Skip to main content

Funny Boy සහ සුළුතරයේ කතාව

චිත්‍රපටියක් ගත්තම අපිට ඒක අපිට කැමති විදිහට නම් කරන්න පුලුවන්.ඒ අතරින් Funny Boy කියන්නෙ සුළුතරයේ කතාවක්.කතාව පුරාවටම දිවෙන්න සුළුතරය පිළිබඳ කතාවක්.වාර්ගික,ආගමික,ලිංගික කියන සෑම විදිහකින්ම තිර රචනාව දිවෙන්නෙ සුළුතරය මත පිහිටල.ඒ අතරිනුත් ප්‍රධාන ව⁣ශයෙන් චිත්‍රපටය තේමාගත වෙන්නෙ සුළුතර ලිංගික කතන්දරයක් ව⁣ශයෙන්.සිග්මන් ෆ්‍රොයිඩ් අනුව,

"අපගේ වඩාත් වටිනා සංස්කෘතික උරුමයන් අප හිමිකරගෙන ඇත්තෙ ලිංගිකත්වයේ වියදමිනි."
"Much of our highly valued cultural heritage has been acquired at the cost of sexuality."
- Sigmund Freud
(Freud, Sigmund (2014). “An Outline of Psychoanalysis”, p.60, Read Books Ltd)

ඒ අනුව මානව ජීවිතයේ කේන්ද්‍රීය සංස්කෘතික හා සමාජ සාධකය වශයෙන් පුද්ගල ලිංගිකත්වය තහවුරු කරගන්න පුලුවන්.චිත්‍රපටය දිවෙන්නේ ඒ ප්‍රථුල මානව ලිංගිකත්වය පසුබිම් කරගෙන.නමුත් විශේෂ ම දේ වෙන්නෙ Funny Boy තුළ අන්තර්ගත වෙන්නෙ සුළුතර ලිංගික ප්‍රජාවෙ කතාවක් වෙන එක.ලෝකයේ ප්‍රධන හා බහුතර ලිංගික දිශානතිය විෂම ලිංගිකත්වය වෙද්දි Funny Boy ඇතුළෙ අපි දකින්නෙ අර්ජුන් හෙවත් කතා නායකයාගේ සමලිංගික ජීවිතය.කතාපුරාවට පිරිමියෙක් උනත් සාරි,මාල,වළලු වගේ ස්ත්‍රී උරුමයන්ට ආශා කරන තරුණයෙක් චමත්කාර ජනකව නිරූපනය කරනවා.බහුතර පිරිමින්ගෙ ක්‍රීඩාව වුණ ක්‍රිකට් ක්‍රීඩාවට අර්ජුන්ව බලෙන් හුරු කරන්න හදනවා.බහුතර පිරිමින් වගේම සාරි නො අදින කෙනෙක් බවට අර්ජුන්ව පත් කරන්න කුඩා කාලෙ ඉදන්ම දෙමාපියන් උත්සහ කරනවා.සමරිසියෙකු වීම නිසා පවුලෙන් වගෙ ම නෛතික රාමු ඇතුළෙත් පීඩා ⁣විය හැකි බවට ඉඟි කතාව පුරාවට සළකුණු කරනවා.සමස්තයක් විදිහට සුළුතර ලිංගික ප්‍රජාවගේ කේන්ද්‍රීය මානවීය කාරණයක් වුණ(ෆ්‍රොයිඩ්ට අනුව) ලිංගික පෞරුෂය දැඩි පීඩාවකට පත් වෙනවා.ඒක අතිශ්‍ය භාවාත්මකව දක්වන්න සිනමාකරු සමත්වෙලා තියනවා.ලංකාවේ 1970 - 1983 වගේ කාලයක ලාංකික සමාජය පසුබිම් කරගැනීමත් සමඟ අර්ජුන් සුළුතර දෙමළ ජාතිකයෙකු වීම නිසා ඇති⁣ වෙන පීඩාවන් ලිංගික පෞරුෂය පිළිබඳ කාරණාවට පසුපසින් චිත්‍රපටය තුළ ධාවනය වෙනවා.1983 වෙද්දි කළුජූලිය එක්ක සුළුතර ජාතියට එල්ල උන දැඩි ⁣ම්ලේඡත්වය එක්ක අර්ජුන්ගෙ ඉහළ පාන්තික දෙමළ පවුල ඇමරිකාවට පිටුවහල් වෙමින් චිත්‍රපට කතාව අවසන් වෙනවා.ඒත් අපේ කතාව ආරම්භ වෙන්නෙ එතැනින්.

ප්‍රශ්නය අවසන්ද?

සුළුජාතිය  වුණ දෙමළ ජාතියේ ගැටලුව ඉවරද?සුළුතර සමරිසි ලිංගික ප්‍රජාවගේ අයිතිය දැන් තහවුරු වී ඇති ද? ඒ සියල්ලට පිළිතුරු නෑ කියන එක.1983 සමරිසි සුළු ජාතික තරුණයෙක් වින්ද පීඩනය අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් තවමත් ශේෂ වෙලා තියනවා.නමුත් අද දක්වා අප රටක් වශයෙන් තවදුරටත් ඔවුන් රටින් බලෙන් පිටුවල් කරමින් ඉන්නවා.සුළු ජාතිය පීඩාවට පත් කරමින් ඉන්නවා.සුළුතර ලිංගික ප්‍රජාව කොන් කරමින් ඉන්නවා.අවම තරමේ නෛතික වශයෙන්වත් එවැනි සුළුතර ලිංගික ප්‍රජාව වෙනුවෙන් අයිතිවාසිකම් වෙන්වෙලා නෑ.තවදුරටත් සමරිසි භාවය පිළිබඳ අපේ රටේ නීතිය විසින්ම මානව අයිතිය උල්ලංඝනය කරන තැනට පත් වෙලා තියනවා.පැරණි යටත්විජිත රෝම ලන්දේසි නීති පද්ධතිය තුළ අදටත් සමරිසි බව වරදක්.මේ සියලු දේට පස්සෙ සුළුතර ප්‍රජාවන් චිත්‍රපටයේ වගේම ඇමරිකාව වගේ රටවලට පිටමන් කරනවා.සුවිශේෂීම දේ තමයි අර සුළුතරය අපිම අධිරාජ්‍යවාදීන් කියල හන්වඩු ගහපු රටවලටම පටවන එක.බහුතරය විසින් සුළුතරය  පිටමන් කරනකන් අපි සංස්කෘතිකවත්,ලිංගිකවත් ක්ෂුද්‍ර වෙනවා.රටක් විදිහට අපි සුළු වෙනවා.තේරීම් සීමිත වෙනවා. ආත්මීයව දරිද්‍ර⁣ වෙනවා.අපි අධිරාජ්‍යවාදීන් කියල නිග්‍රහ කරන රටවල් අපේ රටේ සාරය වුණ, අපේ රටේ විවිධත්වය, විචිත්‍රත්වය වුණ ලිංගික හා වාර්ගික සුළුතරය ඒ රටවලට උරා ගන්නවා.ඒ විවිධත්වය දරන්න තරම් ඇමරිකාව,යුරෝපය පෝසත් වෙද්දි අපි ඒ විචිත්‍රත්වය දරාගන්න බැරි දුප්පත් රටක් වෙනවා.ඒ නිසා විසල් සංස්කෘතික ඉදිරිගාමී රටක් අවශ්‍යනම්, රටක් විදිහට නොපමාව සුළුතරයේ වාර්ගික හා ලිංගික අයිතී⁣න් සඳහා ශිෂ්ටත්වය හා මනුෂ්‍යත්වය නාමයෙන් සටන් කරන්න අපට අනාගතයේදී සිදු වීම අනිවාර්යයි....

Funny Boy  (2020) 
IMDb :   5.8/10

Directed by : Deepa Mehta
Produced by : David Hamilton
Screenplay by : Deepa Mehta, Shyam Selvadurai

Starring : Nimmi Harasgama, Ali Kazmi, Agam Darshi, Seema Biswas, Rehan Mudannayake, Shivantha Wijesinha, Brandon Ingram

Music by  : Howard Shore 

Cinematography   :   Douglas   Koch
Edited by : Teresa Font
Distributed by :   ARRAY, Netflix

Release date :  December 4, 2020

Country :   Canada
Languages : English, Sinhala, Tamil

- ඉසුරු උදාකර යකන්දාවල 


Comments

Post a Comment

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ශාස්ත්‍රීය අධ්‍යාපනයේ උගුල?

බණ්ඩ (Waruna Priyan Bandara) මේ පෞද්ගලික අර්ථයෙන් කියන්න හදන අදහස ඇතුළෙ ටෙක්නිකල් ගැටලුවක් තියනවා. මේකෙ කියන විදිහට ලංකාවෙ ගොඩක් දෙනෙක් අධ්‍යාපනය ලබන්නෙ එයාලගෙ ආසාවෙන් කියන පූර්ව විනිශ්චනයක ඉඳල. ඒත් ගොඩක් අය ලංකාව වගේ රටක අධ්‍යාපනය ලබන්නෙ තමන්ගෙ සමාජ මට්ටටම වැඩි කරගෙන සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන්. හැබැයි සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන් ලෝකයෙ ම ගත්ත ම විශ්වවිද්‍යාලවල ගිහින් සෑහෙන්න ඉගෙන ගෙන සල්ලි මාර විදිහට හම්බකරනවා කියන එක කරන්න අමාරු වැඩක්. මාර විදිහට සල්ලි හම්බ කරන්න ඕනි අය ඒක කරන්නෙ නෑ. ලංකාව ඇතුළෙ ගොඩක් වෙලාවට වෙන්නෙ ලංකාවේ නොමිලෙ අධ්‍යාපනය ලබා දෙන නිසාත්, ඒක විශ්වවිද්‍යාලය දක්වා තියන නිසාත් විශ්වවිද්‍යාල දක්වා ම ඉගෙන ගෙන ඔහේ එනවා.  එහෙම නැතුව අධ්‍යාපනයට ආසාවක් හරි, ශාස්ත්‍රීය ගවේෂණයක් නෑ. මේ නිසා ⁣වෘත්තීය පුහුණවක් වගේ දෙයක් එක්ක ඉක්මනින් රැකියි ක්ෂේත්‍රයට එන්න ඕනි අය දහස් ගණනක් නිකරුණෙ තමන් ආස නැති ශාස්ත්‍රීය ක්ෂේත්‍රවලට ඇවිල්ල තදබදයක් ඇතිවෙලා තියෙන්නෙ. මේක හරියට, අධ්‍යාපන ක්‍රමය ආර්ථිකය එක්ක ගැට ගහපු දවසට බහුතරයක් වෘත්තීය හා කර්මාන්ත අධ්‍යාපනයක් අරගෙන රැකියා ආර්ථිකයට...

ලොකුයි නේද?

සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල විවාහය කියන්නෙ සෑහෙන්න තරමක ඇල් මැරුණු සම්බන්ධයක්. සජීවී බව රැක ගැනීම, මනුෂ්‍යය බැදීමක උණුසුම රැක ගන්න සැලසුමක් ඒ ඇතුළෙ නෑ. බොහෝ විට තමන් ප්ලෑන් කරපු භෞතික දේවල් කීපයක් පස්සෙ දුවන්න හරි, අච්චුවකට වැටුණු ලයිෆ් ස්ටයිල් එකකට දුවන එක ඇරෙන්න සතුට ගැන, ට්‍රිප් එකක් ගැන, ඩේ අවුට් එකක් ගැන සැලසුමක් විවාහ සැලසුමක් ඇතුළෙ නෑ. නෙළුම් කුළුණ ෆිල්ම් එකේ පෙන්නන්නෙ මැරුණු පිරිමියෙක්ගෙ ලිංගික උත්තේජනයක් මිසක් ජීවත් වෙන මනුස්සයෙක් ගැන නෙවෙයි. ඇත්තට ම, සජීවි මනුස්සයෙක් ගත්ත ම ඒකේ යථාර්ථය මේ ලේලීල දෙන්න කතා කරනව වගේ දෙයක්. ⁣ජීව විද්‍යාත්මක විදහට නෙවෙයි මානසිකවත් විවාහක පිරිමියා බෙලහීනයි. කම්මැලි කුසීත අච්චුවෙච්චි ජීවන රටාව ඇතුළෙ පිරිමි සහ ගැහැණු බෙලහීනයි. විනෝදයෙන් විනිර්මුක්තයි. නෙළුම් කුළුණ අපිට පවසන්නේ ලංකාව වගේ කම්මැලි ජීවන රටාවක් හිමි වුණ සමාජයක මිය ගිය පිරිමියෙක් හැර ජීවත් වෙන ප්‍රාණවත් පිරිමින් නැති බවයි. පැරණි ආකෘතියෙන් මිදිල විනෝදකාමී පවුල් ආකෘතියක් ලංකාවට අවශ්‍ය වෙලා තියෙනවා. එතකන් මැරුණු පිරිමින්ගේ ප්‍රාණවත් උන පුරුෂ ලිංග ගැන කතා කර කර ම ඉන්න වෙනව අපිට.  ඉසුරු උදා...