බස්, ත්‍රීවීල්වල මොඩිෆිකේෂන් කරපුව ගලවගෙන යනවා කියල සමාජ මාධ්‍ය ඇතුළෙ දවස් කීපෙක ඉඳන් කතාව. මේක ඇත්තටම සමාජය ඇතුළෙ දෙපැත්තට බෙදාගෙන කතා කරන්න දෙයක් නෑ. මොනවම හරි ධාවනයෙදී ගැටලුකාරී වෙන දෙයක් නම් ගලවලන්න ඕනි. ඒක සාමාන්‍යයි. හැබැයි ඊයෙ එහා ගියපු තමන්ට ගන්න බැරි ආතල් එකක් අනුන් ගන්නවට විරුද්ධ වීම කියන එක මේකෙදී හොඳට පේනවා. බස් ඇතුළෙ ගොඩක් වෙලාවට සවුන්ඩ් සිස්ටම් දාලා, ලයිට් සිස්ටම් දාලා හදන්නෙ ට්‍රිප් ෆෝකස් කරගෙන. කවුරු උනත් සීට් හොඳට තියන, නටන්න, DJ ලයිට් එකක් තියන,සවුන්ඩ් තියන බස් එකක් තමයි බලන්නෙ ට්‍රිප් එකක් යනවනම්. අනික තමයි මොඩිෆයි කරන එකෙන් බස් එනට එන ඉල්ලුම. විනෝද ගමන් ආර්ථිකය මූලික කරල තමයි මේ මොඩිෆීකේෂන්කරණය වෙන්නෙ. ඒ සම්බන්ධ කරණාවලදී බස් ධාවනයට ගැටලුවක් නැත්නම් බස් වින්ඩ්ස්ක්‍රීන් කවර් වෙන්නෙ නැත්නම් මොඩිෆිකේෂන් කියන එකේ ගැටලුවක් වෙන්න විදිහක් නෑ.
හැබැයි සෝශල් මීඩියාවල ලංකාවේ හැමදාම වගේ පේන්න තියෙන්නෙ වෙන කාගෙ හරි ආතල් එකක් දරන්න බැරුව ඒ ආතල් එකට ගේම දෙන්න මානසිකත්වය උඩට ඇවිල්ල තියනවා කියන එක. ඒ වගේ ම බස් සම්බන්ධ මජර සංස්කෘතිය ටෙන්ඩර් ප්‍රොසෙස් එකේ ඉඳන් ව්‍යුහාත්මක ව හදන්නෙ නැතුව ජනතාව වාහාන මොඩිෆිකේෂන් කරල අනුන් ගන්න ආතල් එක ප්‍රශ්න කරන්න යනවා. මටත් බස් සංස්කෘතිය ගැන කිසිම ආතල් එකක්, හැඟීමක් නෑ. හැබැයි එහෙමයි කියල නීත්‍යනුකූල, හානි දායක නොවෙන ආතල් එකක් කඩන එක මගේ අභිලාෂය වෙන්න ඕනි නෑ. සමාජය ඇතුළෙ තියෙන්නෙ තමන්ට ට්‍රීවිල් එකකට, බස් එකක් තනියම මිළඳී ගන්න බැරි, තමන් අකමැති, තමන්ට අයිති වෙන්න බැරි ආතල් එකක් පොලිසියෙන් හරි කඩල දායි කියල බලන් ඉන්න එක. ඔය අයිඩියෝලොජි එක ක්ලීන් කරගන්නකන් ලංකාව නම් ක්ලීන් වෙන්නෙ නෑ.


Comments
Post a Comment