නිළියො ගොඩක් වෙලාවට ඉන්ටවීව්ස්වලට ඇවිල්ල කියන දේවල් ගත්තම තේරෙන්නෙ හරිම ඒක රේඛීය දෙයක්. බොහෝවිට මේ සූකිරි පන්නයේ නිළියෝ කියන්නෙ තමන්ගෙ ජීවිතේ වින්ද ගැහැට මහන්සිය හා ඒ මහන්සිය නිසා තමන් අද ඉන්න තැනට ආව කියන එක. හැබැයි මහන්සියට නොදැවෙනි විදිහට හාන්සිය දාන්න වෙනවා කියන එක ඔවුන් හංගන්නවා. ඒක වහල තමන් හරිම හොඳ කෙනෙක් විදිහට පෙනී ඉන්න එක තමයි එයාලගෙ උත්සහය. හැබැයි ඒකට එයාලට දොස් කියල වැඩක් නෑ. කවුරුත් ඉල්ලන් ටින් කිරි ගාගන්න කැමති නෑනෙ.
හැබැයි ළහිරු එක්ක 'හරි' ටීවී එකේ කරන මේ ඉන්ටවීව් එකේ දී නිළියකට වැඩි දෙයක් යුරේනී Yureni Noshika තුළින් පේනව. තම්බ්නේල්වලින් කියන වාක්‍යවලට වඩා දෙයක් වීඩියෝ එකේ කියනවා. යුරේනි කියනවා හොඳ චිත්‍රපටියක, එහෙම නැත්නම් ටෙලියක ඉන්න ඕනි නම් මහන්සිය විතරක් මදි හාන්සියක් දාන්න ක්ෂේත්‍රය හැඩ ගැහිල තියෙන විදිහ ගැන. මේක ලංකාවේ කලාව ඇතුළෙ උඩු දුවල තියන විදිහ කියනවා. හොඳම කතාව තමයි ඉන්දියාව වගේ ඉන්ඩස්ට්‍රියක් ඇතුළෙ සම්පූර්ණයෙන් ම නිදාගන්නෙ නැතුව චරිතයක් ගන්න බැරි තැනට ම ඇවිත් ඉවරයි කියන එක. ඒ නිසා තමයි එයා කියන්නෙ ක්ෂේත්‍රයෙ ඉද්දි නිදාගන්නව නම් එක හරි එකෙක් හොඳ වැඩක් දුන්නොත් ඌ එක්ක නිදාගන්න එක ලේසී කියල. ඒ නැතුව ක්ෂේත්‍රයේ ගමනක් නෑ.
ඉසුරු උදාකර යකන්දාවල

Comments
Post a Comment