Skip to main content

වෙල් දෙණියෙන් ක්‍රිකට් පිටියට

ජනාධිපතිතුමා යාපනය ගිහිල්ල කියනවා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා ම නියෝජනය වෙන්න ඕනි කියල. Mahinda Pathirana වගේ සමහර අය මේක ජාතිවාදී අර්ථයකින් පෙන්නන් හැදුව⁣ට ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත්ත ම මේක සෑහෙන්න ඇත්ත කතාවක්. මෙතන දී මේක කියන්නෙ යාපනයට අදාළව. ලංකාව වගේ රටක ක්‍රීඩාවක ඉහළට ම යන්න දක්ෂාතාව විතරයි තිබුණ ම ඇති කියල ගොඩක් අය හිතනවා. ඒ උනාට ඇත්ත ඒක නෙවෙයි. ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් බිහි වෙන්නෙ හා ඔහුව ජාත්‍යන්තරයට යන මට්ටමට නිර්මාණය වෙන්න ප්‍රධාන වශයෙන් දේවල් දෙකක් ඕනි. පළවෙනි දේ තමයි, ක්‍රිඩාවක් කරන්න, ප්‍රගුණ කරන්න අයත් වෙන යටිතල පහසුකම් ටික. ඒ කියන්නෙ උපකරණ, ක්‍රීඩාපිටි වගේ භෞතික පහසුකම් තියෙන්නෙ ඕනි. දෙවෙනි එක තමයි ජාතික මට්ටම දක්වා දක්ෂාතාව ප්‍රගුණ කරගෙන උඩට එන්න පුලුවන් යාන්ත්‍රණයක් තියෙන්නෙ ඕනි. ඒ කියන්නෙ වෙල් දෙණියක ක්‍රිකට් ගහන කොලු ගැටයෙක්ට ගමේ ඉස්කෝලෙට ගිහින් සෙල්ලන් කරල, එතනින් ඉහළ ප්‍රදේශීය,පළාත් හෝ ක්ලබ් මට්ටමේ ක්‍රිඩා කරල ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුලුවන් විදිහෙ යාන්ත්‍රණයක් ගොඬනැගිල තියෙන්න ඕනි. ඇත්තටම ගත්ත ම, මේ කරුණු දෙක ක්‍රිකට් ක්‍රිඩාව ගැන විතරක් සළකලා බැලුවක් යාපනය නෙවෙයි අනුරාධපුරය, මොණරාගල වගේ පැතිවලටවත් නිර්මාණය වෙලා නෑ. ඒකෙන් අනික් ක්‍රිඩාවල තරම හිතාගන්න පුලුවන්.


ජාතික කණ්ඩායම් නියෝජනය කරපු බහුතරයක් ගත්ත ම, අගනුවර හෝ වෙනත් ප්‍රධාන නගරයක් නියෝජනය කරන පාසලකින් ආපු අය. අපි ග්‍රාමීය පාසල් ගොඩක් හදල තියෙනවා, මාර පුළුල් අධ්‍යාපනයක් තියෙනව කිව්වට ඒ පාසල්වලින් ක්‍රීඩකයෝ ජාතික මට්ටමට එන්නෙ හරි ම අඩුවෙන්.  එක්කො එහෙම එන්න පහසුකම් නෑ. නැත්නම් එහෙම උඩට එන්න යාන්ත්‍රණයක් නෑ. අවුරුදු තිහක යුද්ධයක් තිබුණ, යටිතල පහසුකම් නිර්මාණය වීමක් නොතිබ්බ සහ රජයේ කිසිදු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවුණ උතුර නැගෙනහිර වගේ ප්‍රදේශවලින් එකම ක්‍රිඩකයෙක්වත් පසුගිය කාලයේ බිහි වුණා ද කියන එක සැක සහිතයි.


අන්තිම කාරණය, දෙමළ අය ක්‍රිඩාවේ හිටියෙ නැත්නම් මුත්තයියා මුරලිදරන් වගේ ලෝක පූජිත ක්‍රිඩකයෝ බිහි වුණේ කොහොම ද කියල කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුලුවන්. ඒකට උත්තරය තමයි මුරලි කියන්නෙ නුවර ඉපදුන කෙනෙක්. ගියේ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයට. ඒ වගේ ම, මුරලි කියන්නෙ ආර්ථික ස්ථාවරත්වයක් සහිත වරප්‍රසාසාද සහිත දෙමළ පවුලක කෙනෙක්. අන්න ඒ පරිසරය හා පසුබිම හින්දයි මුරලිට ජාතික මට්ටමට ක්‍රිකට් ක්‍රීඩාව මේ තරම්වත් ජනප්‍රිය නැති මොහොතක එන්න පුලුවන්කම හම්බෙන්නෙ. ඒ නිසා, ඇත්තටම ගත්ත ම, හැමෝට ම සාධාරණව යාපනය විතරක් නෙවෙයි මොණරාගල සියඹලාණ්ඩුවේ දරුවෙක් උනත් ජාතික කණ්ඩායමක් නියෝජනය කරන්න ඕනි නම් අර කලින් කිව්ව කාරණා දෙක නිර්මාණ වෙන්න ඕනි. ඉතිං, එතකන් ජනාධිපතිතුමා කියනවා වගේ සමාන සාධාරණ නියෝජනයක් ක්‍රීඩාව ඇතුළෙ වෙන්න විදිහක් නෑ.

ඉසුරු උදාකර යකන්දාවල

Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි. දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි...

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි.... මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි. ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස...