මුලින් ම, මේක ගමේ නෑ පිරිවර පිරිවරා ගත්තා නිකං නිකං මළගෙයක් නෙවෙයි. රාජ්‍ය අනුග්‍රහය සහිත අවමංගල්‍ය උත්සවයක්. ඉතිං මේකේ හූමිටි දහයයි. වැලපිලි පහළොවයි. අඳෝනා විසි දෙකයි තියල විතරක් හරියන්නෙ නෑ. ඒක තේරුන් නොගෙන තමන්ගෙ ගමේ මළගෙයක් වගේ මාලනියන් යනව බලන් ඉන්න ඉඳපු අය ඇත්තට ම පව්. පුහු ගුණකතනවලට වඩා මාලනීයගෙ සිනමා ප්‍රතිහාර්ය ගැන ඇත්තට ම කියන්න උත්සහ කරන්නෙ සෞම්‍ය කරන මේ කතාව. අනික් සෙට් එක තමයි භාෂාව දන්නෙ නෑ. මේකෙ සබ්ට්යිට්ල් නැද්ද කියල දඟලන හීනමාන ළමා මානසිකත්වයෙන් පෙළෙන සෙට් එක. සෞම්‍ය පටන් ගන්නෙම, තමන්ට එන්න කියල තියෙන්නෙ මාලනියගේ සිනමා භූමිකාව ගැන වීමංසනය කරන්න කියන එක. ඉතිං ඒක හරි සංයමයක් තියෙන මනුස්සයෙක් එක දිගට අවධානයෙන් අහගෙන ඉන්න විනයක් තියෙනම් එහි සාමුහික අර්ථය තේරෙනවා. ඒක සාමාන්‍ය ඕලෙවෙල් ලියපු පොඩි එකෙක්ට සාරාංශ කරන්න හම්බෙනවා වගේ ඡේදයක් විතරයි. ඒකට හම්මෝ මාර වචනනෙන කියල දඟලනව නම් මගේ යෝජනාව පොඩ්ඩක් නිකං ඉන්න ගමන් පොතක් කියවන්න ට්‍රයි කරන්න. ඒ වගේ ම, ටිකක් සීරියස් දෙයක් ඔලුව නිරවුල් ව අහගෙන ඉන්න මානසික සංයමය හදාගන්න. අවසාන ම දේ තමයි භාෂාවක් කියන්නෙ දන්න වචන ම නෙවෙයි. දරුවෙක් භ...