Skip to main content

බස් ගැන බසක්

බස්, ත්‍රීවීල්වල මොඩිෆිකේෂන් කරපුව ගලවගෙන යනවා කියල සමාජ මාධ්‍ය ඇතුළෙ දවස් කීපෙක ඉඳන් කතාව. මේක ඇත්තටම සමාජය ඇතුළෙ දෙපැත්තට බෙදාගෙන කතා කරන්න දෙයක් නෑ. මොනවම හරි ධාවනයෙදී ගැටලුකාරී වෙන දෙයක් නම් ගලවලන්න ඕනි. ඒක සාමාන්‍යයි. හැබැයි ඊයෙ එහා ගියපු තමන්ට ගන්න බැරි ආතල් එකක් අනුන් ගන්නවට විරුද්ධ වීම කියන එක මේකෙදී හොඳට පේනවා. බස් ඇතුළෙ ගොඩක් වෙලාවට සවුන්ඩ් සිස්ටම් දාලා, ලයිට් සිස්ටම් දාලා හදන්නෙ ට්‍රිප් ෆෝකස් කරගෙන. කවුරු උනත් සීට් හොඳට තියන, නටන්න, DJ ලයිට් එකක් තියන,සවුන්ඩ් තියන බස් එකක් තමයි බලන්නෙ ට්‍රිප් එකක් යනවනම්. අනික තමයි මොඩි⁣ෆයි කරන එකෙන් බස් එනට එන ඉල්ලුම. විනෝද ගමන් ආර්ථිකය මූලික කරල තමයි මේ මොඩිෆීකේෂන්කරණය වෙන්නෙ. ඒ සම්බන්ධ කරණාවලදී බස් ධාවනයට ගැටලුවක් නැත්නම් බස් වින්ඩ්ස්ක්‍රීන් කවර් වෙන්නෙ නැත්නම් මොඩි⁣ෆිකේෂන් කියන එකේ ගැටලුවක් වෙන්න විදිහක් නෑ. 



හැබැයි සෝශල් මීඩියාවල ලංකාවේ හැමදාම වගේ පේන්න තියෙන්නෙ වෙන කාගෙ හරි ආතල් එකක් දරන්න බැරුව ඒ ආතල් එකට ගේම දෙන්න මානසිකත්වය උඩට ඇවිල්ල තියනවා කියන එක. ඒ වගේ ම බස් සම්බන්ධ මජර සංස්කෘතිය ටෙන්ඩර් ප්‍රොසෙස් එකේ ඉඳන් ව්‍යුහාත්මක ව හදන්නෙ නැතුව ජනතාව වාහාන මොඩිෆිකේෂන් කරල අනුන් ගන්න ආතල් එක ප්‍රශ්න කරන්න යනවා. මටත් බස් සංස්කෘතිය ගැන කිසිම ආතල් එකක්, හැඟීමක් නෑ. හැබැයි එහෙමයි කියල නීත්‍යනුකූල, හානි දායක නොවෙන ආතල් එකක් කඩන එක මගේ අභිලාෂය වෙන්න ඕනි නෑ. සමාජය ඇතුළෙ තියෙන්නෙ තමන්ට ට්‍රීවිල් එකකට, බස් එකක් තනියම මිළඳී ගන්න බැරි, තමන් අකමැති, තමන්ට අයිති වෙන්න බැරි ආතල් එකක් පොලි⁣සියෙන් හරි කඩල දායි කියල බලන් ඉන්න එක. ඔය අයිඩියෝලොජි එක ක්ලීන් කරගන්නකන් ලංකාව නම් ක්ලීන් වෙන්නෙ නෑ. 

- ඉසුරු උදාකර යකන්දාවල


Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි. දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි...

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි.... මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි. ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස...