ජනාධිපතිතුමා යාපනය ගිහිල්ල කියනවා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා ම නියෝජනය වෙන්න ඕනි කියල. Mahinda Pathirana වගේ සමහර අය මේක ජාතිවාදී අර්ථයකින් පෙන්නන් හැදුවට ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත්ත ම මේක සෑහෙන්න ඇත්ත කතාවක්. මෙතන දී මේක කියන්නෙ යාපනයට අදාළව. ලංකාව වගේ රටක ක්‍රීඩාවක ඉහළට ම යන්න දක්ෂාතාව විතරයි තිබුණ ම ඇති කියල ගොඩක් අය හිතනවා. ඒ උනාට ඇත්ත ඒක නෙවෙයි. ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් බිහි වෙන්නෙ හා ඔහුව ජාත්‍යන්තරයට යන මට්ටමට නිර්මාණය වෙන්න ප්‍රධාන වශයෙන් දේවල් දෙකක් ඕනි. පළවෙනි දේ තමයි, ක්‍රිඩාවක් කරන්න, ප්‍රගුණ කරන්න අයත් වෙන යටිතල පහසුකම් ටික. ඒ කියන්නෙ උපකරණ, ක්‍රීඩාපිටි වගේ භෞතික පහසුකම් තියෙන්නෙ ඕනි. දෙවෙනි එක තමයි ජාතික මට්ටම දක්වා දක්ෂාතාව ප්‍රගුණ කරගෙන උඩට එන්න පුලුවන් යාන්ත්‍රණයක් තියෙන්නෙ ඕනි. ඒ කියන්නෙ වෙල් දෙණියක ක්‍රිකට් ගහන කොලු ගැටයෙක්ට ගමේ ඉස්කෝලෙට ගිහින් සෙල්ලන් කරල, එතනින් ඉහළ ප්‍රදේශීය,පළාත් හෝ ක්ලබ් මට්ටමේ ක්‍රිඩා කරල ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුලුවන් විදිහෙ යාන්ත්‍රණයක් ගොඬනැගිල තියෙන්න ඕනි. ඇත්තටම ගත්ත ම, මේ කරුණු දෙක ක්‍රිකට් ක්‍රිඩාව ගැන විතරක් සළකලා බැලුවක් යාපනය නෙවෙයි අනුරාධපුරය, මොණරාගල වගේ පැතිවලටවත් නිර්මාණය වෙලා නෑ. ඒකෙන් අනික් ක්‍රිඩාවල තරම හිතාගන්න පුලුවන්.
ජාතික කණ්ඩායම් නියෝජනය කරපු බහුතරයක් ගත්ත ම, අගනුවර හෝ වෙනත් ප්‍රධාන නගරයක් නියෝජනය කරන පාසලකින් ආපු අය. අපි ග්‍රාමීය පාසල් ගොඩක් හදල තියෙනවා, මාර පුළුල් අධ්‍යාපනයක් තියෙනව කිව්වට ඒ පාසල්වලින් ක්‍රීඩකයෝ ජාතික මට්ටමට එන්නෙ හරි ම අඩුවෙන්. එක්කො එහෙම එන්න පහසුකම් නෑ. නැත්නම් එහෙම උඩට එන්න යාන්ත්‍රණයක් නෑ. අවුරුදු තිහක යුද්ධයක් තිබුණ, යටිතල පහසුකම් නිර්මාණය වීමක් නොතිබ්බ සහ රජයේ කිසිදු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවුණ උතුර නැගෙනහිර වගේ ප්‍රදේශවලින් එකම ක්‍රිඩකයෙක්වත් පසුගිය කාලයේ බිහි වුණා ද කියන එක සැක සහිතයි.
ඉසුරු උදාකර යකන්දාවල


Comments
Post a Comment