Skip to main content

සංවේදි ප්‍රශ්න වවාගෙන කෑම නිසා පමා වන දැරියගේ යුක්තිය!

හැමෝම ළමා හිංසවය,බාල අපයෝජන ගැන ගිනි ඇවිලුනා වගේ දෙස් දොවොල් තියනවා. ඒත් මේ හැමදෙයකින් ම වෙන්නෙ අර අසරණ දැරියට වුණ හානියට යුක්තිය ඉටු කරන එක නෙවෙයි. ඊයේ දවසෙ ඉදන් බොරු ගොඩක් එක්ක මේ ප්‍රවෘතිය අවභාවිතා වෙනවා. සරෝජිනි පොල්රාජ් ඇමතිතුමිය මේ ප්‍රශ්නය පාර්ලිමෙන්තුවෙදි නොසළකා හැරීම ගැන සෑහෙන්න විවේචන ගණනාවක් ඒ අතර එල්ල වෙලා තිබුණා. ඇමතිවරිය මේ සිද්ධිය සම්බන්ධ ප්‍රකාශය කරන්නෙ දෙමළෙන්. ඒක දෙමළ වීම නිසා ම සිංහල සමාජය විසින් මේ තොරතුර සපුරා විකෘති කරල තියනවා. ඇමතිවරිය ගැටලු ව මඟ ඇරියා, දැරිය වැරදිකාරය කරන්න හැදුව වගේ වැරදි තොරතුර ගණනාවක් සංසරණය උනා (ඇමතිවරියගෙ ප්‍රකාශය මේකත් එක්ක අමුණනවා. මේ සම්පූර්ණ පාර්ලිමෙන්තු සංවාදයත් ඕනි කෙනෙක්ට බලන්න පුලුවන් ඕනිනම්). සංවාදය මේ අසත්‍ය පුවත් එක්ක බැඳිල විවෙචනය කළා මිසක් කිසිඳු ප්‍රගතිශීලී මැදිහත් වීමක් ගැන සංවාදයක් නෑ. ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයෙක් දැරියට අපහාස කිරීම නිසා ඇය සිය දිවි හානි කර ගත්තා කියන චෝදනා ව සමාජ මාධ්‍යයේ ඇති තරම් කතා කළත් ඇමතිවරියට අනුව මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් කරල නෑ. මේ නිසයි ඉක්මනට මේ ගැටලුව අධිකරණය අරගෙන යා යුත්තේ.

ඒත් ඇත්තට ම, සමාජ මාධ්‍ය ඇතුලෙ මේ ගැටලුව එක්ක සෙල්ලම් කර කර ඉන්නවාට වඩා සිවිල් ක්‍රියාකාරිකයින්, නීතීඥ එකමුතු එකතු වෙලා අධිකරණය ක්‍රියාමාර්ගයක් මේ දැරියගෙ දෙමාපියන් එක්ක එකතු වෙලා ක්‍රියාත්මක කරන්න ඕනි. කියෙවෙන විදිහට දැරිය දිවි නසාගෙන තියෙන්නෙ පසුගිය අප්‍රේල් 29 වෙනිදා. එදින ඉදල මේ වගේ සමාජ අවධානයක් හමිබෙනකනුත් ඇයි දැරියගෙ දෙමාපියන් මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට නොයන්නෙ? දෙමාපියන්ගේ දැනුවත්කමක් නිසා හෝ කාගෙහරි පෙළඹවීමක් නිසා හෝ මේ සම්බන්ධයක්න් පැකිලෙනව නම් ඒ සම්බන්ධයක්න් සිවිල් සමාජය වහා ම කටුයුතු කරන්න ඕනි. ඒ වගේ ම යළි සේවය පිහිටෙව්ව ගුරුවරයා යළි සේවයේ පිහිටවන්න පුලුවන් ඔහු සම්බන්ධයන් තියෙන චෝදනා බරපතළ නැත්නම් විතරයි. ඒත් මේ සමාජ මාධ්‍යයේ කියන විදිහට දරුණු ගණයේ අපරාදයක් අධිකරණය නිදැල්ලෙ යන්න සලස්වල තියෙනව නම් නඩුව යළි කැඳවීම සඳහා අධිකරණයට යා යුතු යි. මේ කිසිවක් නොවී, මේ කිසිවක් පිළිබඳ ව කිසිදු තැකීමක් නොකර සාවද්‍ය තොරතුරක් පස්සෙ පටු වාසි ඔස්සෙ මේ ප්‍රශ්නෙ වවාගෙන කන දෙයක් මේ වෙන්නෙ. මේ නිසා මේ දැරිය වෙනුවෙන් ඉටු වෙන්න තියන යුක්තිය යට යනවා. පටු අරමුණුවලට රටේ සංවේදි ප්‍රශ්න අතිශයින් නින්දිත හා තිරස්චීන විදිහට අවභාවිතා කරනවා.

වහා ම මේ දැරියගෙ ගැටුල ව අධිකරණ ක්‍රියාමාර්ග සඳහ යටත් කරන්න ඕනි වගේ ම දේශපාලන තන්ත්‍රයේ හෝ සමාජ මාධ්‍යවල කෑ ගහන අයගේ සාක්ෂි වෙනුවට සැබෑ සාක්ෂී ඔස්සෙ විභාග කරල මේ දැරියට යුක්තිය ඉටු කළ යුතු යි. සියලු දෙනා මේ කාරණාවට අවධානය යොමු කළ යුතුයි. 

( වැරදි ලෙස අර්ථකථනය කරන ලද දෙමළ බසින් කළ Saroja Paulraj ඇමතිවරියගේ ප්‍රකාශයේ සිංහල උපසිරැසි සමඟ පහතින්)
https://www.facebook.com/share/v/1AeDiSMf8e/


ඉසුරු උදාකර යකන්දාවල



Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි. දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි...

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි.... මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි. ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස...