චින්තා හම්බුණා. අපිට හම්බුණ වෙලාව ඇතුළෙ තරම ක දිග සංවාදයක් කරන්න හම්බුණා. ඒකෙදි මට සටහන් වුණ දේ තමයි චින්තා ලෝකය දකින විදිහයි මං ලෝකය රීඩ් කරගන්න විදිහෙයි වෙනස. චින්තගෙ කියවීම වැටිල තියෙන්නෙ සෙක්ස් මූලික කරගෙන. මං ඇහුවම දේශපාලනය ද සෙක්ස් ද ප්‍රාථමික කියල උත්තරය උනෙ සෙක්ස් කියන එක. ඒක අනිවාරෙයන් ම පදනම් සහිත උනත් චින්තට තියන උත්තරය වෙන්නෙත් සෙක්ස්මයි. ඒ කියන්නෙ සෙක්ස් ගැටලු ව ෆ්‍රොයිඩ්ට අනුව අපේ මර්දනය කරපු ආසාව නිසා ඇති වෙන දෙයක්. අපිට අම්මගෙ ඇකයේ ළදරුවෙක් විදිහට ලබා ගත්ත සම්පූර්ණ තෘප්තිය එක මොහොතක අවසන් වෙලා වැඩිහිටි මනුස්සයෙක් ශිෂ්ටාචාර ගත වෙද්දි ඌ අම්මගෙන් කිරී බීම, මල ඇඟෙ පහ කර ගැනීම, නිරුවතින් ඉන්න එක වගේ සම්පූර්ණ තිරස්චීන, ජීව විද්‍යාත්මක ආශාවන් පාලනය කරගන්න වෙනවා. ඇඳුම් ඇඳල ශිෂ්ට විදිහට සමාජයට එන්න වෙනවා. මේ සීමා කීරීම නිසා සෙක්ස් කියල එකක් බිහිවෙනවා. ඒ ඇතුළෙන් සෙක්ස් කියල මේ සීමා කරපු ආශාව අපි හොයාගෙන යනවා. විවාහය, බලය, ආධිපත්‍ය කියන්නෙ මේ සොයෑ යෑමට කියන ශිෂ්ට නම්. මේ කතාවෙදි මායි චින්තයි එකයි. හැබැයි චින්ත හිතන්නෙ සෙක්ස් කියන දේ නිදහස් වීම තුළින් රටක තියන ප්‍රශ්න විසඳන්න පුලුවන් වගේ අදහසක්. ඒ කියන්නෙ සෙක්ස් නිසා ඇති වුණ ගැටලුවලට පිළිතුරු සෙක්ස්වලින් ම ලබා දිය යුතුයි කියන තැනයි චින්ත ඉන්නෙ. එතන දී මගේ අදහස වෙනස් වෙන්නෙ සේරම සෙක්ස් ප්‍රශ්නයක් උනත් ඒකට උත්තර හොයද්දි ඒක දේශපාලනිකයි කියන එකෙන්. සෙක්ස් කොතරම් ප්‍රාථමික උනත් ඒ සෙක්ස් මත ගොඩ නැඟුනු සියල්ල වෙනස් කිරීමට හැකියාව පවතින්නෙ දේශපාලනයට. චින්තා දිවි දෙවෙනි කරල පෙනී ඉන්න ලිංගික නිදහස වගේ කාරණා උනත් අත්පත් කරගන්න පුලුවන් දේශපාලනයෙන්. හැබැයි චින්තා හිතන්නෙ සෙක්ස්වලට නිදහස ලබා දීම තුළින් යථාර්ථයේ ගැටලු ගොඩකට නිකං ම පිළිතුරු හම්බෙනවා කියන එක. හැබැයි මං හිතන්නෙ සෙක්ස්වල නිදහස සොයා යෑම දේශපාලනිකයි වගේ ම දේශපාලනික සටනකින් තොර ව ඒ නිදහස ගන්නත් බෑ. ඒ නිදහස ගත්තත් ඒ සියලු ප්‍රශ්න එතනනින් අවසන් වෙන්නෙත් නෑ. ප්‍රශ්නය ආශාව සීමා කිරීම නිසා ඇති උනාට ඒක ඇතුළෙන් ඇති වුණු බලය හා දේශපාලනය පිළිතුරු සෙවීමෙදී ප්‍රබලයි කියන එකයි මේ සියල්ලෙ ම අවසාන අදහස. සරල ව, නිදි යහනේ ඇරියස් ආත්මය සොලවන්න පුලුවන් උනාට, සාමුහික යථාර්ථයේ අංගෝපාංග හොල්ලන්න පුලුවන් දේශපාලනයට පමණයි.
ඉසුරු උදාකර යකන්දාවල

Comments
Post a Comment