Skip to main content

යුද්ධයක් නැද්ද?

මේ කතාව ත්‍රින්කො උප්පුවේලිවල මට සහභාගි වෙන්න හම්බුන Workshop එකක් ගැන. ගම්වල ඉන්න ළමයින්ගෙන් සාමය ගැන ඩ්‍රාමා ටීම් හදල Festival එකක් කරන්න උත්සහ කරන එක තමයි මේකෙ කරන්නේ. ඒ වෙනුවෙන් තමයි මේ ඩ්‍රාමා වර්ක්ෂොප් එක කරන්නෙ. ඒකේ වර්ක්ශොප් එකෙ පුහුණුකරුගෙ උපදේශයට අනුව තමන් ජීවිතේ වඩාත් ම හිත ඇදගත්ත, අසාම දේ





තමයි මේ ළමයි  හදල තියෙන්නෙ. ඔය පහළ අමුණල තියෙන්නෙ ඒවා. මේ ළමයි අවුරුදු 15 - 18 අතර වගේ වෙන පිරිසක්. අපි හිතුවට 2009 යුද්දෙ ඉවරයි කියල ඒක එහෙම නෑ. ඒක අවතාරයක් විදිහට ඇවිත් දරුවෙක්ගෙ උනත් හිත්වලින් ඒක ප්‍රතිරූපනය වෙනවා. එයාල තමන්ගෙ ජීවිතේ ආසම දේවල් විදිහට වැඩිපුර ම හදල තියෙන්නෙ තුවක්කු. තව එයාල බෝම්බ, හමුදා හිස් වැසුම් හදල තිබ්බා. ඒ හැර මාංචු වගේ  හිතාගන්නවත් බැරි දේවල් හදල තිබ්බා. 

අපි 2009 යුද්දෙ ඉවරයි කියල අත පිහදාගෙන මේක නිදහස සංහිඳියාව මේක තමයි කියල හිතාගෙන ඉදියට වැඩක් නෑ. මේ ළමයි තමන්⁣ගෙ ජීවිතේ ඇතුළෙ යුද්දෙ හරියට අත් නොදැකපු පරම්පරාවක්. ඒ පරම්පරාවට පවා, අපිට ජීවිතේ හීන විදිහට සන්නිවේදන කරගන්න පුලුවන් උනේ මෙච්චර ද? ඩිජිටල් ආර්ථික හදන්න සැලසුම් හදන රටේ ඒ ආර්ථිකය නිර්මාණය කරන්න වෙන්න මේ හීන එක්ක ද? 

යුද්ධයක් කියන්නෙ අවි ආයුධම නෙවෙයි. ඒක අදහසක්, නිර්මාණය කරපු හැඟීමක්. ඒකයි එක පාරම්පාරවකින් යුද්ධය ඉවර කළත් අනික් පරම්පරාව ඒකෙ වගඋත්තරකරුවො කරන්නෙ. ඉතිං වැඩිහිටියෝ යුද්දෙ ඉවරයි කිව්වට අනික් පරම්පරාවට උරුම කරල දීල තියෙන මේ දේවල් පිළිබඳව සෘජු වගකීම දරන්න ඕනි නැද්ද?

අනික් අතට මේ උතුරු නැගෙනහිර පළාත්වල දරුවෝ. මේක දකුණෙ ළමයෙක්ට දුන්නොත් මීට හාත්පසින් ම වෙනස් දේවල් නිර්මාණය වෙයි. මං හිතන්නෙ නෑ තුවක්කු වගේ දේවල් එයාලගෙ ප්‍රධාන ආශාව වෙයි කියල. උතුර තවම එහෙමනම්, දකුණ තවමත් ජාතිවාදය ප්‍රධාන ඡන්ද උපකරණ විදිහට භාවිත කරනව නම් කොහෙද සාමයක්? දකුණේ තමන්ගෙ දරුවන්ට සුකුරුත්තම් හීන ගොන්නක් දීල උතුරේ හීනවලට තුවක්කු ආනයනය කරල තවදුරටත් ඔබට සිනා සී සිටිය හැකි ද?

යුද්ධයේ සිහිනය ඊළඟ පරම්පාරවටත් ගිහින් නම් කෝ සංහිඳියාවක්. උස් වූ සිහින නිර්මාණය කරන්න කටින් කිව්වට ඊළඟ පරම්පරා වැඩිහිටියෝ විසින් මේ ළමයින්ට නිර්මාණය කරල තියෙන්නෙ මෙහෙම ලෝකයක්. මෙහෙම දෘෂ්ටිවාදයක්. 

අවසානය වෙනුවෙන් සියලුම වැඩිහිටි යුධකාමීන්ගෙන් අහන්න තියෙන්නෙ මෙච්චරයි.

"යුද්ධයක් නෑ කියනවනම් ඔබේ දරුවාගෙ හීනවලට එබී බලන්න. ඔබ විසින් ඉතිරි කළ යුද්ධයේ සුන්බුන් ඒ හීන තුළ තිබිය හැකි ය."

- ඉසුරු උදාකර යකන්දාවල

Comments

  1. ඕක දකුනෙ පාසල් වලටත් ඒ වයස්වලම දෙමල ලමයි සිංහල ලමයි මුස්ලිම් ලමයි වෙන වෙනම අරගෙන කරල බලන්න ඕනි ඔය වගේම රිසාල්ට් එකක් එනවද කියල බලන කතා චිත්‍රපටි කාටූන් එක්කත් ඔය වගේ ආයුද වලට ආසාවක් ඇතිවෙනවනෙ. ඔයා කියන කතාවත් ඇත්ත මෙතන. සංහිඳියාව හදන්න ඉතින් භාශා ප්‍රශ්නයට විසදුමක් හදන්න ඕනි මුලින් ඊලට පොඩි කාලෙ ඉදන් අනික් ජාතිවල ලමයි එක්ක එකට ලමයින්ට ලොකු වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න ඕනි මට ජීවිතේටම දෙමල යාලුවෙක් ඉදල නෑ ඒ තත්වය වෙනස් කරන්න වැඩ කරොත් මේ ප්‍රශ්න අඩු කරන්න පුළුවන් වෙයි කියල මට හිතෙනව.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි. දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි...

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි.... මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි. ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස...