Skip to main content

ඉතිහාසය මොකටද?

ලංකාව ඇතුළෙ තියෙන ලොකු ම ගැටලුවක් තමයි මොන වගෙ පොලිසි ඉම්ප්ලිමන්ට් එකක් කරන්න ගියත් ඒකෙ තියෙන දමන් දන්න කියන පුංචි කෑල්ලක් අල්ලගෙන ඒක මාර ගැටලුවක් කියල පෙන්නල් ඒ රිෆෝම් එකට විරුද්ධ වෙන එක. ඉතිහාසය ගැන ලංකාවෙ ඇතුළෙ යන කතා බහත් හරියට ඒ වගෙයි. සම්පූර්ණ කරිකියුලම් රිෆෝම් එක තියන පොලිසි ප්‍රසන්ටේෂන් එකවත් නොකියවා කට්ටිය ඔහෙ ඉතිහාසය නැති එකක් ගැන කියවගෙන යනවා. රිෆෝම් එකක් මොකක් හරි ඒක්ස්පර්ට් කමිටි එකකින් එළියට ආවම ඒ සබ්ජෙක්ට් එක ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති එකෙක් මුලු රිෆෝම් එක ගැන ම දන්නෙ නැතුව පුංචි පරිසරවාදි කෑල්ලක්, සංවේදී මානවහිතවාදී කෑල්ලක් අල්ලගෙන දඟලනවා. මේකෙන් ප්‍රකාශ වෙන්නෙ ඒ සම්බන්ධ ප්‍රමාණාත්මක විග්‍රහයකට වඩා දෙයකට විරුද්ධ වෙලා තමන්ගෙ ඇටෙන්ෂන් එක හදාගන්න මහන්සිවෙන  එක. සාධන,විශ්ලේෂණාත්මක විග්‍රහයන් නැති ම තරම්.

ඉතිහාසය ගැන කාරණාවට ආවොත් මුලු රිෆෝම් එකම බලපු කෙනෙක්ට තේරෙනවා එක් එක් විෂයන් අතර සමබරතාව රැකගන්න සෑහෙන්න උත්සහයක් අරගෙන තියනවා කියල ඒක ඇතුළෙ. අනික් දේ තමයි ඉතිහාසය නැති කරහම යහපත් මනුස්සයෙක් හදන්න යන මිෂන් එක නවතී ද කියල. රිෆෝම් එකට අනුව නම්  9 පංතිය වෙනකන් ඉතිහාසය අනිවාර්යයි. 10 සිට ඒක තෝරා ගන්න පුලුවන් විෂයක් වෙලා  තියනවා. මේ ⁣රිෆෝම් එකේ තියන හොඳ ම දේ තමයි 10 වසර වෙද්දි ශිෂ්‍යා තමන්ගෙ ස්ට්‍රීම් එකට ෆෝකස් වෙනවා. ඒක ළමයට තියන බර අඩු කරන වගෙ ම ළමයෙක්ගෙ හැකියාව ඉක්මනින් වර්ධනය කරන්න ඉවහල් වෙනවා. ඒකෙද්දි ත් ආයෙම ඉතිහාසය හරි වෙනත් අනිවාර්ය විෂයක් ගණනාවක් අනිවාර්යය කර කර තවදුරටත් ළමයව තමන්ගෙ ස්ට්‍රීම් එකට පිටින් තියන සබ්ජෙක්ට් එකකට හිර කරන එක මනෝවිද්‍යාත්මක ව වගෙ ම සමාජ ආර්ථික වශයෙනුත් සීමා කිරීමක්. ඒ වගෙ ම, උසස් පෙළ මට්ටමේදී පවා ශිෂ්‍යාට අනික් විෂය ධාරවන්ට අයත් විෂයක් කිරීම මේ රිෆෝම් එකෙන් අනිවාර්ය කරල තියනවා. උදාහරණයක් විදිහට සාමන්‍ය පෙළ පෙළ විද්‍යා ධාරාවෙන් කරන ශිෂ්‍යයෙක් හියුමනිටීස්, සෝශල් සයන්ස් කැටගරියෙන් විෂයක් තෝර ගන්න ඕනි. උසස් පෙළේදිත් අනික් සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකකින් තෝරගෙන ඉන්ටර් ඩිසිප්ලීනරි සබ්ජෙක්ට් එකක් විදිහට පවා කරන්න අවකාශය හදල තියනවා.

මේ වගේ තත්වයක් තියෙද්දිත් ඉතිහාසය 10 වසරේ ඉඳන් තෝරගන්න සබ්ජෙක්ට් එකක් වුණු එක ගැන ඔහේ කියවනවා. මේ විරුද්ධ අයගෙන් එක කොටසක් ජාතිවාදී වගේ ම සිංහල බෞද්ධ ආස්ථානයකින් කතා කරනවා. එයාල කියන්නෙ සිංඑල බෞද්ධ හරය රකින්න මේක තියෙන්න ඕනි කියල. අනික් කොටස අධ්‍යපනයෙන් හොඳ පුරවැසියෙක් හදන්න තියන ප්‍රොජෙක්ට් එක ඉතිහාසය අයින් කරහම නැති වෙනවා කියල කියනවා. අන්ත දෙකකින් මේ දෙගොල්ලම ඉතිහාසය කියන තනි විෂයකින් යහපත් පුරවැසියෙක් වගෙ ම ජාතිකවාදී (/ජාතීවාදී) පුරවැසියෙක් හැදෙයි කියල හීන දකිනවා. ඒත් එහෙම තනි විෂයකින් එහෙම දෙයක් වෙන්නෙ නෑ. ඒක වෙනවනම් වෙන්නෙ සමස්ත අධ්‍යපන පද්ධතියෙ දායකත්වයකින් මිසක් තනි විෂයක් නිසා නම් නෙවෙයි. ඒ වගෙ ම ලංකාවෙ උගන්නන ඉතිහාසය නිසා ජාතිවාදය ඇතිවෙනවා කියල හිතනවනම් ඒක හරිම වැරදි කියවීමක්. ලංකාවේ ජාතිවාදය මුලින් ම ඇති වෙන්නෙ පවුලෙන් සහ පන්සලෙන්. ඊට පස්සෙ පාසලට. ඒකෙදි මහ සමාජයෙ අගතීන් එක්ක වැඩිහිටි වුණු ගුරුවරුන්ට දරුවන් නිරාවරණය වෙනවා. ඉතිං එහෙම තත්වයක් ඇතුළෙ ලිහිල්, තමන්ට ඕනි දෙයක් කියන්න පුලුවන් ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය ඇතුළෙ  ගුරුවරු එයාලත් එයාලගෙ දෙමාපියාගෙන්, පවුලෙන්, පන්සලෙන් ඉගෙන ගත්ත අවධිමත් දැනුමක් මේ ළමයිට දෙසා බානවා. විද්‍යා ගුරුවරයා පවා මේ අර්ථයෙන් වැටෙන්නෙ අර කිව්ව ගෝත්‍රික ගොඩට. ඉතිං, ඉතිහාසය කොහොම ඉගැන්නුවත් එකෙන් ළමයා පාඩම් කරල මෙච්චරකල් විභාගෙට ලිව්ව මිසක් අබමල් රේණුවක් සිංහල බෞද්ධ සංස්කෘතියක්වත්, යහපත් පුරවැසියෙක්වත් හදන්න දායක වෙලා නෑ. ඉතිහාසය තිබ්බත් නැතත්, ගැටලුව තියෙන්නෙ අධ්‍යාපන පද්ධතියෙ. ඉතිං, මාර සිංහල බෞද්ධ සිලබස් එකක් හදල ළමයා සිංහල බෞද්ධයෝ කරන් හැදුවත්, මාර යහපත් සමාජයකට අවශ්‍ය ඉතිහාසය සිලබස් එකක් හදල යහපත් පුරුවැසියො හැදුවත් හැදුවත් ඔය දෙක ම ෆේල් වෙනවා. මොකද මෙච්චකල් ළමයින්ගෙ ආකල්පය හැදුවෙ සිලබස් එකට පිටින් ගුරුවරය ගෙදරින් ගෙනත් කියන යල්පැන ගිය අදහස් ටික. ඒක වෙනස් කරන්න මේ රිෆෝම් එක සෑහෙන්න තරමක යෝජනා ප්‍රමාණයක් කරල තියෙනවා කියල බැලූ බැල්මට පේනවා. මේක හරියට ම තීරණය කරන්න වෙන්නෙ කොච්චර ප්‍රබල විදිහට ආණ්ඩුවට මේක පහළට දියත් කරන්න පුලුවන් ද කියන එක මත.

එක එක ගොඩ වෙද්දු කියන පදනම් විරහිත කතන්දරවලට රිෆෝම් එකක් රිවස් කරන්න ඕනි නෑ. ඉතිහාසය මාර විෂයක් තමයි කියල අර කලින් තමන්ගෙ පවුලෙන් හරි ගුරුවරුයෙක් හරි නැති නම් සමාජෙ කොහෙන් හරි අහුල ගත්ත දෙයක් 21 වන සියවසටත් උස්සගෙන ඇවිත්, ඒ කෑල්ල විතරක් අහුලගෙන කෑගහනවා. මේ ඝෝෂාව මධ්‍යයේ අදාළ දේ  කරන එකයි වඩාත් හොඳ දේ හැටියට පේන්නේ.

ඉසුරු උදාකර යකන්දාවල

Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ශාස්ත්‍රීය අධ්‍යාපනයේ උගුල?

බණ්ඩ (Waruna Priyan Bandara) මේ පෞද්ගලික අර්ථයෙන් කියන්න හදන අදහස ඇතුළෙ ටෙක්නිකල් ගැටලුවක් තියනවා. මේකෙ කියන විදිහට ලංකාවෙ ගොඩක් දෙනෙක් අධ්‍යාපනය ලබන්නෙ එයාලගෙ ආසාවෙන් කියන පූර්ව විනිශ්චනයක ඉඳල. ඒත් ගොඩක් අය ලංකාව වගේ රටක අධ්‍යාපනය ලබන්නෙ තමන්ගෙ සමාජ මට්ටටම වැඩි කරගෙන සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන්. හැබැයි සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන් ලෝකයෙ ම ගත්ත ම විශ්වවිද්‍යාලවල ගිහින් සෑහෙන්න ඉගෙන ගෙන සල්ලි මාර විදිහට හම්බකරනවා කියන එක කරන්න අමාරු වැඩක්. මාර විදිහට සල්ලි හම්බ කරන්න ඕනි අය ඒක කරන්නෙ නෑ. ලංකාව ඇතුළෙ ගොඩක් වෙලාවට වෙන්නෙ ලංකාවේ නොමිලෙ අධ්‍යාපනය ලබා දෙන නිසාත්, ඒක විශ්වවිද්‍යාලය දක්වා තියන නිසාත් විශ්වවිද්‍යාල දක්වා ම ඉගෙන ගෙන ඔහේ එනවා.  එහෙම නැතුව අධ්‍යාපනයට ආසාවක් හරි, ශාස්ත්‍රීය ගවේෂණයක් නෑ. මේ නිසා ⁣වෘත්තීය පුහුණවක් වගේ දෙයක් එක්ක ඉක්මනින් රැකියි ක්ෂේත්‍රයට එන්න ඕනි අය දහස් ගණනක් නිකරුණෙ තමන් ආස නැති ශාස්ත්‍රීය ක්ෂේත්‍රවලට ඇවිල්ල තදබදයක් ඇතිවෙලා තියෙන්නෙ. මේක හරියට, අධ්‍යාපන ක්‍රමය ආර්ථිකය එක්ක ගැට ගහපු දවසට බහුතරයක් වෘත්තීය හා කර්මාන්ත අධ්‍යාපනයක් අරගෙන රැකියා ආර්ථිකයට...

ලොකුයි නේද?

සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල විවාහය කියන්නෙ සෑහෙන්න තරමක ඇල් මැරුණු සම්බන්ධයක්. සජීවී බව රැක ගැනීම, මනුෂ්‍යය බැදීමක උණුසුම රැක ගන්න සැලසුමක් ඒ ඇතුළෙ නෑ. බොහෝ විට තමන් ප්ලෑන් කරපු භෞතික දේවල් කීපයක් පස්සෙ දුවන්න හරි, අච්චුවකට වැටුණු ලයිෆ් ස්ටයිල් එකකට දුවන එක ඇරෙන්න සතුට ගැන, ට්‍රිප් එකක් ගැන, ඩේ අවුට් එකක් ගැන සැලසුමක් විවාහ සැලසුමක් ඇතුළෙ නෑ. නෙළුම් කුළුණ ෆිල්ම් එකේ පෙන්නන්නෙ මැරුණු පිරිමියෙක්ගෙ ලිංගික උත්තේජනයක් මිසක් ජීවත් වෙන මනුස්සයෙක් ගැන නෙවෙයි. ඇත්තට ම, සජීවි මනුස්සයෙක් ගත්ත ම ඒකේ යථාර්ථය මේ ලේලීල දෙන්න කතා කරනව වගේ දෙයක්. ⁣ජීව විද්‍යාත්මක විදහට නෙවෙයි මානසිකවත් විවාහක පිරිමියා බෙලහීනයි. කම්මැලි කුසීත අච්චුවෙච්චි ජීවන රටාව ඇතුළෙ පිරිමි සහ ගැහැණු බෙලහීනයි. විනෝදයෙන් විනිර්මුක්තයි. නෙළුම් කුළුණ අපිට පවසන්නේ ලංකාව වගේ කම්මැලි ජීවන රටාවක් හිමි වුණ සමාජයක මිය ගිය පිරිමියෙක් හැර ජීවත් වෙන ප්‍රාණවත් පිරිමින් නැති බවයි. පැරණි ආකෘතියෙන් මිදිල විනෝදකාමී පවුල් ආකෘතියක් ලංකාවට අවශ්‍ය වෙලා තියෙනවා. එතකන් මැරුණු පිරිමින්ගේ ප්‍රාණවත් උන පුරුෂ ලිංග ගැන කතා කර කර ම ඉන්න වෙනව අපිට.  ඉසුරු උදා...