ලංකාවෙ සාමන්‍ය පුරවැසියා කියන්නෙ අන්ත ආවේගශීල බුද්ධිය අහලකවත් නැති පිරිසක් කියල තේරුන් ගන්න මේක හොඳ උදාහරණයක්. විජේ ඉන්දියාවෙ ඡන්ද පදනම ඉලක්ක කරල එහෙ ඉන්න ඉන්දියානු බයියව චූන් කරන්න කියනවා ලංකාවට අයත් ව තියන කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවර ගන්නව කියල තියනවා. ඒක මෙහෙ ඉන්න බයියොත් කම්පිත කරන්න සමත් වෙලා තියනවා. විජේ නෙවෙයි කච්චතිව් ආයෙ ගන්නවා කියල මෝදි කිව්වත් ඒක ජාත්‍යන්තර නීතියයි භූ දේශපාලනයයි ඇතුළෙ කරන්න අමාරු වැඩක්. ඉන්දියාවෙ බයියන්ගෙ ඡන්ද කැම්පේන් එකටත් තෙත් වෙන ලාංකික බයි ඡනතාවක් ඉන්න එක ඇත්තට අපි සතුටු වෙන්න ඕනි. ඒ වගේ ම ආයෙ රට බේරගන්න අවස්ථාවක් ආවොත් දෙපාරක් හිතන්නෙ නැතුව ඕනි ම ත්‍රාඩයෙක්ට ඡන්ද දෙනව කියල තේරුන් ගන්නත් මේක හොඳ නියැදියක්. ඒක පහළ තියෙන පොස්ට් එකෙන් කියනටවත් වඩා හොඳට පේනවා.
ඉසුරු උදාකර යකන්දාවල

Comments
Post a Comment