ලංකාවෙ වගේ රටක කාන්තාවකට හෝ වේවා වෙන කෙනෙක්ට පෞද්ගලිකව අපහාස කිරීම වාසියක්. ඒ කියන්නෙ කාටහරි රිදෙන්න ආත්ම ගරුත්වයට පදනම් විරහිතව හානි කරන එක ලංකාව වගේ රටක වීරයෙක් වෙන්න සාධකයක්. ප්රසාද් සිරිවර්ධන ලක්මාලිට කළා කියන ප්රකාශ ඇතුළෙත් විපක්ෂ අදහස් එක්ක කාන්තාවක් අපහාසයට පත් කිරිමේ වාසිය තිබුණෙ ප්රසාද්ට. ඒ කියන්නෙ කතිකාවෙ, සෝශල් මීඩියා ඇතුළෙ මේ කරපු අපහාසය කතිකාමය විදිහට ජය ගත්ත ස්වභාවයක් තිබ්බේ. අනික් අයත් නිකං ලක්මාලිව කෝචෝක් කරල ආතල් එකක් ගන්න ඕනි වගේ අදහසක් තිබ්බේ. ඒ දේශපාලන වාසිය තමන් සතුවෙලා තියෙද්දිත් අඩියක් පස්සට අරගෙන මේ කරන සමාව ගැනීම ගැනීම ශිෂ්ට තෝරා ගැනීමක්.
( මේවා දේශපාලන ගේම් එකක කොටස් කියන එක වෙන්න පුලුවන්. ඒක පිළිබඳ නොදැනුමක් මට නෑ. මේ වගේ කුඩා සදාචාරත්මක කරුණුවලින් මහා සාධක වහන්න පුලුවන් කියල මේකෙන් කියවෙන්නෙත් නෑ. හැබැයි මේක මඟහැර යා නොහැකි.)
Comments
Post a Comment