ප්‍රියංකා සහ අපි
ඉන්දියාවෙ ප්‍රියංකා රෙඩ්ඩි දුෂණය කරල ගිනිතියපු සිද්ධිය ගැන හැමෝම කම්පා උනා.ඒ දෙවල් වෙන්නෙ ඇයි කොහොමද වෙන්නෙ කියන දේවල් මොනව උනත් හැමෝම පොස්ට් ශෙයාර් එහෙම කරගෙන සෑහෙන්න දුක් උනා.මිනිස්සු ගොඩක් වෙලාවට කැමති තමන් අනුන් ගැන හිතනවා කියල පෙන්නන් වගෙ තමන් අසාධාරණයට,අක්රමිතකතාවල දැක්කම සෑහෙන්න තරහ යනවා කියල පෙන්නන්.ඒ මොනව උනත් ඉන්දියාවෙ ප්‍රියංකව මරපු දූෂකයො හතර දෙනවා පැනල යන්න හදද්දි වෙඩි තියපු කතාව නිසා ලංකාවෙ අයත් අමුතුම කික් එකක චිල් එකක ඉන්නවා වගෙ පේනවා.ලංකාවෙත් අයුධ පෙන්නන් ගිහින් වෙඩි තියපුවත් මතක් වෙලා තියනවා.ඒත් එයාලට අමතක වෙලා තියනවා දුෂනයට ලක්වෙන හැම තරුණියක්ම වගෙම දුෂනය කරන හැම මිනිහෙක්මත් අපේ සාමුහික සමාජයෙ නිර්මාණ කියල.මේ අධ්‍යපන ක්‍රමයෙ,මේ අාර්ථිකයෙ කොටස් කියල.හැබැයි වරදක් උනාම අපිට අමතක වෙනවා අපි සාමුහිකව නිර්මාණය කරපු මිනීරුවො,දූෂකයො නේද මේ කියල.සැකපිට ඉන්න සැකකරුවො ටිකක් මැරුනම හුරේ දාන අයට මතක් වෙන්නෙ නෑ තමන්ටත් එහෙම උනොත් මොකද වෙන්නෙ කියල.සේයා ඝාතනයෙදි මාධ්‍ය එක්ක එකතු වෙලා සැකපිට වැරදිල අහුවෙච්චි පාසල් ශිෂ්යට විරුද්ධව අපි ඒ වැඩේ නියමෙට කරගෙන ගියා.බැරිවෙලා හරි සැකපිට ඉද්දි ඒ පාසල් ශිෂ්‍යාටත් ගේම දුන්නනම් මොකද වෙන්නෙ?රටේ නීතියට පිටින් කරන වැරදිකරුවන්ට දඬුවම් දෙන්න පුලුන්නම් හරිම සරලයි ඇඟෙ හැපුනත්,කකුල පෑගුවත් තියල දාන්නයි තියෙන්නෙ.ඇහුවම කියන්න තියෙන්නෙ මේ මිනිහ මට මෙහෙම කළා ඒ නිසා මරන්න උනා කියල.ඒක විතරක් නෙවෙය් මේකෙ හොඳම කතාව.ලංකාවෙ ගොඩක් අය පාර්ලිමේන්තුවෙ නීතිය,සාධාරණත්ව රකින දුෂන වංචා නැති අයව පාර්ලිමේන්තු යවන්න ඕනි කියල සෑහෙන්න කණස්සල්ලට පත්වෙලා ඉන්නෙ.හැබැයි මේ වගේ නීතියට,සාධාරණත්වය විරුද්ධ සිද්ධියක් උනාම එහෙම කියන මහජනතාවත් අනීතිය,අසාධාරණත්වය පැත්තෙ ඉදල හුරේ දානවා.ඉතින් මෙහෙම ජනතාවක් පත් කරන පාර්ලිමේන්තුවක් මෙහෙම හරි තියන එක ගැන අපි සතුටු වෙන්න ඕනි.ලව් යූ 225❤
"බ්‍රේෂ්ට් අපිට ඔයාව හැමදාම මතක් වෙනවා"
ඉසුරු උදාකර යකන්දාවල

❤️🖋️👍
ReplyDelete❤️🖋️👍
ReplyDelete❤️🖋️👍
ReplyDelete