චින්තා හම්බුණා. අපිට හම්බුණ වෙලාව ඇතුළෙ තරම ක දිග සංවාදයක් කරන්න හම්බුණා. ඒකෙදි මට සටහන් වුණ දේ තමයි චින්තා ලෝකය දකින විදිහයි මං ලෝකය රීඩ් කරගන්න විදිහෙයි වෙනස. චින්තගෙ කියවීම වැටිල තියෙන්නෙ සෙක්ස් මූලික කරගෙන. මං ඇහුවම දේශපාලනය ද සෙක්ස් ද ප්‍රාථමික කියල උත්තරය උනෙ සෙක්ස් කියන එක. ඒක අනිවාරෙයන් ම පදනම් සහිත උනත් චින්තට තියන උත්තරය වෙන්නෙත් සෙක්ස්මයි. ඒ කියන්නෙ සෙක්ස් ගැටලු ව ෆ්‍රොයිඩ්ට අනුව අපේ මර්දනය කරපු ආසාව නිසා ඇති වෙන දෙයක්. අපිට අම්මගෙ ඇකයේ ළදරුවෙක් විදිහට ලබා ගත්ත සම්පූර්ණ තෘප්තිය එක මොහොතක අවසන් වෙලා වැඩිහිටි මනුස්සයෙක් ශිෂ්ටාචාර ගත වෙද්දි ඌ අම්මගෙන් කිරී බීම, මල ඇඟෙ පහ කර ගැනීම, නිරුවතින් ඉන්න එක වගේ සම්පූර්ණ තිරස්චීන, ජීව විද්‍යාත්මක ආශාවන් පාලනය කරගන්න වෙනවා. ඇඳුම් ඇඳල ශිෂ්ට විදිහට සමාජයට එන්න වෙනවා. මේ සීමා කීරීම නිසා සෙක්ස් කියල එකක් බිහිවෙනවා. ඒ ඇතුළෙන් සෙක්ස් කියල මේ සීමා කරපු ආශාව අපි හොයාගෙන යනවා. විවාහය, බලය, ආධිපත්‍ය කියන්නෙ මේ සොයෑ යෑමට කියන ශිෂ්ට නම්. මේ කතාවෙදි මායි චින්තයි එකයි. හැබැයි චින්ත හිතන්නෙ සෙක්ස් කියන දේ නිදහස් වීම තුළින් රටක තියන ප්‍රශ්න විසඳන්...