ලංකාවෙ ආර්ට් ගැන තියෙන පසුගාමීම අදහස තමයි මේ තියෙන්නෙ. මේක මටත් නමය දහයෙ පන්තිවලදි දැඩිව තිබ්බ එකක්. ඒකෙ දි හිතන්නෙ ආර්ට් කියන්නෙ මාර පූජනීය දෙයක්. ඒ කිලිටි කරන්න දෙන්න බෑ. මිනිස්සු විදග්ධ, උසස් රසවින්දනයක් ඇති දේවල් විතරක් කරන්න ඕන කියල. ඒත් ඇත්තට ම ආර්ට් කියන්නෙ විනෝදය එක්ක බැඳුනු දෙයක්. ගණිකාවක් වගේ අතින් අත හුවමාරුවෙන, ධනවතුන්ගේ හා බේබද්දන් එක්ක යහන්ගත වෙන්න බැරි පොදු සමාජයේ රසවින්දනය හදන්න බැරි මිනිසාට සේවය කරන්ව බැරි ආර්ට් එකකින් ඇති වැඩේ මොකක් ද? මිනිස්සු ආර්ට් එකක් පූජනීය ද වන්දනීය ද කියල තීරණය කරන්නෙ තමන්ගෙ රසවින්දනය මතයි. එහෙම නැතුව වෙන මිනුම් දණ්ඩක් නෑ. සම්භාව්‍ය උනත් නැතත් ඒක තීරණය වෙන්නෙත් තමන්ගෙ රසවින්දය හා කියවීම මත. එතන ආර්ට් වර්ක් එකක් මිනිස්සුන්ගෙ පරිභෝජන භාණ්ඩයක් වෙලා ඉවරයි. මගේ රසවින්දනය තමයි උසස්, අනික් කෙනාගෙ රසවින්දනය පහත්, එයාලා ආර්ට් රසවිදින්න ඕනි මෙහෙමයි කියල නිර්ණායක ගහන තැන ම තියෙන්නෙ ග්‍රෝත්‍රිකභාවයක්. ආර්ට් කරන මිනිස්සුත් මේ මනස්ගාත විශ්වාස කරන්න ගියහම හැදෙන්නෙ ආර්ට් නෙවෙයි වෙන එකක්.
රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ. රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ දකින්න පුලුවන්. රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ. කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

Comments
Post a Comment