Skip to main content

නුරාව ද දේශපාලනය ද?



චින්තා හම්බුණා. අපිට හම්බුණ වෙලාව ඇතුළෙ තරම ක දිග සංවාදයක් කරන්න හම්බුණා. ඒකෙදි මට සටහන් වුණ දේ තමයි චින්තා ලෝකය දකින විදිහයි මං ලෝකය රීඩ් කරගන්න විදිහෙයි වෙනස. චින්තගෙ කියවීම වැටිල තියෙන්නෙ සෙක්ස් මූලික කරගෙන. මං ඇහුවම දේශපාලනය ද සෙක්ස් ද ප්‍රාථමික කියල උත්තරය උනෙ සෙක්ස් කියන එක. ඒක අනිවාරෙයන් ම පදනම් සහිත උනත් චින්තට තියන උත්තරය වෙන්නෙත් සෙක්ස්මයි. ඒ කියන්නෙ සෙක්ස් ගැටලු ව ෆ්‍රොයිඩ්ට අනුව අපේ මර්දනය කරපු ආසාව නිසා ඇති වෙන දෙයක්. අපිට අම්මගෙ ඇකයේ ළදරුවෙක් විදිහට ලබා ගත්ත සම්පූර්ණ තෘප්තිය එක මොහොතක අවසන් වෙලා වැඩිහිටි මනුස්සයෙක් ශිෂ්ටාචාර ගත වෙද්දි ඌ අම්මගෙන් කිරී බීම, මල ඇඟෙ පහ කර ගැනීම, නිරුවතින් ඉන්න එක වගේ සම්පූර්ණ තිරස්චීන, ජීව විද්‍යාත්මක ආශාවන් පාලනය කරගන්න වෙනවා. ඇඳුම් ඇඳල ශිෂ්ට විදිහට සමාජයට එන්න වෙනවා. මේ සීමා කීරීම නිසා සෙක්ස් කියල එකක් බිහිවෙනවා. ඒ  ඇතුළෙන් සෙක්ස් කියල මේ සීමා කරපු ආශාව අපි හොයාගෙන යනවා. විවාහය, බලය, ආධිපත්‍ය කියන්නෙ මේ සොයෑ යෑමට කියන ශිෂ්ට නම්. මේ කතාවෙදි මායි චින්තයි එකයි. හැබැයි චින්ත හිතන්නෙ සෙක්ස් කියන දේ නිදහස් වීම තුළින් ර⁣ටක තියන ප්‍රශ්න විසඳන්න පුලුවන් වගේ අදහසක්. ඒ කියන්නෙ සෙක්ස් නිසා ඇති වුණ ගැටලුවලට පිළිතුරු සෙක්ස්වලින් ම ලබා දිය යුතුයි කියන තැනයි චින්ත ඉන්නෙ. එතන දී මගේ අදහස වෙනස් වෙන්නෙ සේරම සෙක්ස් ප්‍රශ්නයක් උනත් ඒකට උත්තර හොයද්දි ඒක දේශපාලනිකයි කියන එකෙන්. සෙක්ස් කොතරම් ප්‍රාථමික උනත් ඒ සෙක්ස් මත ගොඩ නැඟුනු සියල්ල වෙනස් කිරීමට හැකියාව පවතින්නෙ දේශපාලනයට. චින්තා දිවි දෙවෙනි කරල පෙනී ඉන්න ලිංගික නිදහස වගේ කාරණා උනත් අත්පත් කරගන්න පුලුවන් දේශපාලනයෙන්. හැබැයි චින්තා හිතන්නෙ සෙක්ස්වලට නිදහස ලබා දීම තුළින් යථාර්ථයේ ගැටලු ගොඩකට නිකං ම පිළිතුරු හම්බෙනවා කියන එක. හැබැයි මං හිතන්නෙ සෙක්ස්වල නිදහස සොයා යෑම දේශපාලනිකයි වගේ ම දේශපාලනික සටනකින් තොර ව ඒ නිදහස ගන්නත් බෑ. ඒ නිදහස ගත්තත් ඒ සියලු ප්‍රශ්න එතනනින් අවසන් වෙන්නෙත් නෑ. ප්‍රශ්නය ආශාව සීමා කිරීම නිසා ඇති උනාට ඒක ඇතුළෙන් ඇති වුණු බලය හා දේශපාලනය පිළිතුරු සෙවීමෙදී ප්‍රබලයි කියන එකයි මේ සියල්ලෙ ම අවසාන අදහස. ⁣සරල ව, නිදි යහනේ ඇරියස් ආත්මය සොලවන්න පුලුවන් උනාට, සාමුහික යථාර්ථයේ අංගෝපාංග හොල්ලන්න පුලුවන් දේශපාලනයට පමණයි. 

ඉසුරු උදාකර යකන්දාවල

Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි. දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි...

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි.... මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි. ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස...