මේ කතාව ත්‍රින්කො උප්පුවේලිවල මට සහභාගි වෙන්න හම්බුන Workshop එකක් ගැන. ගම්වල ඉන්න ළමයින්ගෙන් සාමය ගැන ඩ්‍රාමා ටීම් හදල Festival එකක් කරන්න උත්සහ කරන එක තමයි මේකෙ කරන්නේ. ඒ වෙනුවෙන් තමයි මේ ඩ්‍රාමා වර්ක්ෂොප් එක කරන්නෙ. ඒකේ වර්ක්ශොප් එකෙ පුහුණුකරුගෙ උපදේශයට අනුව තමන් ජීවිතේ වඩාත් ම හිත ඇදගත්ත, අසාම දේ
තමයි මේ ළමයි හදල තියෙන්නෙ. ඔය පහළ අමුණල තියෙන්නෙ ඒවා. මේ ළමයි අවුරුදු 15 - 18 අතර වගේ වෙන පිරිසක්. අපි හිතුවට 2009 යුද්දෙ ඉවරයි කියල ඒක එහෙම නෑ. ඒක අවතාරයක් විදිහට ඇවිත් දරුවෙක්ගෙ උනත් හිත්වලින් ඒක ප්‍රතිරූපනය වෙනවා. එයාල තමන්ගෙ ජීවිතේ ආසම දේවල් විදිහට වැඩිපුර ම හදල තියෙන්නෙ තුවක්කු. තව එයාල බෝම්බ, හමුදා හිස් වැසුම් හදල තිබ්බා. ඒ හැර මාංචු වගේ හිතාගන්නවත් බැරි දේවල් හදල තිබ්බා.
තමයි මේ ළමයි හදල තියෙන්නෙ. ඔය පහළ අමුණල තියෙන්නෙ ඒවා. මේ ළමයි අවුරුදු 15 - 18 අතර වගේ වෙන පිරිසක්. අපි හිතුවට 2009 යුද්දෙ ඉවරයි කියල ඒක එහෙම නෑ. ඒක අවතාරයක් විදිහට ඇවිත් දරුවෙක්ගෙ උනත් හිත්වලින් ඒක ප්‍රතිරූපනය වෙනවා. එයාල තමන්ගෙ ජීවිතේ ආසම දේවල් විදිහට වැඩිපුර ම හදල තියෙන්නෙ තුවක්කු. තව එයාල බෝම්බ, හමුදා හිස් වැසුම් හදල තිබ්බා. ඒ හැර මාංචු වගේ හිතාගන්නවත් බැරි දේවල් හදල තිබ්බා.
අපි 2009 යුද්දෙ ඉවරයි කියල අත පිහදාගෙන මේක නිදහස සංහිඳියාව මේක තමයි කියල හිතාගෙන ඉදියට වැඩක් නෑ. මේ ළමයි තමන්ගෙ ජීවිතේ ඇතුළෙ යුද්දෙ හරියට අත් නොදැකපු පරම්පරාවක්. ඒ පරම්පරාවට පවා, අපිට ජීවිතේ හීන විදිහට සන්නිවේදන කරගන්න පුලුවන් උනේ මෙච්චර ද? ඩිජිටල් ආර්ථික හදන්න සැලසුම් හදන රටේ ඒ ආර්ථිකය නිර්මාණය කරන්න වෙන්න මේ හීන එක්ක ද?
යුද්ධයක් කියන්නෙ අවි ආයුධම නෙවෙයි. ඒක අදහසක්, නිර්මාණය කරපු හැඟීමක්. ඒකයි එක පාරම්පාරවකින් යුද්ධය ඉවර කළත් අනික් පරම්පරාව ඒකෙ වගඋත්තරකරුවො කරන්නෙ. ඉතිං වැඩිහිටියෝ යුද්දෙ ඉවරයි කිව්වට අනික් පරම්පරාවට උරුම කරල දීල තියෙන මේ දේවල් පිළිබඳව සෘජු වගකීම දරන්න ඕනි නැද්ද?
අනික් අතට මේ උතුරු නැගෙනහිර පළාත්වල දරුවෝ. මේක දකුණෙ ළමයෙක්ට දුන්නොත් මීට හාත්පසින් ම වෙනස් දේවල් නිර්මාණය වෙයි. මං හිතන්නෙ නෑ තුවක්කු වගේ දේවල් එයාලගෙ ප්‍රධාන ආශාව වෙයි කියල. උතුර තවම එහෙමනම්, දකුණ තවමත් ජාතිවාදය ප්‍රධාන ඡන්ද උපකරණ විදිහට භාවිත කරනව නම් කොහෙද සාමයක්? දකුණේ තමන්ගෙ දරුවන්ට සුකුරුත්තම් හීන ගොන්නක් දීල උතුරේ හීනවලට තුවක්කු ආනයනය කරල තවදුරටත් ඔබට සිනා සී සිටිය හැකි ද?
යුද්ධයේ සිහිනය ඊළඟ පරම්පාරවටත් ගිහින් නම් කෝ සංහිඳියාවක්. උස් වූ සිහින නිර්මාණය කරන්න කටින් කිව්වට ඊළඟ පරම්පරා වැඩිහිටියෝ විසින් මේ ළමයින්ට නිර්මාණය කරල තියෙන්නෙ මෙහෙම ලෝකයක්. මෙහෙම දෘෂ්ටිවාදයක්.
අවසානය වෙනුවෙන් සියලුම වැඩිහිටි යුධකාමීන්ගෙන් අහන්න තියෙන්නෙ මෙච්චරයි.
"යුද්ධයක් නෑ කියනවනම් ඔබේ දරුවාගෙ හීනවලට එබී බලන්න. ඔබ විසින් ඉතිරි කළ යුද්ධයේ සුන්බුන් ඒ හීන තුළ තිබිය හැකි ය."
- ඉසුරු උදාකර යකන්දාවල





ඕක දකුනෙ පාසල් වලටත් ඒ වයස්වලම දෙමල ලමයි සිංහල ලමයි මුස්ලිම් ලමයි වෙන වෙනම අරගෙන කරල බලන්න ඕනි ඔය වගේම රිසාල්ට් එකක් එනවද කියල බලන කතා චිත්‍රපටි කාටූන් එක්කත් ඔය වගේ ආයුද වලට ආසාවක් ඇතිවෙනවනෙ. ඔයා කියන කතාවත් ඇත්ත මෙතන. සංහිඳියාව හදන්න ඉතින් භාශා ප්‍රශ්නයට විසදුමක් හදන්න ඕනි මුලින් ඊලට පොඩි කාලෙ ඉදන් අනික් ජාතිවල ලමයි එක්ක එකට ලමයින්ට ලොකු වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න ඕනි මට ජීවිතේටම දෙමල යාලුවෙක් ඉදල නෑ ඒ තත්වය වෙනස් කරන්න වැඩ කරොත් මේ ප්‍රශ්න අඩු කරන්න පුළුවන් වෙයි කියල මට හිතෙනව.
ReplyDelete