ඉන්දියාව එදා ඉඳන් ම චිර ප්‍රසිද්ධ උනේ බොලිවුඩ් චිත්‍රපටිවලට .අද වෙද්දි ඉන්දියාව ඒ චිත්‍රපටි ඇත්ත ලෝකෙ ඇතුළෙ රඟ දක්වන්න පුලුවන් මට්ටමට දියුණු වෙලා ඉන්නවා. පාකිස්ථානය එක්ක කාශ්මීර ගැටලුව පදනම් වුණ මේ දවස්වල දිග හැරෙන සිද්ධි දාමය එක්ක මේක හොඳින් නිරූපනය කරගන්න පුලුවන්. 'සින්දූර් ඔපරේෂන්' කියන පාකිස්තානයේ ඉන්න ත්‍රස්ත්‍ර කණ්ඩායම්වලට එරෙහිව කරන මේ මිෂන් එකට ඒ නම ලැබෙන්නෙ පහුගිය අප්‍රේල් 22 ඉන්දියාවේ පෙහෙල්ගාම් ප්‍රදේශයට එල්ල උන ප්‍රහාරයත් එක්ක. ඒ ප්‍රහාරයෙන් මිය යන්නෙ පිරිමින් ම 32ක්. ඒ මිය ගිය වගේ ම සමස්ත යුධ ඉතිහාසය ඇතුළෙ මිය යන පිරිමින් නිසා තනි වෙන කාන්තාවන් සිහිපත් කරල තමයි මේ සින්දූර් කියන නම හැදෙන්නෙ. "සින්දූර්" කියන්නෙ සාම්ප්‍රදායිකව විවාහක හින්දු කාන්තාවන් තමන්ගේ නළලේ සළකුණු කරන තිලකයක් හා සමාන දෙයක්. මේ විවාහක කාන්තාවගේ සලකුණ මේ මිලිටරි ඔපරේෂන් එකට මෝදි රජයෙන් යෝජනා කරනව වගේ ම මේ ඔපරේෂන් එක සම්බන්ධයෙන් මාධ්‍ය හමුව මෙහෙය වන්නෙ ඉන්දියානු කර්නල් සොෆියා කුරේෂි, වින්ග් කමාන්ඩර් වයෝමිකා කියන ඉන්දියානු කාන්තා නිලධාරීන් දෙදෙනා. ඒ වගෙ ම මේ කතාවන් දෙදනා මුස්ලිම් සහ හින්දු කියන වාර්ගික අනන්‍යතාවයන් නියෝජනය කරනවා. සාමන්‍යයෙන් මේ වගේ රළු යුධ ප්‍රතිචාර සඳහා මාධ්‍ය හමුවකට එන්නෙ ඉහළ නිලතල දරන පිරිමි හමුදා නිළදාරීන්. මේ ක්‍රමයට වඩා වෙනස් වෙලා ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියට ඉන්දියාව ගෙන්නෙ මේ තරුණ නිළධාරීනියන් දෙන්නා.
හැබැයි ඉන්දියාව කියන්නෙ රැකියාවන් කරන කාන්තාවන් ඉතා ම අඩු, කාන්තා හිංසනයෙන් ඉහළ රටක්. ඒ වගෙ ම සමූහ දූෂණවල සිට නොයෙක් විදිහෙ කුප්‍රකට ස්ත්‍රී විරෝධී චාරිත්‍ර ගණනාවක් ඉන්දියාවෙ සිද්ධ වෙනවා. ඒ සියල්ල ම මැද්දෙ ඉන්දියාව කාශ්මීර ගැටලුවට මානුෂීය මුහුණුවරක් දෙන ගමන්, චිත්‍රපටියකට වඩාත් සමාන කතාවක නමක් එක්ක බොලිවුඩ් චිත්‍රපටයක ආශ්වාදය සමාන වෙන විදිහෙ සිද්ධි නිර්මාණය කරමින් ඉන්නවා. ඒවා ශාරුක් ඛන්ගේ, සල්මන් ඛන්ගෙ සිට අපි දකින ඉන්දියානු චිත්‍රපටයක වීරත්වය ගේනවා. චිත්‍රපටිවල පෙන්වන කාන්තාවගේ පති භත්තියේ ශක්තිය ගෝලීය සමාජයට පෙන්නනවා. ඒ අස්සේ පාකිස්තානයේ භූමිවලට ප්‍රතිපහාර එල්ල කරනවා. ඉතිං මේ තමයි භූ දේශපාලනය ඇතුළෙ ඉන්දියාවේ බොලිවුඩ් මොහොත.
ඉසුරු උදාකර යකන්දාවල



Comments
Post a Comment