Skip to main content

ඉතිහාසය මොකටද?

ලංකාව ඇතුළෙ තියෙන ලොකු ම ගැටලුවක් තමයි මොන වගෙ පොලිසි ඉම්ප්ලිමන්ට් එකක් කරන්න ගියත් ඒකෙ තියෙන දමන් දන්න කියන පුංචි කෑල්ලක් අල්ලගෙන ඒක මාර ගැටලුවක් කියල පෙන්නල් ඒ රිෆෝම් එකට විරුද්ධ වෙන එක. ඉතිහාසය ගැන ලංකාවෙ ඇතුළෙ යන කතා බහත් හරියට ඒ වගෙයි. සම්පූර්ණ කරිකියුලම් රිෆෝම් එක තියන පොලිසි ප්‍රසන්ටේෂන් එකවත් නොකියවා කට්ටිය ඔහෙ ඉතිහාසය නැති එකක් ගැන කියවගෙන යනවා. රිෆෝම් එකක් මොකක් හරි ඒක්ස්පර්ට් කමිටි එකකින් එළියට ආවම ඒ සබ්ජෙක්ට් එක ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති එකෙක් මුලු රිෆෝම් එක ගැන ම දන්නෙ නැතුව පුංචි පරිසරවාදි කෑල්ලක්, සංවේදී මානවහිතවාදී කෑල්ලක් අල්ලගෙන දඟලනවා. මේකෙන් ප්‍රකාශ වෙන්නෙ ඒ සම්බන්ධ ප්‍රමාණාත්මක විග්‍රහයකට වඩා දෙයකට විරුද්ධ වෙලා තමන්ගෙ ඇටෙන්ෂන් එක හදාගන්න මහන්සිවෙන  එක. සාධන,විශ්ලේෂණාත්මක විග්‍රහයන් නැති ම තරම්.

ඉතිහාසය ගැන කාරණාවට ආවොත් මුලු රිෆෝම් එකම බලපු කෙනෙක්ට තේරෙනවා එක් එක් විෂයන් අතර සමබරතාව රැකගන්න සෑහෙන්න උත්සහයක් අරගෙන තියනවා කියල ඒක ඇතුළෙ. අනික් දේ තමයි ඉතිහාසය නැති කරහම යහපත් මනුස්සයෙක් හදන්න යන මිෂන් එක නවතී ද කියල. රිෆෝම් එකට අනුව නම්  9 පංතිය වෙනකන් ඉතිහාසය අනිවාර්යයි. 10 සිට ඒක තෝරා ගන්න පුලුවන් විෂයක් වෙලා  තියනවා. මේ ⁣රිෆෝම් එකේ තියන හොඳ ම දේ තමයි 10 වසර වෙද්දි ශිෂ්‍යා තමන්ගෙ ස්ට්‍රීම් එකට ෆෝකස් වෙනවා. ඒක ළමයට තියන බර අඩු කරන වගෙ ම ළමයෙක්ගෙ හැකියාව ඉක්මනින් වර්ධනය කරන්න ඉවහල් වෙනවා. ඒකෙද්දි ත් ආයෙම ඉතිහාසය හරි වෙනත් අනිවාර්ය විෂයක් ගණනාවක් අනිවාර්යය කර කර තවදුරටත් ළමයව තමන්ගෙ ස්ට්‍රීම් එකට පිටින් තියන සබ්ජෙක්ට් එකකට හිර කරන එක මනෝවිද්‍යාත්මක ව වගෙ ම සමාජ ආර්ථික වශයෙනුත් සීමා කිරීමක්. ඒ වගෙ ම, උසස් පෙළ මට්ටමේදී පවා ශිෂ්‍යාට අනික් විෂය ධාරවන්ට අයත් විෂයක් කිරීම මේ රිෆෝම් එකෙන් අනිවාර්ය කරල තියනවා. උදාහරණයක් විදිහට සාමන්‍ය පෙළ පෙළ විද්‍යා ධාරාවෙන් කරන ශිෂ්‍යයෙක් හියුමනිටීස්, සෝශල් සයන්ස් කැටගරියෙන් විෂයක් තෝර ගන්න ඕනි. උසස් පෙළේදිත් අනික් සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකකින් තෝරගෙන ඉන්ටර් ඩිසිප්ලීනරි සබ්ජෙක්ට් එකක් විදිහට පවා කරන්න අවකාශය හදල තියනවා.

මේ වගේ තත්වයක් තියෙද්දිත් ඉතිහාසය 10 වසරේ ඉඳන් තෝරගන්න සබ්ජෙක්ට් එකක් වුණු එක ගැන ඔහේ කියවනවා. මේ විරුද්ධ අයගෙන් එක කොටසක් ජාතිවාදී වගේ ම සිංහල බෞද්ධ ආස්ථානයකින් කතා කරනවා. එයාල කියන්නෙ සිංඑල බෞද්ධ හරය රකින්න මේක තියෙන්න ඕනි කියල. අනික් කොටස අධ්‍යපනයෙන් හොඳ පුරවැසියෙක් හදන්න තියන ප්‍රොජෙක්ට් එක ඉතිහාසය අයින් කරහම නැති වෙනවා කියල කියනවා. අන්ත දෙකකින් මේ දෙගොල්ලම ඉතිහාසය කියන තනි විෂයකින් යහපත් පුරවැසියෙක් වගෙ ම ජාතිකවාදී (/ජාතීවාදී) පුරවැසියෙක් හැදෙයි කියල හීන දකිනවා. ඒත් එහෙම තනි විෂයකින් එහෙම දෙයක් වෙන්නෙ නෑ. ඒක වෙනවනම් වෙන්නෙ සමස්ත අධ්‍යපන පද්ධතියෙ දායකත්වයකින් මිසක් තනි විෂයක් නිසා නම් නෙවෙයි. ඒ වගෙ ම ලංකාවෙ උගන්නන ඉතිහාසය නිසා ජාතිවාදය ඇතිවෙනවා කියල හිතනවනම් ඒක හරිම වැරදි කියවීමක්. ලංකාවේ ජාතිවාදය මුලින් ම ඇති වෙන්නෙ පවුලෙන් සහ පන්සලෙන්. ඊට පස්සෙ පාසලට. ඒකෙදි මහ සමාජයෙ අගතීන් එක්ක වැඩිහිටි වුණු ගුරුවරුන්ට දරුවන් නිරාවරණය වෙනවා. ඉතිං එහෙම තත්වයක් ඇතුළෙ ලිහිල්, තමන්ට ඕනි දෙයක් කියන්න පුලුවන් ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය ඇතුළෙ  ගුරුවරු එයාලත් එයාලගෙ දෙමාපියාගෙන්, පවුලෙන්, පන්සලෙන් ඉගෙන ගත්ත අවධිමත් දැනුමක් මේ ළමයිට දෙසා බානවා. විද්‍යා ගුරුවරයා පවා මේ අර්ථයෙන් වැටෙන්නෙ අර කිව්ව ගෝත්‍රික ගොඩට. ඉතිං, ඉතිහාසය කොහොම ඉගැන්නුවත් එකෙන් ළමයා පාඩම් කරල මෙච්චරකල් විභාගෙට ලිව්ව මිසක් අබමල් රේණුවක් සිංහල බෞද්ධ සංස්කෘතියක්වත්, යහපත් පුරවැසියෙක්වත් හදන්න දායක වෙලා නෑ. ඉතිහාසය තිබ්බත් නැතත්, ගැටලුව තියෙන්නෙ අධ්‍යාපන පද්ධතියෙ. ඉතිං, මාර සිංහල බෞද්ධ සිලබස් එකක් හදල ළමයා සිංහල බෞද්ධයෝ කරන් හැදුවත්, මාර යහපත් සමාජයකට අවශ්‍ය ඉතිහාසය සිලබස් එකක් හදල යහපත් පුරුවැසියො හැදුවත් හැදුවත් ඔය දෙක ම ෆේල් වෙනවා. මොකද මෙච්චකල් ළමයින්ගෙ ආකල්පය හැදුවෙ සිලබස් එකට පිටින් ගුරුවරය ගෙදරින් ගෙනත් කියන යල්පැන ගිය අදහස් ටික. ඒක වෙනස් කරන්න මේ රිෆෝම් එක සෑහෙන්න තරමක යෝජනා ප්‍රමාණයක් කරල තියෙනවා කියල බැලූ බැල්මට පේනවා. මේක හරියට ම තීරණය කරන්න වෙන්නෙ කොච්චර ප්‍රබල විදිහට ආණ්ඩුවට මේක පහළට දියත් කරන්න පුලුවන් ද කියන එක මත.

එක එක ගොඩ වෙද්දු කියන පදනම් විරහිත කතන්දරවලට රිෆෝම් එකක් රිවස් කරන්න ඕනි නෑ. ඉතිහාසය මාර විෂයක් තමයි කියල අර කලින් තමන්ගෙ පවුලෙන් හරි ගුරුවරුයෙක් හරි නැති නම් සමාජෙ කොහෙන් හරි අහුල ගත්ත දෙයක් 21 වන සියවසටත් උස්සගෙන ඇවිත්, ඒ කෑල්ල විතරක් අහුලගෙන කෑගහනවා. මේ ඝෝෂාව මධ්‍යයේ අදාළ දේ  කරන එකයි වඩාත් හොඳ දේ හැටියට පේන්නේ.

ඉසුරු උදාකර යකන්දාවල

Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි. දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි...

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි.... මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි. ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස...