලෝකය දකින විදිහයි මං ලෝකය රීඩ් කරගන්න විදිහෙයි වෙනස. චින්තගෙ කියවීම වැටිල තියෙන්නෙ සෙක්ස් මූලික කරගෙන. මං ඇහුවම දේශපාලනය ද සෙක්ස් ද ප්‍රාථමික කියල උත්තරය උනෙ සෙක්ස් කියන එක. ඒක අනිවාරෙයන් ම පදනම් සහිත උනත් චින්තට තියන උත්තරය වෙන්නෙත් සෙක්ස්මයි. ඒ කියන්නෙ සෙක්ස් ගැටලු ව ෆ්‍රොයිඩ්ට අනුව අපේ මර්දනය කරපු ආසාව නිසා ඇති වෙන දෙයක්. අපිට අම්මගෙ ඇකයේ ළදරුවෙක් විදිහට ලබා ගත්ත සම්පූර්ණ තෘප්තිය එක මොහොතක අවසන් වෙලා වැඩිහිටි මනුස්සයෙක් ශිෂ්ටාචාර ගත වෙද්දි ඌ අම්මගෙන් කිරී බීම, මල ඇඟෙ පහ කර ගැනීම, නිරුවතින් ඉන්න එක වගේ සම්පූර්ණ තිරස්චීන, ජීව විද්‍යාත්මක ආශාවන් පාලනය කරගන්න වෙනවා. ඇඳුම් ඇඳල ශිෂ්ට විදිහට සමාජයට එන්න වෙනවා. මේ සීමා කීරීම නිසා සෙක්ස් කියල එකක් බිහිවෙනවා. ඒ  ඇතුළෙන් සෙක්ස් කියල මේ සීමා කරපු ආශාව අපි හොයාගෙන යනවා. විවාහය, බලය, ආධිපත්‍ය කියන්නෙ මේ සොයෑ යෑමට කියන ශිෂ්ට නම්. මේ කතාවෙදි මායි චින්තයි එකයි. හැබැයි චින්ත හිතන්නෙ සෙක්ස් කියන දේ නිදහස් වීම තුළින් ර⁣ටක තියන ප්‍රශ්න විසඳන්...

මහන්සි වෙනව ද හාන්සි වෙනව ද?

නිළියො ගොඩක්  වෙලාවට ඉන්ටවීව්ස්වලට ඇවිල්ල කියන දේවල් ගත්තම තේරෙන්නෙ හරිම ඒක රේඛීය දෙයක්. බොහෝවිට⁣ ⁣මේ සූකිරි පන්නයේ නිළියෝ කියන්නෙ තමන්ගෙ ජීවිතේ වින්ද ගැහැට මහන්සිය හා ඒ මහන්සිය නිසා තමන් අද ඉන්න තැනට ආව කියන එක. හැබැයි මහන්සියට නොදැවෙනි විදිහට හාන්සිය දාන්න වෙනවා කියන එක ඔවුන් හංගන්නවා. ඒක වහල තමන් හරිම හොඳ කෙනෙක් විදිහට පෙනී ඉන්න එක තමයි එයාලගෙ උත්සහය. හැබැයි ඒකට එයාලට දොස් කියල වැඩක් නෑ. කවුරුත් ඉල්ලන් ටින් කිරි ගාගන්න කැමති නෑනෙ. හැබැයි ළහිරු එක්ක 'හරි' ටීවී එකේ කරන මේ ඉන්ටවීව් එකේ දී නිළියකට වැඩි දෙයක් යුරේනී Yureni Noshika තුළින් පේනව. තම්බ්නේල්වලින් කියන වාක්‍යවලට වඩා දෙයක් වීඩියෝ එකේ කියනවා. යුරේනි කියනවා හොඳ චිත්‍රපටියක, එහෙම නැත්නම් ටෙලියක ඉන්න ඕනි නම් මහන්සිය විතරක් මදි හාන්සියක් දාන්න ක්ෂේත්‍රය හැඩ ගැහිල තියෙන විදිහ ගැන. මේක ලංකාවේ කලාව ඇතුළෙ උඩු දුවල තියන විදිහ කියනවා. හොඳම කතාව තමයි ඉන්දියාව වගේ ඉන්ඩස්ට්‍රියක් ඇතුළෙ සම්පූර්ණයෙන් ම නිදාගන්නෙ නැතුව චරිතයක් ගන්න බැරි තැනට ම ඇවිත් ඉවරයි කියන එක. ඒ නිසා තමයි එයා කියන්නෙ ක්⁣ෂේත්‍රයෙ ඉද්දි නිදාගන්නව නම් එක හරි එකෙක් හොඳ...

ලක්මාලි සමාවෙන්න!

ලංකාවෙ වගේ රටක කාන්තාවකට හෝ වේවා වෙන කෙනෙක්ට පෞද්ගලිකව අපහාස කිරීම වාසියක්. ඒ කියන්නෙ කාටහරි රිදෙන්න ආත්ම ගරුත්වයට පදනම් විරහිතව හානි කරන එක ලංකාව වගේ රටක වීරයෙක් වෙන්න සාධකයක්. ප් ‍ රසාද් සිරිවර්ධන ලක්මාලිට කළා කියන ප් ‍ රකාශ ඇතුළෙත් විපක්ෂ අදහස් එක්ක කාන්තාවක් අපහාසයට පත් කිරිමේ වාසිය තිබුණෙ ප් ‍ රසාද්ට. ඒ කියන්නෙ කතිකාවෙ, සෝශල් මීඩියා ඇතුළෙ මේ කරපු අපහාසය කතිකාමය විදිහට ජය ගත්ත ස්වභාවයක් තිබ්බේ. අනික් අයත් නිකං ලක්මාලිව කෝචෝක් කරල ආතල් එකක් ගන්න ඕනි වගේ අදහසක් තිබ්බේ. ඒ දේශපාලන වාසිය තමන් සතුවෙලා තියෙද්දිත් අඩියක් පස්සට අරගෙන මේ කරන සමාව ගැනීම ගැනීම ශිෂ්ට තෝරා ගැනීමක්. ( මේවා දේශපාලන ගේම් එකක කොටස් කියන එක වෙන්න පුලුවන්. ඒක ⁣පිළිබඳ නොදැනුමක් මට නෑ. මේ වගේ කුඩා සදාචාරත්මක කරුණුවලින් මහා සාධක වහන්න පුලුවන් කියල මේකෙන් කියවෙන්නෙත් නෑ. හැබැයි මේක මඟහැර යා නොහැකි.) ඉසුරු උදාකර යකන්දාවල

වෙල් දෙණියෙන් ක්‍රිකට් පිටියට

ජනාධිපතිතුමා යාපනය ගිහිල්ල කියනවා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා ම නියෝජනය වෙන්න ඕනි කියල. Mahinda Pathirana වගේ සමහර අය මේක ජාතිවාදී අර්ථයකින් පෙන්නන් හැදුව⁣ට ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත්ත ම මේක සෑහෙන්න ඇත්ත කතාවක්. මෙතන දී මේක කියන්නෙ යාපනයට අදාළව. ලංකාව වගේ රටක ක්‍රීඩාවක ඉහළට ම යන්න දක්ෂාතාව විතරයි තිබුණ ම ඇති කියල ගොඩක් අය හිතනවා. ඒ උනාට ඇත්ත ඒක නෙවෙයි. ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් බිහි වෙන්නෙ හා ඔහුව ජාත්‍යන්තරයට යන මට්ටමට නිර්මාණය වෙන්න ප්‍රධාන වශයෙන් දේවල් දෙකක් ඕනි. පළවෙනි දේ තමයි, ක්‍රිඩාවක් කරන්න, ප්‍රගුණ කරන්න අයත් වෙන යටිතල පහසුකම් ටික. ඒ කියන්නෙ උපකරණ, ක්‍රීඩාපිටි වගේ භෞතික පහසුකම් තියෙන්නෙ ඕනි. දෙවෙනි එක තමයි ජාතික මට්ටම දක්වා දක්ෂාතාව ප්‍රගුණ කරගෙන උඩට එන්න පුලුවන් යාන්ත්‍රණයක් තියෙන්නෙ ඕනි. ඒ කියන්නෙ වෙල් දෙණියක ක්‍රිකට් ගහන කොලු ගැටයෙක්ට ගමේ ඉස්කෝලෙට ගිහින් සෙල්ලන් කරල, එතනින් ඉහළ ප්‍රදේශීය,පළාත් හෝ ක්ලබ් මට්ටමේ ක්‍රිඩා කරල ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුලුවන් විදිහෙ යාන්ත්‍රණයක් ගොඬනැගිල තියෙන්න ඕනි. ඇත්තටම ගත්ත ම, මේ කරුණු දෙක ක්‍රිකට් ක්‍රිඩාව ගැන ව...