Skip to main content

සෞම්‍යගේ භාෂාව අවුල් ළඳරුවන්ට

මුලින් ම, මේක ගමේ නෑ පිරිවර පිරිවරා ගත්තා නිකං නිකං මළගෙයක් නෙවෙයි. රාජ්‍ය අනුග්‍රහය සහිත අවමංගල්‍ය උත්සවයක්. ඉතිං මේකේ හූමිටි දහයයි. වැලපිලි පහළොවයි. අඳෝනා විසි දෙකයි තියල විතරක් හරියන්නෙ නෑ. ඒක තේරුන් නොගෙන තමන්ගෙ ගමේ මළගෙයක් වගේ මාලනියන් යනව බලන් ඉන්න ඉඳපු අය ඇත්තට ම පව්. පුහු ගුණකතනවලට වඩා මාලනීයගෙ සිනමා ප්‍රතිහාර්ය ගැන ඇත්තට ම කියන්න උත්සහ කරන්නෙ සෞම්‍ය කරන මේ කතාව.


අනික් සෙට් එක තමයි භාෂාව දන්නෙ නෑ. මේකෙ සබ්ට්යිට්ල් නැද්ද කියල දඟලන හීනමාන ළමා මානසිකත්වයෙන් පෙළෙන සෙට් එක. සෞම්‍ය පටන් ගන්නෙම, තමන්ට එන්න කියල තියෙන්නෙ මාලනියගේ සිනමා භූමිකාව ගැන වීමංසනය කරන්න කියන එක. ඉතිං ඒක හරි සංයමයක් තියෙන මනුස්සයෙක් එක දිගට අවධානයෙන් අහගෙන ඉන්න විනයක් තියෙනම් එහි සාමුහික අර්ථය තේරෙනවා. ඒක සාමාන්‍ය ඕලෙවෙල් ලියපු පොඩි එකෙක්ට සාරාංශ කරන්න හම්බෙනවා වගේ ඡේදයක් විතරයි. ඒකට හම්මෝ මාර වචනනෙන කියල දඟලනව නම් මගේ යෝජනාව පොඩ්ඩක් නිකං ඉන්න ගමන් පොතක් කියවන්න ට්‍රයි කරන්න. ඒ වගේ ම, ටිකක් සීරියස් දෙයක් ඔලුව නිරවුල් ව අහගෙන ඉන්න මානසික සංයමය හදාගන්න.

අවසාන ම දේ තමයි භාෂාවක් කියන්නෙ දන්න වචන ම නෙවෙයි. දරුවෙක් භාෂාව ඉගෙන ගන්නෙ ඊට කලින් එයා වචන දන්න නිසා ම නෙවෙයි. නොදන්න වචන කුතුහලයත් එක්ක මොළේට එකතු කරගෙන ඒ වචන හුරුපුරුදු කරගන්න නිසා. සෞම්‍ය මැජික් වගේ කියන වචනත් ඒ වාග්මය කුතුහලයෙන්, ලව් එකෙන් භාරගත්ත නම් අපි දන්න අනික් අර්ථත් එක්ක ගැටගැහිල ඒ මැජික් වගේ වචනවල අදහස තේරෙන්න ගන්නවා.භාෂාවක් දියුණු වෙන්නෙ, සන්නීවේදනය වෙන්නෙ එහෙමයි.

තමන්ගේ භාෂාමය, චින්තනමය දරිද්‍රතාවයට හා කතාවක් ඉවසීමෙන් සවන් දෙන්න බැරිකමට වැලපෙන්න එපා!  

ඉසුරු උදාකර යකන්දාවල

Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි. දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි...

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි.... මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි. ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස...